ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 19 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙවර lockdown කාලයේදී වාර්තා වුනු වැඩිම දෛනික කොවිඩ් ආසදිතයින්ගේ සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වේ.
- දැනට විදේශයන් හි සිටින prospective marriage visa විසා ලාභිනට ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අවස්ථාව ලබාදීමට රජය තීරණය කරයි.
- ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහලට. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවකුත් නිකුත් කෙරේ.
- තමා රටින් පලා ගියේ සිදුවීමට තිබූ ලේ වැගිරීම් අවම කිරීමට බව ඇෆ්ඝනිස්තාන ජනාධිපතිවරයා පවසයි.
- කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් නවසීලන්තය සමස්ත රටටම බලපැවැත්වෙන ක්ෂණික lockdown කාලයක් ප්‍රකාශයට පත්කරයි.
- තලේබාන් කලබල මධ්‍යයේ අවිශ්ක ගුණවර්ධනට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලේ පිතිකරන පුහුණුකරු තනතුරක්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share






