සීග්‍රයෙන් පැතිරයන Respiratory Syncytial Virus හෙවත් RSV වලට එරෙහිව සටන් කිරීමට හැකි එන්නතක් ඕස්ට්‍රේලියාව ප්‍රථම වරට භාවිතය සඳහා අනුමත කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් AREXVY එන්නත සඳහා මෙලෙස අනුමැතිය ලබා දී ඇත . මෙය අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහායි.
AREXVY එන්නත ප්‍රෝටීන මත පදනම්ව නිපදවූ එන්නතක් වේ. මෙය මුලින්ම ඇමරිකාව විසින් අනුමත කල අතර 2023 මැයි මස සිට එන්නත් බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව නිලවශයෙන් පසුගිය ජවාරි 8 වෙනිදා තම ප්‍රථම RSV එන්නත අනුමත කරනු ලැබුවා.
මෙම RSV වයිරස සාමාන්‍යයෙන් කුඩා ළමයින් අතරේ වැඩිවශයෙන් දැක ගත හැකියි. කෙසේ උවත් පසුගිය වසරේ මෙම වයිරසය නිසා වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් 25000 කට අධික ප්‍රමාණයක් ආසාධනය වී ඇත.
RSV වයිරසයේ 2023 වසර තුල ව්‍යාප්තිය
- වාර්තා වූ මුළු අසාදිතයින් ගණන 127944 කට අධික වේ.
- මෙයින් 64000 ක්ම අවුරුදු පහට අඩු කුඩා ත් ළමුන්.
- 27244 ක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනවා
ඕස්ට්‍රේලියාවේ ප්‍රතිශක්තිකරණ පදනමේ විධායක අධ්‍යක්ෂ Catherine Hughes පවසන්නේ මෙම වයිරස ප්‍රභේධය විශේෂයෙන්ම අවුරුදු 60ට වෙඩි පුද්ගලයින් සඳහා ඉතා හානිදායක වියහැකි බවයි. දියවැඩියාව, හදවත් රෝග, ඇදුම සහ පෙනළු ආබාධ තත්වයන් සහිත වැඩිහිටියන්ට මෙම වෛරසයෙන් දරුණු සංකූලතා ඇතිවනබව ඇය පවසා සිටී.
RSV තරුණ ප්‍රජාව අතාරේ ඉතා සුළු රෝගලක්ෂණ මතුකරද ප්‍රතිෂක්තිය අඩු මට්ටමක පවතින වයස් ගත පුද්ගලයන්ට මෙමගින් දරුණු රෝගලක්ෂණ ඇතිවීමේ අවධානමක් පවතී. මෙනිසා වයස්ගත පුද්ගලයින්ට දරුණු රෝගලක්ෂණ වලින් මිදීම සඳහා මෙම එන්නත ලබාගැනීම ඉතා වැදගත් බව ඕස්ට්‍රේලියාවේ ප්‍රතිශක්තිකරණ පදනම පවසා තිබේ.
වෛද්‍ය Anita Sharma ප්‍රකාශ කරන පරිදි වයස්ගත වීමේදී ස්වාභාවිකවම අඩුවනන ප්‍රතිශක්තිකරණය හේතුවෙන් මෙවැනි එන්නතක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. එසේම එන්නත ලබාගැනීම තුලින් වයස්ගත පුද්ගලයින්ගේ වයිරසය නිසා ඇති විය හැකි සංකූලතා ඉතා අවම කරගත හැකි බව වෛද්‍ය Sharma පවසා සිටී.
RSV එන්නතක් අනුමත වීම වෛද්‍ය පර්යේෂණ සඳහා ක්ෂේස්ත්‍රය ලැබූ ජයග්ග්‍රහණයක් බව Catherine Hughes ප්‍රකාශ කර සිටී.





