Scams නිසා ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 481 ක පාඩුවක්: ජොබ් Scams අංක එකට

Hacker stealing passwords and identity, computer crime

Hacker stealing passwords and identity, computer crime Source: Moment RF / boonchai wedmakawand/Getty Images

ඩොලර් මිලියන 481 ක පාඩුවක් සහ පැමිණිලි 302,000 ක්. පසුගිය වසරේ සිදු වූ විවිද වංචා නිසා ඕස්ට්‍රේලියානුවන්ට දැඩි පාඩු සිදුවෙමින් පවතී. දිගින් දිගටම සිදුවන මූල්‍ය වංචාවන්ට හසුවීම නිසා වසරක් තුල ඩොලර් මිලියන 481ක් ඕස්ට්‍රේලියානුවන්ට අහිමි වී තිබේ.


ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ (ACCC) Scamwatch සේවාවට 2023 දී වංචා 301,791 ක් වාර්තා වී තිබේ. මෙය 2022 වර්ෂයට වඩා සියයට 26 කින් ඉහළ යාමක්. මේ නිසා ඇතිවුණු මූල්‍ය අලාභය ඩොලර් මිලියන 480.7 ක් වේ. කෙසේ වුවත් එය පෙර වසරේ ඩොලර් මිලියන 569 ට වඩා අඩු අගයක් වී තිබේ.

වැඩි වශයෙන්ම ඕස්ට්‍රේලියානුවන් හසුවූ වංචා කිහිපයක් අපි දැන් සොයා බලමු.

රැකියා වංචාවන් වේගයෙන් වර්ධනය විය

Scamwatch වෙත පසුගිය වසරේ රැකියා වංචා සම්බන්ධයෙන් වාර්තා 4,824ක් ලැබී ඇත. මූල්‍ය පාඩු ඩොලර් මිලියන 24.7 ක් විය - එය වසරින් වසර සියයට 155 ක පමණ වැඩිවීමක් වන අතර එය 2023 දී වේගයෙන් වර්ධනය වන වංචා වර්ගය බවට පත් විය.

අර්ධ කාලීන රැකියා එනම් Part Time ජොබ් එකක් සොයන සිසුන් ඇතුළු තරුණ ඕස්ට්‍රේලියානුවන් සහ Temporary වීසා බලපත්‍රලාභීන් ඇතුළු විවිද සංස්කෘතික පසුබිම්වල පුද්ගලයින් මෙම වංචාවන්ට වැඩි වශයෙන් හසු වී ඇති බව Scamwatch මගින් සොයා ගෙන තිබේ.

මෙහිදී මෙම වංචාවන්ට හසු වූ පුද්ගලයින් සමාජ මාධ්‍ය වල පලවූ දැන්වීම් හරහා මෙම වංචාවන්ට හසුවී තිබේ. මෙම දැන්වීම් වලට හසුවන පුද්ගලයින්ව පසුව whatsapp වැනි සන්නිවේදන මාර්ග යොදාගෙන මූල්‍ය වංචා සඳහා ගොදුරු කරගෙන තිබේ..

මෙම වංචාව ඔන්ලයින් ක්‍රීඩාවකට සමානව ක්‍රියාත්මක වනවා. මෙයට ගොදුරු වූවන් වාර්තා කරන්නේ තමන්ට කිසිදා නොලැබෙන ඉතා ඉහළ ආදායමක් පොරොන්දු වූ අතර ඒ සඳහා තමන්ගේම මුදලින් මූලික ආයෝජනයක් කිරීමට බලපෑම් කරන බවයි
Catriona Lowe - ACCC deputy chair

ආයෝජන සම්බන්ද වංචා

ආයෝජන සම්බන්ද වංචා සඳහා පැමිණිලි 8,161 ලැබී ඇත. මෙය සාපේක්ෂව අඩු අගයක් උවත් මෙමගින් සිදු වූ මුල්‍යම පාඩුව ඩොලර් මිලියන 293.2 ක් බව Scamwatch සඳහන් වේ. කෙසේ උවත් මෙය පසුගිය වසරට සාපේක්ෂව 7.4% ක පහත යාමක් ලෙසයි වාර්තා වේ.

මේ සඳහා ප්‍රසිද්ද පුද්ගලයින් සිටින දැන්වීම් හෝ ගොතනු ලැබූ කතා යොදා ගනිමින් ඉතා ඉක්මනින් වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගත හැකි බවට පොරොන්දු ලබා දීමක් සිදු වේ.

මෙහිදී දැඩි පීඩනයක් එල්ල කරන විකිණුම් ක්‍රමවේද එනම් HIgh pressure sales tactics යොදාගෙන මෙයට හසුවන පුද්ගයින්ගෙන් මුදල් වංචා කිරීම සිදු වේ. තවද කෙටි කාලයක් තුල ඉතා විශාල ලැබ ලැබිය හැකි ක්‍රම ඇතිබව පවසා ඔබව මුලා කරන බව මධ්‍යම රජයේ Moneysmart වෙබ් අඩවිය සඳහන් කරයි.

දත්ත සොරා ගැනීමේ වංචා Phishing scams

පසුගිය වසරේ Phishing scams දත්ත සොරා ගැනීමේ වංචා සම්බන්ධ වාර්තා 109,000කට ආසන්න ප්‍රමාණයක් සිදු වී තිබේ. මේ නිසා ඇතිවූ පාඩුව ඩොලර් මිලියන 26.1 කි. මෙය පසුගිය වසර හා සසඳන විට 6% ක වැඩිවීමකි. ඒවා සැලසුම් කර ඇත්තේ පුද්ගලික තොරතුරු සොරකම් කිරීම සඳහා වන අතර මෙහිදී වංචනිකයන්ට එම දත්ත යොදාගෙන ඔබේ ගිණුම් හැසිරවීම හා නව ගිණුම් විවුර්ත කිරීම සිදුකරයි.

 

වෙනත් වංචා මොනවාද?

  • අදර සම්බන්දතා පිළිබද වංචා 15% කින් අඩු වෙලා තියෙනවා. මෙහිදී ඩොලර් මිලියන 34.4 ක වංචා සිදුවෙලා තියෙනවා. Scamwatch වෙත මෙසම්බන්ද පැමිණිලි වාර්තා 3,650 කට වඩා ලැබී ඇත.
  • සාවද්‍ය බිල්පත් වංචා පිළිබඳ වාර්තා 39,586ක් වාර්තා වී තිබේ.
  • දුරස්ථ ප්‍රවේශ වංචාවලට සම්බන්ධ වාර්තා 9,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබේ. මෙමඟින් සිදුවී ඇති පාඩුව ඩොලර් මිලියන 15.6 කි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now