ඕස්ට්‍රේලියානු රජය විසින් අන්තර්ජාතික ශිෂ්‍යයින් සඳහා පනවා තිබු සීමාවන් ඉහල දැමීමට කටයුතු කරන බවට අගෝස්තු 04 වනදා නිවේදනය කර සිටියා. මේ අනුව 2026 වසරේ සිට අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය වසරකට 295000 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. 2025 වසරේ මෙම ප්‍රමාණය 270000 සීමාවේ පැවතුනා. ඒ අනුව ස්ථාන 25000කින් අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය 2026 වසරේ සිට ඉහල යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
සැ . යු: මෙය SBS News වෙබ් අඩවියේ සහ අධ්‍යාපන කටයුතු සම්බන්ධ අමාත්‍යවරුන් නිකුත්කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය ඇසුරින් සකස් කල පොඩ්කාස්ට් විශේෂාංගයක් බව කරුණාවෙන් සලකන්න. මෙහිදී පොදුවේ සෑම දෙනාටම බලපාන තොරතුරු පමණක් ඉදිරිපත් කර ඇති අතර මෙම තොරතුරු ඔබට බලපාන ආකාරය පුද්ගල තත්ව අනුව වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






