Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලොව විශාලතම කේක් තරඟයේ දී ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වමින් ජය ලැබූ ආශිනී විජයනෙත්ති

ashini.jpg

Images Supplied: Ashini Wijayaneththi

පසුගිය දා එක්සත් රාජධානියේ පැවති Cake International තරඟයේ දී ආශිනි විජයනෙත්ති රන් සම්මානය දිනා ගත්තා. ඇය මේ කේක් නිර්මාණයට තේමා කරගෙන ඇත්තේ මහාසම්මත රජු සහ මැණික්පාළි බිසව ආශ්‍රිත වෙස්මුහුණු සම්ප්‍රදායේ උපත පිළිබඳ කතාන්දරයයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඇගේ පළමු ජයග්‍රහණය මෙය නොවෙයි. ආශිනී SBS සිංහල සේවය සමඟ එක්ව සිය සතුට බෙදාගත් කතාබහට ඔබත් සවන් දෙන්න:


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


පසුගිය දා එක්සත් රාජධානියේ පැවති Cake International තරඟයේ දී ආශිනි විජයනෙත්ති රන් සම්මානය දිනා ගත්තා. ඇය මේ කේක් නිර්මාණයට තේමා කරගෙන ඇත්තේ මහාසම්මත රජු සහ මැණික්පාළි බිසව ආශ්‍රිත වෙස්මුහුණු සම්ප්‍රදායේ උපත පිළිබඳ කතාන්දරයයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඇගේ පළමු ජයග්‍රහණය මෙය නොවෙයි. ආශිනී SBS සිංහල සේවය සමඟ එක්ව සිය සතුට බෙදාගත් කතාබහට ඔබත් සවන් දෙන්න:


මම හරි ආසයි වෙස්මුහුණුවලට ලංකාවේ තියෙන. මම විශ්වවිද්‍යාලෙ ඉද්දි මගේ උපාධි නිබන්ධනය කරෙත් වෙස්මුහුණු කර්මාන්තය ගැන. ඉතින් මට හිතුණා මගේ හැකියාව හොඳින් පෙන්වන්න පුළුවන් වෙස්මුහුණු වගේ දෙයක් මේ නිර්මාණයට එකතු කරගත්තොත් කියලා...
1 (1).jpg
Image Supplied: Ashini Wijayaneththi
මම මොරටුව විශ්වවිද්‍යාලයෙන් මෝස්‌තර නිර්මාණ ශිල්පය උපාධි පාඨමාලාව හැදෑරුවා. ඒකත් මට ලොකු පිටුවහලක් වුණා කේක් සම්බන්ධ නිර්මාණවලට. කේක් මං කොහෙන්වත් පන්ති ගිහින් ඉගෙනගෙන නැහැ. මම දැකලා තියෙනවා අම්මා කේක් හදනවා ගෙදර... ඊටේ අමතරව පුංචි කාලේ පත්තරවලින් බලලා කේක් හදන්න ඉගෙනගත්තා.
r0_0_5472_3648_w1200_h678_fmax (1).jpg
Image Supplied: Ashini Wijayaneththi
පුංචි කාලේ මට ලැබුණු නිදහස සහ අගය කිරීම් නිසා තමයි අද මට මේ තැන ලැබිලා තියෙන්නේ. ඊට අමතරව ලංකාවේ දී මට ලැබුණු නිදහස් අධ්‍යාපනය.. පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
576078194_1341832306823669_895102708393988534_n.jpg
Image Supplied: Ashini Wijayaneththi

——————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now