Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබේ Tax Return එක දැන් යොමු කරන්න, නමුත් මේ ටික සිහියේ තබාගන්න: ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් විශේෂ උපදෙස්

How will businesses get tax relief from the Australian budget 2022-23

Source: Getty / Getty Images

යම් ආදායමක් අතින් එකතු කිරීමට අවශ්‍ය විය හැකි නම් එම තොරතුරු ඔබ විසින් ඇතුල් කිරීමට හැකි බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසීය.


සංකීර්ණ නොවන සහ සෘජු ආදායම් ලබන බදු ගෙවන්නන්ට ඔවුන්ගේ වාර්ෂික ආදායම් බදු වාර්තා (tax returns) ඉදිරිපත් කිරීමට දැන් කාලය එළඹ ඇතැයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) නිවේදනය කර තිබේ.

සරල කටයුතු සහිත බොහෝ බදු ගෙවන්නන් ඔවුන්ට tax return එක ඉදිරිපත් කිරීමට අවශ්‍ය තොරතුරු වලින් බොහෝ කොටසක් බදු කාර්යාලය විසින් මේ වන විට පද්ධතියේ පුරවා ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසීය.

"සේවා යෝජකයින්, බැංකු, පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂකයින්, කොටස් ලියාපදිංචි කිරීම් සහ වෙනත් ආයතන වලින් අප රැස් කරන බොහෝ තොරතුරු දැන් පද්ධතියට යොමු කර අවසන්. එබැවින්, ඔබේ මූල්‍ය කටයුතු තරමක් සරල නම්, ඔබට ඔබේ tax return එක ඉදිරිපත් කිරීමට දැන් හැකියාව තිබෙනවා. නමුත් ඔබ එය ඉදිරිපත් කිරීමට පෙර ඔබේ විස්තර නිවැරදි දැයි පරීක්ෂා කර බැලිය යුතු බව මතක තබා ගන්න." ලෙස සහකාර කොමසාරිස් Tim Loh බදු ගෙවන්නන්ට සිහිපත් කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔබ ලියාපදිංචි බදු නියෝජිතයෙකු භාවිතා කර හෝ myTax හරහා ඔබ ඔබේ tax return එක යොමු කරන්නේ ද යන්න නොසලකා, ඔබේ tax return එකේ කලින් පුරවන ලද තොරතුරු ස්වයංක්‍රීයව ලබා ගත හැකිය.

යම් ආදායමක් අතින් එකතු කිරීමට අවශ්‍ය විය හැකි නම් එම තොරතුරු ඔබ විසින් ඇතුල් කිරීමට හැකි බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසීය.

උදාහරණ ලෙස, කුලී දේපලවලින් ලැබෙන ආදායම, ඇතැම් රජයේ ගෙවීම් හෝ අමතර ආදායම්.

බදු කාර්යාලයෙන් බදු ගෙවන්නන්ට දුන් උපදෙස්

01. ඔබගේ සියලු ආදායම ඇතුළත් කරන්න:

ඔබ online ක්‍රියාකාරකම් මගින් හෝ, sharing economy මගින් හෝ, ආයෝජනවලින් පොලී, ප්‍රාග්ධන ලාභයක් හෝ කිසියම් කාර්යයක් සඳහා මුදල් ගෙවීමක් ලබා ගත්තේ නම්, ඔබ එම ආදායම ඔබේ බදු වාර්තාවට ඇතුළත් කිරීම අවශ්‍ය වේ.

02. මෙම වසරේ ඔබගේ තත්ත්වයන් තක්සේරු කරන්න:

මෙම වසරේ ඔබගේ රැකියාව හෝ තත්ත්වයන් වෙනස් වී ඇත්නම්, මෙය ඔබගේ හිමිකම් වලින් පිළිබිඹු කිරීම වැදගත් වේ.

බොහෝ දෙනෙක් රාජකාරී සඳහා දැන් නැවත කාර්යාලවලට පැමිණි බැවින්, ඔබ පෙර වසරට වඩා 2022-23 දී නිවසේ සිට රාජකාරී කිරීම අඩුවෙන් කර තිබීම ඊට එක් උදාහරණයකි.

Working from home deductions හෙවත් නිවසේ සිට රාජකාරී කිරීමේදී ඇතිවන වියදම් ගණනය කරන ආකාරය ද වෙනස් වී ඇති බැවින් ඔබට සුදුසු ක්‍රමය කුමක්දැයි සලකා බලන්න.

03. වියදම් සඳහා රිසිට් පත් හෝ වාර්තා තබාගන්න:

රැකියාව සම්බන්ධ වියදමක් සඳහා බදු අඩු කිරීමක් ඉල්ලා සිටීමට නම් එය සනාථ කිරීමට ඔබට එම වියදම සඳහා රිසිට් පතක් හෝ වාර්තාවක් තිබිය යුතුය.

ATO app එක ඔබගේ රිසිට්පත් සහ ඉන්වොයිස්වල ඡායාරූප ඇතුළුව වාර්තා එක තැනක තබා ගැනීම පහසු කරයි.

04. ඔබගේ Notice of assessment ලැබෙන තෙක් රැඳී සිටින්න:

myTax හි හෝ ඔබේ ලියාපදිංචි බදු නියෝජිතයාගෙන් ලැබෙන ඔබේ බදු ඇස්තමේන්තුව ඔබේ අවසන් බදු ප්‍රතිඵලයේ සංඛ්‍යාවලට නොගැලපීමට හැකියාවක් තිබේ.

ඔබට මෙම වසරේ ලැබීමට අපේක්ෂිත බදු ආපසු ගෙවීමක් වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැලසුම් කිරීමට පෙර ඔබේ Notice of assessment ලැබෙන තෙක් රැඳී සිටින ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිර්දේශ කරයි.

 

05. Scams හෙවත් වංචා ගැන විමසිල්ලෙන් සිටින්න:

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ online සේවාවන් වෙත login වීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ඔබට කිසිවිටක link එකක් නොඑවන බව හෝ සමාජ මාධ්‍ය, විද්‍යුත් තැපෑල හෝ SMS හරහා පුද්ගලික තොරතුරු එවන ලෙස ඔබෙන් ඉල්ලා නොසිටින බව මතක තබා ගන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now