World Food Day හෙවත් ලෝක ආහාර දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් 16 වනදාටය.
1945 දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආරම්භ කළ දිනය සැමරීම සඳහා සෑම වසරකම ඔක්තෝබර් 16 වන දින මෙම දිනය ලොව පුරා සමරනු ලබයි.
ලෝක ආහාර වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල ඇතුළුව, කුසගින්න සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සැලකිලිමත් වන තවත් බොහෝ සංවිධාන විසින් මෙම දිනය පුළුල් ලෙස සමරනු ලබයි.
මේ අතර ආහාර නාස්තිය පිළිබඳවද මේ වන විට මුළු මහත් ලෝකයම විශාල වශයෙන් සාකච්ඡා කිරීමට පටන් ගෙන තිබේ.
ලෝක ආකාර දිනය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ ආහාර නාස්තිය සහ ඔබේ නිවසේ සිදුවන ආහාර නාස්තිය වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
ඔස්ට්‍රේලියාවේ ආහාර නිෂ්පාදනය සහ ආහාර නාස්තිය
ඔස්ට්‍රේලියාව සෑම කෙනෙකුම පෝෂණය කිරීමට සරිලන සහ ආහාර අනාරක්ෂිත බව තුරන් කිරීමට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කරන බව ඔබ දන්නවාද?
එමෙන්ම ඔස්ට්‍රේලියාව දැනට සෑම වසරකම ටොන් මිලියන 7.6කට වඩා වැඩි ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණයක් බැහැර කරයි.
එම ප්‍රමාණය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය නව වතාවක් පිරවීමට තරම් ප්‍රමාණවත් බව Foodbank Australia පවසයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එයින් 70% ක් කිසිදු ගැටලුවකින් තොරව ආහාරයට ගත හැකි මට්ටමේ තිබෙන බව ද සඳහන්.
මෙම ආහාර නාස්තිය ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 36.6කට අධික මුදලක පිරිවැයකි.
මේ අතර ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 10% ක් පමණ පැමිණෙන්නේ නිෂ්පාදනය කරන ලද නමුත් අපතේ යන ආහාර මගිනි.
ඔස්ට්‍රේලියාවේ මෙය සෑම වසරකම කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 17.5ක් නියෝජනය කරයි.
වසර 2030 වන විට ආහාර නාස්තිය අඩකින් අවම කිරීමට ඔස්ට්‍රේලියාව එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයට කැපවී සිටී.
ඒ සඳහා සහය වීමට Foodbank Australia ඉදිරිපත් වී තිබේ.
Foodbank මෙහෙයුම් 2022 වසරේදී ආහාර අපද්‍රව්‍ය නිසා විමෝචනයවන ඔස්ට්‍රේලියාවේ කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් මිලියන 86.6ක් පමණ වැළක්වූයේය.
ඔබේ නිවසේ ආහාර නාස්තිය වළක්වාගත හැක්කේ කෙසේද?
ඔස්ට්‍රේලියාවේ ආහාර අපද්‍රව්‍යවලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති වන්නේ නිවස තුළය.
සාමාන්‍ය ඔස්ට්‍රේලියානු පවුලක් සෑම වසරකම සිදුකරන ආහාර නාස්තියේ වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 3,800 පමණ වේ.
අපි බොහෝ විට ආහාර නාස්ති කරන්නේ best-before සහ use-by දින අතර ව්‍යාකූලත්වය නිසා හෝ ඉතිරි වූ ආහාර නැවත රත් කර ආහාරයට ගැනීම ආරක්ෂිත දැයි අපට විශ්වාසයක් නැති නිසා බව Foodbank Australia පවසයි.
නිවසේ සිදුවන ආහාර නාස්තිය අවම කරගැනීම සඳහා මෙම සරල පියවර අනුගමනය කළ හැකි බවද ඔවුහු පවසති.
- ඔබේ පවුලට අවශ්‍ය ආහාර කලින් සැලසුම් කර ඒවා පමණක් මිලදී ගන්න.
- මිලදී ගත ආහාර නියමිත පරිදි ගබඩා කරන්න. අවශ්‍ය නම් කල් ඉකුත්වීමේ දිනට පෙර හෝ use-by දිනයට පෙර හෝ එම ආහාර අධි ශීතකරණයේ දමන්න.
- සෑම විටම කල් ඉකුත්වීමේ දිනය පරීක්ෂා කර එම දිනයට පෙර අදාළ ආහාර පරිභෝජනයට ගන්න.