ලොවපුරා පැතිරී යමින් ඇති කුරුළු උන වෛරසය ආසධිත ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රථම රෝගියා විදේශයක සිට පැමිණි කුඩා දරුවකු බව හඳුනා ගෙන තිබේ. මෙම දරුවා පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ සිට ප්‍රාන්තය වෙත පැමිණ ඇත. මෙහිදී එම දරුවාට H5N 1 කුරු උන ප්‍රභේදය ආසාධනය වී තිබූ අතර මේවනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ H5N1 කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණු පළමු රෝගියා මෙම දරුවා බව වෛද්‍ය ක්ලෙයාර් ලුකර් පවසා සිටී.
මෙම වෛරසය පැතිරීයාමේ අවධානම පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර වෛරසය පැතිරීමේ අවධානම ඉතා අඩු බව වෛද්‍ය ක්ලෙයාර් ලුකර් පෙන්වා දේ.
වික්ටෝරියානු බිත්තර ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ
වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක ඇති බිත්තර ගොවිපලකින් කුරුළු උණ තත්වයක් වාර්තා වේ. මෙය වෙනත් කුරුළු උණ ප්‍රබෙදක් වේ. Geelong සිට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි Meredith ප්‍රදේශය අසල ගොවිපලකින් මෙම avian influenza වෛරසය හඳුනාගෙන ඇති අතර Agriculture Victoria විසින් මේ සම්බන්ද වහාම පරීක්‍ෂණ කිරීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම වෛරස ප්‍රභේදය H7N7 ප්‍රභේදය විය හැකි බවත්, එය ඉතා භයානක H5N1 ප්‍රභේදයට වඩා වෙනස් බවත් ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි ග්‍රේම් කුක් පවසා සිටී.
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවලද හරක් ගොවිපලවල් ඇතුළු ක්ෂීරපායී සතුන් හරහා බෝවන වෛරසයක් හේතුවෙන් දැඩි කැළඹිලි කාරී තත්වයක් ඇතිවී ඇත. ඕස්ට්‍රේලියාවෙන් හමු වූ වයිරසය එම ප්‍රභේදය නොවන බව ඔහු වැඩ දුරටත් අවධාරණය කර සිටී. H7N7 වයිරසය ඔස්ට්‍රේලියාව තුල මින්පෙරද හමුවී ඇත. 2020 වසරේදී මෙම ප්‍රභේදය වික්ටෝරියානු බිත්තර ගොවිපලවල් වල පැතිරී ගොස් ඇති අතර මෙවර පැතිරී යන්නේ එම වෛරසයමද බව සෙවීමට මේවනවිට පරීක්ෂණ පැවැත්වේ.
මෙම ගොවිපල ආශ්‍රිතව කිලෝමීටර 5ක දුර ඇතුලත ඇති ප්‍රදේශය නිරෝධානයට ලක්කිරීමට කටයුතු කර ඇත.
Avian influenza වෛරසය යනු කුමක්ද?
Avian influenza යනු ඉතා සීග්‍රයෙන් පැතිරීයා හැකි වෛරසයක් වන අතර කුකුළු ගොවිපලවල් වල සතුන් ඉතා කෙටිකාලයකින් මිය යාමේ තර්ජනයක් ඇතිකළ හැකි වෛරසයකි. සියලුම පක්ෂි විශේෂ මාරාන්තික H5N1 වලට ගොදුරු විය හැකි අතර මෙම වෛරසය මිනිසුන් ඇතුළු ක්ෂීරපායී සත්ව විශේෂ 50කට වඩා වැඩි ගණනකින් හමුවී ඇති බව වාර්තා වේ.
සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදන සඳහා මෙම අවධානම නොමැති බවත් ඒවා පරිභෝජනයට ආරක්ෂිත බවත් බලධාරීන් මහජනතාවට සහතික කර ඇත. මේ අතර සියලුම කුකුළු ගොවිපලවල් ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස බලධාරීන් බිත්තර සහ කුකුළුමස් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටී.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





