'දිට්වා' සුළි කුණාටු නිසා විපතට පත් ශ්‍රී ලාංකිකයින්ට දැඩි සංවේගය හා සානුකම්පාව සමස්ත ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් පල කරන බව ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී පෙනී වොන්ග් සඳහන් කර සිටියි.

From the official X account of Australian Minister for Foreign Affairs. Source: Twitter / Senator Penny Wong.
ආපදා තත්ත්වයට මුහුණ දෙන ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියනයක මානුෂීය ආධාර ලබා දෙන බව ඉරිදා (30) නිවේදනය කළේය.

Source: Facebook / Official page of the Australian High Commission to Sri Lanka.
මේ විනාශකාරී අවස්ථාවේදී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරමින් සිටින බවත් රට පුරා ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා රජය, මානුෂීය ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජය සමඟ සමීපව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්ස් ප්‍රකාශ කරයි.
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක දායකත්වයට අමතරව, රට පුරා බලපෑමට ලක් වූ ප්‍රදේශවල හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා පවතින අරමුදල් යොමු කිරීම සඳහා ඕස්ට්‍රේලියාව දේශීය සිවිල් සමාජ හවුල්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් සිටින බවත් මහ කොමසාරිස් කාර්යාලය එම නිවේදනයෙන් දන්වා සිටියි. මෙම අරමුදල් මගින් කාන්තාවන්, ගැහැණු ළමයින් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දෙනු ඇති බව දැක්වේ.
ඒ අනුව, ඕස්ට්‍රේලියානු රජය කලාපීය ප්‍රතිචාර අරමුදල් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත. මෙයට UNFPA සහ ඕස්ට්‍රේලියාව විසින් කළමනාකරණය කරනු ලබන කලාපීය පූර්ව නිශ්චය කිරීමේ මුලපිරීම් සංවිධාන ඇතුළත් වන අතර එය අර්බුදයෙන් පීඩාවට පත් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ක්ෂණිකව සහාය වනු ඇත.

Source: Facebook / Official page of the Australian High Commission to Sri Lanka and the United Nations Population Fund (UNFPA) Sri Lanka.

A state of emergency was announced by Sri Lanka, in the aftermath of Cyclone Ditwah. The death toll from devastating floods and mudslides has killed 390 people and 352 are still missing. Some 20,000 homes have been destroyed, Sending more than 500,000 people to state-run temporary shelters as of 01 December 2025. Source: AAP / CHAMILA KARUNARATHNE/EPA
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





