මූල්‍ය උපදේශනය යනු මූල්‍ය දුෂ්කරතා අත්විඳින පුද්ගලයින්ට ඔවුන්ගේ ණය සම්බන්ධයෙන් ප්‍රායෝගික උපදෙස් සහ සහාය ලබා දෙන මූල්‍ය උපදේශකයින් ලෙස හැඳින්වෙන දක්ෂ වෘත්තිකයන් විසින් සපයනු ලබන නිදහස්, රහස්‍ය සහ ස්වාධීන සේවාවකි. මෙම මූල්‍ය උපදේශන ආයතනය සඳහා අරමුදල් සපයනු ලබන්නේ ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විසිනි. මෙය සේවා ලබා ගන්නා ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන සේවාවකි.
මූල්‍ය උපදේශකයකුට ඔබට ලබාදිය හැකි සේවාවන් මොනවාද කියල අපි දැන් බලමු.
- ඔවුන්ට ඔබේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් කිරීමට හැකියාව තිබේ. මෙහිදී ඔවුන් ඔබේ නිත්‍ය ආදායම් සහ වියදම්, වත්කම් සහ ණය වගකීම් සලකා බැලීමක් සිදුකෙරේ.
- ගෙවීම් වලදී ප්‍රමුඛතා වන්නේ කුමන ණයද යන්න තේරුම් ගැනීමක් සිදු වේ.
- එසේම ඔබ සමඟ එකතුවී මුදල් සැලැස්මක් ගොඩනැගීමටද ඔවුන් සහය ලබා දේ.
- ඔබට පවතින ණය අර්බුධය සම්බන්දයෙන් ඔබට තිබිය හැකි විකල්ප, අයිතිවාසිකම් සහ ඔබේ වගකීම් පිළිබඳ ඔබට උපදෙස් සැපයීම සිදුකරනවා.
මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔවුන් ඔබේ ණයහිමියන් හා මූල්‍ය ආයතන සමඟ සෘජුවම සාකච්ඡා කිරීම සහ ඔබ වෙනුවෙන් පෙනී සිටීමයි
මෙහිදී ණය එකතු කිරීමේ ආයතන සමග ණය සම්බන්දයෙන් එකඟ තාවයට පැමිණීමට කටයුතු කිරීමේ හැකියාව ඔඋන්හට පවතී. ඔවුන් මෙමෙ ගනුදෙනු සම්බන්ද සාකච්චා සඳහා විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා. මේ නිසා ඔබ විසින් ණය එකතුකිරීමේ ආයතනයක් සමග සාකච්චා කිරීමට වඩා ඔබ වෙනුවෙන් ඔබේ මූල්‍ය උපදේශක වරයා සාකච්චා කිරීම ඔබට වාසි සහගත තත්වයක් උදා කර දිය හැකියි.

ඔබේ තත්වය සලකා බලා අවශ්‍ය නීති සේවා, සෞඛ්‍ය සේවා ආහාර සහ නවාතැන් සේවා වැනි ඔබට අවශ්‍ය විය හැකි වෙනත් සේවාවන් වෙත ඔබව යොමු කිරීමට කටයුතු කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබේ.
කෙසේ උවත් සමහර සේවාවන් ඔවුන් විසින් සායන්නේ නෑ. විශේෂයෙන්ම ආයෝජන උපදෙස් ලබා දීම, බදු වාර්තා සැකසීම හෝ මුදල් ණයටදීම ඔවුන් අතින් සිදුනොවේ.
ඔවුන් ගේ සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අතර මෙම සේවාවන් සඳහා තෙවන පාර්ශවයන්ගෙන් කිසියම් කොමිස් මුදලක් ලබාගැනීමක් සිදුනොවේ.1800 007 007 ඔස්සේ ඔබට National Debt Helpline හි මූල්‍ය උපදේශකයකු හා සම්බන්ද විය හැක.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
· SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
· SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP එකෙන් (Free)





