Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජීවන වියදම ඉහළ යාමට ඕස්ට්‍රේලියානු රජයෙන් පිළියමක් ලෙස ආහාර මිළ පාලනයට පියවර; කාලීන විග්‍රහය පෙබරවාරි 06

Checking label ingredients at supermarket

Checking label ingredients at supermarket

ජීවන වියදම ඉහළ යාමට ඕස්ට්‍රේලියානු රජයෙන් පිළියමක් ලෙස ආහාර මිළ පාලනයට පියවර : කාලීන විග්‍රහය පෙබරවාරි 06 ජිවන වියදම ඉහල යාම මේ වන විට ඕස්ට්‍රේලියානු ජිවිත වලට දැඩි බලපෑමක් එල්ල කරලා තියෙනවා. ඔස්ට්‍රේලියානු රජය මිනිස්සුන්ගෙ මේ පීඩාකාරි තත්ත්වය තරමක් හරි ලිහිල් කරන්නට නොයෙකුත් ක්‍රම සොයා බලමින් සිටිනවා. ඕස්ට්‍රේලියානුවන් බහුතරයක් භාණ්ඩ මිළ ගනන් ඉහල යාම නිසාත්, ආර්ථික වශයෙන් මුහුණදෙන පීඩාකාරී තත්ත්වය පිළිබද කනස්සල්ල පල කරන නිසාත්, මේ වන විට ඕස්ට්‍රේලියානු ආහාර සහ සිල්ලර භාණ්ඩ පිළිබඳ චර්‍යාදර්ම සන්ග්‍රහය වෙත නැවත අවදානය යොමු වෙලා තිබෙනවා.මේ හරහා වෙළෙන්දා සහ භාණ්ඩ සපයන්නා අතර වෙන ගනුදෙනු සිද්ද වෙන ආකාරය පාලනය කරන්නෙ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබ වෙත ගෙන එනවා


මෙම චර්යාධර්ම සංග්‍රහයෙන් (CODE OF CONDUCT) සුපිරි වෙළදසැල් හිමියා සහ භාණ්ඩ සපයන්නා අතර වෙන සියළු ගනු දෙනු ආවරණය කෙරෙනවා. මෙය හදුන්වා දුන්නේ 2015 වර්ෂයේ.

මෙම FOOD AND GROCERY CODE OF CONDUCT එකේ 2023-24 සමාලෝචනයේ ප්‍රධානියා විදියට ආර්ථික විශේෂඥ ආචාර්ය ක්‍රෙග් එමර්සන් ව පත් කරනු ලැබුවා. ඒ පසුගිය ජනවාරි 10 වනදා අගමැති, භාණ්ඩාගාරික ඇතුළු බලධාරීන් රැසකගේ මුලිකත්වයෙන්.

ආචාර්ය ක්‍රෙග් එමර්සන් මුලිකත්වය අරගෙන දැන් පර්යේශන කටයුතු සිදු වෙමින් පවතිනවා.

පර්යේෂණ හරහා මෙම CODE OF CONDUCT එක සමාලෝචනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, වෙළදපල තරගකාරිත්වය ඇති කිරීම හරහා, මෙම මිල ගණන් පහල දැමීම පහසු වේවි යනුවෙනුත් ආචාර්ය ක්‍රෙග් එමර්සන් ප්‍රකාශ කළා.

2020 සිට මේ CODE OF CONDUCT එක උල්ලංගනය කිරීම් වාර්තා වෙලා තියෙන්නේ අවස්ථා 5කදී පමණයි. එයට හේතුව මෙය හොදින් ක්‍රියාත්මක වන නිසා බවයි CODE OF CONDUCT එකට පක්ෂ අය පවසන්නේ. භාණ්ඩ සපයන්නන් අනිවාර්ය චර්යාදර්ම සංග්‍රහයකට පක්ෂ වෙන්නේ ඔවුන්ගේ භාණ්ඩ වෙලදසලෙන් ඉවතට විසිවේවි යි තියන බය නිසා බවයි ආචාර්ය එමෙර්සන් පවසන්නේ.

ජාතික ගොවි සම්මේලනයේ සභාපති ඩේවිඩ් ජෝහින්කි පවසනවා මේ CODE OF CONDUCT එක ස්වේච්ඡා දෙයක් නොවී, අනිවාර්යෙන්ම අනුඅගමය කල යුතු දෙයක් බවට පත් කළ යුතු බව.

ඔහු තව දුරටත් පවසනවා, භාණ්ඩ සැපයුම කාර්යක්ෂමව සිද්ද වෙන්න සහ ගොවියට සහ පරිබෝගිකයට වාසි දායක ව ඒ දේ කරන්න නම්, බොහොමයක් දේ හරි ආකාරව සිද්ද වෙන්න අවශ්‍ය බව. එනම් මෙම CODE OF CONDUCT එක පමණක් සමාලෝචනය කිරීම ප්‍රමාණවත් නොමැති බව.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now