රියදුරුගේ ආදායමට අනුව ඔස්ට්‍රේලියාව තුල මර්ගනීති කඩකිරීම් සඳහා දඩ නියම කිරීමට යෝජනාවක්

2024-10-24_18-03-57.png

A new report has called for changes to Australia's traffic fine model, which it says currently "criminalises poverty". Source: AAP / Dave Hunt

ඕස්ට්‍රේලියාවේ රථවාහන නීති කඩ කිරීම් සඳහා වන දඩ නියම කිරීම් වරද කරුගේ ආදායමේ ප්‍රමාණයට අනුව වෙනස්විය යුතු බවට විශේෂඥයන් පිරිසක් පවසා සිටිනවා.


ඕස්ට්‍රේලියාවේ රථවාහන නීති කඩකිරීම් සඳහා නියම කෙරෙන දඩ අඩු ආදායම් ලබන ජනතාවට දරාගත ගත නොහැකි තත්වයක් පවතින බව සොයාගෙන තිබෙනවා. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් ගැටලුව හේතුවෙන් අඩු ආදායම් ලබන ජනතාවට මෙවැනි දඩ ගෙවීම් ඉතා අපහසු කාර්යයක් වී ඇති බව හෙළිවී තිබෙනවා.

මෙහිදී අඩු ආදායම් ලබන ජනතාවට වර්තමානයේ මෙවැනි දඩයක් ලැබීම සිදු උවහොත් ඒ හරහා ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීම් සඳහා පවා බාධා එල්ලවන බව මෙම විශේෂඥයන් පවසා සිටිනවා.

මේ අනුව දඩ නියම කිරීමේදී වරදකරුගේ අදායම් මට්ටම සලකා බැලීමක් සිදුකිරීමට ඔවුන් යෝජනා කර සිටිනවා. එහිදී අදාළ වරද සඳහා නිෂ්චිත දඩ මුදලක් නියම වන අතර ආදායම් තත්වය අනුව දඩ මුදල අඩු හෝ වැඩිවීමක් සිදුකිරීමට බලධාරීන්ට බලය පැවරීමක් සිදුවනවා. මේ අනුව අඩු ආදායම් ලබන ජනතාවට දඩ මුදල් ගෙවීමේදී වට්ටමක් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මීට අමතරව මෙම යෝජනා වලට අනුව ඉහල ආදායම් ලබන අය සඳහා ඉහළ දඩ මුදලක් අයකිරීමටද යෝජනා වී තිබෙනවා.

වර්තමානය වනවිට NSW ප්‍රාන්ත රජය විසින් ඇතැම් රථවාහන දඩ නියම කිරීම් සිදුකර ඇති අඩුආදායම් ලාබීන් සඳහා 50% ක වට්ටම් ලබාදීමක් සිදුකරනවා.

මෙම විශේෂන්ගයෙන්ගේ නව යෝජනා වලට අනුව රථවාහන දඩ නියම කිරීමේදී ආදායම මත පදනම්ව අයකෙරෙන දඩ මුදලේ ප්‍රමාණය පහත දැක්වෙන පරිදි වෙනස් වනවා.

  • NSW: $75 සිට $885 දක්වා (වර්තමාන දඩය $361)
  • Victoria: Between $75 සිට $850 දක්වා (වර්තමාන දඩය $330)
  • Queensland: $75 සිට $829 දක්වා (වර්තමාන දඩය $266)
  • Western Australia: $75 සිට $917 දක්වා (වර්තමාන දඩය $200)
  • South Australia: $75 සිට $750 දක්වා (වර්තමාන දඩය $406)
  • Tasmania: $75 සිට $804 දක්වා (වර්තමාන දඩය $150)
  • ACT: $75 සිට $750 දක්වා (වර්තමාන දඩය $489)
  • Northern Territory: $75 සිට $849 දක්වා (වර්තමාන දඩය $300)

දඩ අයකිරීම සඳහා මෙය වඩාත් සාධාරණ ක්‍රමයක් ලෙස මෙම විශේෂඥයන් පෙන්වා දෙනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now