Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාව තුළ සිදු වෙන අසාධාරණ භාණ්ඩ මිළ ඉහල යාම ගැන වාර්තාවක්: පෙබ 08 'කාලීන විග්‍රහය'

cost of living
Source: Pixabay / Pixabay -public domain

ජිවන වියදම වැඩි වීමට හැමෝම දොස් පවරන්නේ උද්ධමනය දිහාවට. නමුත් ඕස්ට්‍රේලියානු වුර්තිය සමිති කෞන්සලය විසින් ඉදිරිපත් කරළ වාර්තාවකින් පෙනවා දෙන්නේ ඒ දේ අනිත් පැත්තට සිද්ද වෙනවා නම් එකත් ඇත්තක් කියලයි. හිටපු ඕස්ට්‍රේලියානු පරිබෝගික කොමිසමේ ප්‍රධානියා වන මහාචාර්ය ඇලන් ෆෙල්ස්, ඕස්ට්‍රේලියාව තුළ සිද්දවෙන අසාධාරණ භාණ්ඩ මිළ ඉහල යාම පිළිබද වාර්තාවක් ඉදිරිපත් කළා


Published

Updated

By Kavindya Umayanganee Chandrasoma, Rania Yallop

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS




Share this with family and friends


ජිවන වියදම වැඩි වීමට හැමෝම දොස් පවරන්නේ උද්ධමනය දිහාවට. නමුත් ඕස්ට්‍රේලියානු වුර්තිය සමිති කෞන්සලය විසින් ඉදිරිපත් කරළ වාර්තාවකින් පෙනවා දෙන්නේ ඒ දේ අනිත් පැත්තට සිද්ද වෙනවා නම් එකත් ඇත්තක් කියලයි. හිටපු ඕස්ට්‍රේලියානු පරිබෝගික කොමිසමේ ප්‍රධානියා වන මහාචාර්ය ඇලන් ෆෙල්ස්, ඕස්ට්‍රේලියාව තුළ සිද්දවෙන අසාධාරණ භාණ්ඩ මිළ ඉහල යාම පිළිබද වාර්තාවක් ඉදිරිපත් කළා


භාණ්ඩ මිළ , නිවාස කුලී, ගමනාගමනය දිහා බැලුවම අනිත් රටවල් වලට වඩා ඕස්ට්‍රේලියාව හැමදාමත් ජිවන වියදම වැඩි රටක් විදියට දකින්න පුළුවන්. එත් එක්කම, ඉහල වැටුප් සහ ගුනාත්මක බැවින් වැඩි ජිවන රටාවක් වගේ වාසි සහගත තත්වත් අත් විදින්න පුළුවන්.

පහුගිය වසර 4 ඇතුළත මේ සමබරතාව ගිලිහෙන්න පටන් ගත්තා.

රටේ විශාලතම නගරය වන SYDNEY වල ඇතැම් පිරිස් සමග කල සකච්ඡා හරහා ලබාගත් තොරතුරු වලින්, ඕස්ට්‍රේලියාවේ තියන දරුණුම ප්‍රශ්නය ජිවන වියදම බවට වටහාගෙන තිබෙනවා.

ඉන් එක් අයෙක් සියලළු ම ද්‍රව්‍ය වල වටිනාකම, ඒවා කලින් පැවතී මිළ ට වඩා 20%කින් වත් මිළ ඉහල ගොස් ඇති බව සහ සුපිරි වෙළදසල් වල මිළ ත් මෙලෙසම ඉහල යාමක් පමණක් සිදුවන බව පවසනවා.

මෑතකදී වැඩි වුන උද්දමනයට හේතුව ලෙස සලකන්නේ කොවිඩ් වසන්ගත තත්වයයි.

මේ තත්ත්වය නිසා භාණ්ඩ සැපයුම් ජාල දැඩි පීඩාවකට ලක් වුණා.

හිටපු ඕස්ට්‍රේලියානු පරිබෝගික කොමිසමේ ප්‍රධානියා වන මහාචාර්ය ඇලන් ෆෙල්ස් පවසන්නේ බඩු මිළ ඉහල යාමට තවත් සාදක බලපාන බවයි. මිළ ගණන් වල භූමිකාව, මිළ සැකසීම හා ලාභ ලබා ගැනීම උද්ධමනයට සම්බන්ද වෙන ආකාරය පිළිබද කිසිවෙක් නොතකන බවද ඔහු පැවසුවා.

