Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

පීඩාවට පත්ව සිටින කාන්තාවන්, ගැහැණු දරුවන් හා ආබාධ සහිත වූවන් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛතා ආධාර

Flooding in Sri Lanka after heavy rainfall

Sri Lankan flood victims take refuge in a school building after heavy rainfall in the suburb of Colombo, Sri Lanka, 01 December 2025. Source: EPA / CHAMILA KARUNARATHNE/EPA/AAP Image

'දිට්වා' සුළි කුණාටු නිසා විපතට පත් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ක්ෂණිකව සහාය වීමටත් ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය කලාපීය ප්‍රතිචාර අරමුදල් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


'දිට්වා' සුළි කුණාටු නිසා විපතට පත් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ක්ෂණිකව සහාය වීමටත් ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය කලාපීය ප්‍රතිචාර අරමුදල් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.


'දිට්වා' සුළි කුණාටු නිසා විපතට පත් ශ්‍රී ලාංකිකයින්ට දැඩි සංවේගය හා සානුකම්පාව සමස්ත ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් පල කරන බව ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී පෙනී වොන්ග් සඳහන් කර සිටියි.

Penny Wong X on Sri Lanka floods.jpg
From the official X account of Australian Minister for Foreign Affairs. Source: Twitter / Senator Penny Wong.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඇය වැඩිදුරටත් මේ ව්‍යසනකාරී ආපදාවට මුහුණ දෙන සහෝදර ඉන්දුනීසියානු, මැලේසියානු සහ තායිලන්ත ජනතාව වෙත ද සිය ශෝකය පල කර තිබේ.

ආපදා තත්ත්වයට මුහුණ දෙන ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියනයක මානුෂීය ආධාර ලබා දෙන බව ඉරිදා (30) නිවේදනය කළේය.

Australian High Commission on Sri Lanka floods-.jpg
Source: Facebook / Official page of the Australian High Commission to Sri Lanka.

කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියේ, අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සේවා ප්‍රමුඛත්වයෙහි ලා ලබා දීම සඳහා මානුෂීය හවුල්කරුවන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව බිම් මට්ටමේ ආධාර ලබා දීමට මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හවුල්කරුවන්ගේ වේගවත් සහන ප්‍රතිචාර දැක්වීම් සඳහා සහාය වන බවයි.

මේ විනාශකාරී අවස්ථාවේදී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරමින් සිටින බවත් රට පුරා ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා රජය, මානුෂීය ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජය සමඟ සමීපව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්ස් ප්‍රකාශ කරයි.

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක දායකත්වයට අමතරව, රට පුරා බලපෑමට ලක් වූ ප්‍රදේශවල හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා පවතින අරමුදල් යොමු කිරීම සඳහා ඕස්ට්‍රේලියාව දේශීය සිවිල් සමාජ හවුල්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් සිටින බවත් මහ කොමසාරිස් කාර්යාලය එම නිවේදනයෙන් දන්වා සිටියි. මෙම අරමුදල් මගින් කාන්තාවන්, ගැහැණු ළමයින් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දෙනු ඇති බව දැක්වේ.

ඒ අනුව, ඕස්ට්‍රේලියානු රජය කලාපීය ප්‍රතිචාර අරමුදල් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත. මෙයට UNFPA සහ ඕස්ට්‍රේලියාව විසින් කළමනාකරණය කරනු ලබන කලාපීය පූර්ව නිශ්චය කිරීමේ මුලපිරීම් සංවිධාන ඇතුළත් වන අතර එය අර්බුදයෙන් පීඩාවට පත් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ක්ෂණිකව සහාය වනු ඇත.

Australian High Commission on Sri Lanka floods.jpg
Source: Facebook / Official page of the Australian High Commission to Sri Lanka and the United Nations Population Fund (UNFPA) Sri Lanka.
Floods inundate parts of Sri Lanka after heavy rains
A state of emergency was announced by Sri Lanka, in the aftermath of Cyclone Ditwah. The death toll from devastating floods and mudslides has killed 390 people and 352 are still missing. Some 20,000 homes have been destroyed, Sending more than 500,000 people to state-run temporary shelters as of 01 December 2025. Source: AAP / CHAMILA KARUNARATHNE/EPA

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now