Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාව පුරාම පවතින ගුරු හිඟය තවදුරටත් ඉහලට: SBS සිංහල 'කාලීන විග්‍රහය' - ජනවාරි 30

Students in school in Queensland

Students in school class room Source: AAP

නව පාසල් වාරය මේ සතියේ ආරම්භ වේ. මේ සමග ඔස්ට්‍රේලියාව තුල පවතින ගුරු හිඟය පිලිබඳ ප්‍රශ්නය නැවතත් අවධානයට ලක්වෙමින් තිබේ .මේ ප්‍රශ්නයට විසදුම් සොයාගැනීමට මද්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් බොහෝ උත්සාහයන් දැරුවද තවමත් මෙයට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකිවී තිබේ. මේ හේතුවෙන් පවතින ගුරු හිඟයත් සමගම නව පාසල් වාරය ආරම්භ කිරීමට සිදුවී තිබේ.


දරුවන් නව පාසල් වාරය සඳහා සූදානම් වුවත් ගුරු හිඟයට ඔස්ට්‍රේලියාව පුරා පාසල් මුහුණදී තිබේ. නවතම වාර්තා පෙන්වා දෙන විදිහට බොහෝ පාසල් පූර්ණ කාලීන සහ තවකාලීන පුරප්පාඩු සඳහා ගුරුවරු සොයාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දෙමින් පවතී.

ප්‍රාන්තයක් ලෙස New South Wales ප්‍රාන්තය මෙම ප්‍රශ්නයට වැඩි වශයෙන් මුහුණ දීල තිබෙනවා. කෙසේ උවත් අනෙකුත් ප්‍රාන්ත වලද ගුරු හිඟය ඉතාම තදින් පවතින බවයි වාර්තා වෙන්නේ.

මේ තත්වය නිසා විශ්‍රාමික ගුරුවරුන් නැවත සේවයට කැඳවන්න බලධාරීන් තීරණය කර තිබේ. Terry Moriarty යනු මෙලෙස නැවත සේවයට කඳවු ගුරුවරයෙක්. Terry අවුරුදු 50ක් ගණිත ගුරුවරයකු ලෙස සේවය කර 2008 දී විශ්‍රාම ගියා. 75 වෙනි වියේ පසුවන ඔහු තාවකාලික ගුරුවරයෙක් ලෙස නැවත සේවයට එක්වී තිබෙනවා.

අවුරුද්ද මුලදී පාසල් වල මෙවැනි තත්වයක් මීට කලින් අත්දැක නොමැති බව ඔහු පවසා සිටියේය. තම වයසේ වගේ ගුරුවරුන්ගේ කාලය අවසන්වී ඇතිබව සිතුවත් නැවත සේවයට ආරාධනා ලැබෙන බව Terry පවසා තිබේ.

2000 ට අධික පූර්ණකාලීන ගුරුවරුන්ගේ හිඟයක් NSW ප්‍රාන්තයේ පමණක් පසුගිය වස‍රේ පැවතුන බව වාර්තා වේ. එසේම ප්‍රාන්තය තුල 10000 ක් පමණ පන්ති අවලංගු කිරීමට හෝ අනෙක් පන්ති සමග එකතුකර පවත්වාගෙන යාමට සිදුව ඇති බවද වාර්තා වේ. නගරයෙන් එපිට ප්‍රාදේශීය ප්‍රදේශවල තත්වය තවත් බරපතල බව වාර්තා වේ.

e 61 ආයතනයේ සමීක්ෂණ වාර්තාවට අනුව ඉහල නිපුනතා මට්ටම්වල ගුරුවරුන්ගේ හිඟයක් NSW හි පවතින අතර මෙවැනි ගුරුවරුන් අඩුපහසුකම් සහිත ප්‍රාදේශීය ප්‍රදේශවල සේවයට යාමේ අඩුවක් ඇති බවද පෙන්වා දේ.

ඉතා වැදගත් විෂයන් වන ගණිතය විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන් සඳහා දැඩි ගුරු හිඟයක් ඇති අතර උසස් පාසල් 175කම මේ වනවිට ගණිත සහ ඉංග්‍රීසි ගුරුවරුන් ගේ පුරප්පාඩු පවතී.

 Students in an Australian classroom - SBS.jpg

වර්තමානයේ පවතින මෙම තතත්වය ගැන තමන් පුදුමයට පත්වන බව රජයේ පාසලක පූර්ණ කාලීන ගුරුවරියක ලෙස සේවය කරන Judith Wood පවසා සිටී.අවුරුදු 39 ක තම වෘතීය ජීවිතය තුල මෙවැනි දෙයක් දැක නැති බව ද පවසා සිටියාය. ගුරුවරුන් මානසික ආතතිය නිසා පූර්ණකාලීන සේවයෙන් ඉවත්වී අර්ධකාලීන ලෙස සේවය කිරීමට පෙළඹෙන බවයි Judith ගේ අදහස වී තිබෙන්නේ.

ඈත පළාත් වල ගුරුවරුන් මානසික වශයෙන් දැඩි වෙහෙසකර තත්වයකට පත්වී තිබෙන අකාරය තමන්ට අත්දකින්න ලැබුණු බව Victoria ප්‍රාන්තයේ ගුරු වෘතිය හදාරන ශිෂ්‍යාවක් වන Chelsea Roberts පවසා සිටියාය.

ගුරු වෘතිය ආකර්ශනීය වෘතියක් බවට පත් කිරීමට විවිද දීමනා සහ සහන ලබා දීම සිදුවේ.

  • ගුරු වෘතිය හදාරන ශිෂ්‍යයන්ට ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා වන ණය යෝජනා ක්‍රමය එනම් HECS Student Loans වලදී විශේෂ වට්ටම් ලබා ගැනීමේ හැකියාව තිබේ.
  • මීට අමතරව රජයේ ශිෂ්‍යත්ව, සහ වෙනත් මුදල් ප්‍රතිපාදන සැපයීම වැනි දීමනා හා වරප්‍රසාද ලබාදීම ද මේ වනවිට සිදු වේ.

කෙසේ උවත් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමයේ සභාපති Correna Haythorpe නම් කියන්නේ තවදුරටත් මේ සඳහා සහන සැලසීම සිදුකල යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පවසන්නේ තත්ත්වය සමනය කිරීමට තවත් බොහෝ කාර්යයන් සිදුකෙරෙමින් පවතින බවයි. ඕස්ට්‍රේලියාවේ ගුරු හිඟය වසර 10ක් පමණ පුරා පවතින බවත් මෙය විසඳීමට සඳහා යම් කාලයක් ගතවනු අති බවත් ඔහු පවසා සිටියේය. මධ්‍යම රජය විසින් මිලියන 337.3 ක ප්‍රතිපාදන ලබාදීමට දැනටමත් කටයුතු කර ඇති බවද ඔහු පවසා තිබේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

· SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala

· SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP එකෙන් (Free)

 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now