මහාචආර්ය ෆෙල්ස් අසාමාන්‍ය බැඳ මිළ ඉහල දමිම පිළිබද වාර්තාවක් පියෙ දිනයේ එනම් පෙබරවාරි 7 වන දා නිකුත් කලා. ඔහු පවසන්නේ ව්‍යාපාර මේ උද්ධමනය ඉහල යාමට දායක වී ඇති බවයි.එමෙන් ම එයට; මුදල් ප්‍රතිපත්තිය, යුද්ධය, සහ ව්‍යාපාර විසින් මිළ ගණන් සැකසීම හරහාත් උද්ධමනය වැඩි වෙන්න පුළුවන් බවත් ඔහු පවසනවා.

ඕස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක ඇන්ඩෲ මැකෙලර්, ව්‍යාපාර ඕස්ට්‍රේලියානුවන්ගෙන් වාසි ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි

මකෙල්ලර් පවසනන්නේ ජිවන වියදම පමණක් නොවෙයි ව්‍යාපාර වියදම් ද වැඩි තිබෙන බවයි. මෙය සමස්ත ආර්ථිකයේම පසු බෑමක් බවද ඔහු පවසනවා.

ක්‍රමයෙන් උද්ධමනය පහල වැටෙන ආකාරය දැන් අපට දැක ගන්නට පුළුවන්, නමුත් උද්ධමනය නැති කරලා, ව්‍යාපාරයන්ට ඉදිරියේදී පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න නම් මුලික ප්‍රහිසන්ස්කරන කිහිපයක් සිදු කරන්නට සිද්ධ වෙන බවත් ඔහු පවසනවා.

මෙම වර්තාවන් සහ ඒවාගෙන් රෙකමදාරු කරන කරුනු පිලිබද තමන්ට සැකයක් ඇති බවත්, මෙය වුර්තිය සමිති සන්ගමය විසින්ව්‍යාපාර මත අනියත බරක් පටවන්නට පෙර සිට ම සුදානමින යුතුව කල දෙයක් බවත් මැකෙල් කියා සිටියා.

මහාආචර්‍ය ෆෙල්ස් පවසන්නෙ ඕස්ට්‍රේලියානු ආර්ථික ප්‍රතිපත්තිය විසින් මේ අසාධාරණ ලෙස මිළ ඉහල යෑමට ඉඩ සලස්වා ඇති බවයි. ඊට අමතරව දීරගකාලීනව වෙලදපළ ඒකාධිකාරයක් මතුවීමට ඉඩ හැරීම සහ ඒකාබද්ධ කිරීම්වලට ඉඩ දීම සිදු වන බවයි. ඒ වගේම ඇමරිකාවේ වගේ මහා ව්‍යාපාර බිද දමන්නට ඔවුනට බලයක් නැහැ. සහ මිළ නියාමනය කිරීමටත් ඔවුනට බලයක් නැති බවත් ඔහු ප්‍රකාශ කලා.

එත් එක්කම ෆෙල්ස කියනවා, ෆෙඩෙරල් ආණ්ඩුව පාරිබොගිකයව ආරක්ෂා කරන්නට පියවර ගත යුතුයි සහ මේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් කල යුතු බව. ඔහු තවදුරටත් කියනවා භාන්ඩ මිළ පාලනයට වඩා මේ සම්බන්දයෙන් කල හැකි දෙවල් තියෙන බව. සහ තරගකාරී ප්‍රතිපත්ති ශක්‍තිමත් කරල රජය විසින්මත් මේ ගැන බලා ගන්නත් අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කලා.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම සටහනක් ඉදිරිපත් කරමින්, වැදගත් ආර්ථික ප්‍රතිපත්ති ගැටළු සඳහා මෙම වාර්තාවෙන් සිදුවන පුළුල් දායකත්වයන් ඔවුන් උනන්දුවෙන් සමාලෝචනය කරන බව ප්‍රකාශයට පත් කලා.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now