ඕස්ට්‍රේලියාවේ 210,000 ක් පමණ වන සික් ජාතිකයින් සමරන බන්ඩි චෝර් දිවාස් ගැන දන්නවා ද?

INDIA SIKH FESTIVAL

Sikh devotees light oil lamps inside the Golden Temple complex during Diwali celebrations in Amristsar, India. Source: AP / AMAN SHARMA/AP

දීපවාලි උත්සවයට සමගාමීව පැවැත්වෙන බන්ඩි චෝර් දිවාස් යනු සික් ජාතිකයින් විවිධ සමාජ හා සංස්කෘතික සම්ප්‍රදායන් මගින් නිදහස සහ ඥානාලෝකය සමරන දිනයකි. ඒ පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.


දීපවාලි උත්සවය ඉන්දියානු උප මහාද්වීපික දින දර්ශනයේ විශාලතම සැමරුම් වලින් එකක් ලෙස සැලකේ. එය එම කලාපයේ විවිධ ප්‍රජාවන් විසින් ඔවුන්ගේ සංස්කෘතික හා ඓතිහාසික පිළිවෙත් අනුව සමරන ආකාරය නිරීක්ෂණය වෙයි.

මෙම දිනයේ දී, සික් විශ්වාසයන්ට අනුව බණ්ඩි චෝර් දිවාස් සමරනු ලබන අතර ඒ නමෙහි වචනාර්ථය "විමුක්ති දිනය" ලෙස පරිවර්තනය කළ හැකිය.

ලොව පුරා සික් ජාතිකයින් තෙල් පහන් දල්වමින්, නිවාස අලංකාර කරමින්, රසකැවිලි බෙදා ගනිමින්, ළඟම ඇති ගුරුද්වාරා (සීක් කෝවිල) හි විශේෂ පුදපූජා වලට විශාල වශයෙන් සහභාගී වෙයි.

Gurdwara decorations on Bandi Chhor Diwas
Decorations for Bandi Chhor Diwas at a Sikh place of worship (gurdwara) in Melbourne.

ඓතිහාසික වැදගත්කම

බන්දි චෝර් දිවාස් යනු සික් ආගමේ ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් සිදුවීමකි.

ලොව පුරා මිලියන සංඛ්‍යාත සික් ජාතිකයින් විසින් මෙම දිනය සමරනු ලබන අතර එය පීඩනයට එරෙහිව නිදහසේ ජයග්‍රහණය සනිටුහන් කරයි.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව ඕස්ට්‍රේලියාවේ සික් ප්‍රජාවේ විකාශය 72,000 කට වැඩි ප්‍රමාණයක සිට 2021 සංගණනයේදී 210,000 දක්වා තුන් ගුණයකින් වැඩි වී තිබේ.

SBS පන්ජාබි වැඩසටහන සමඟ අදහස් දක්වමින් සික් පූජක (ගියානි) ඉක්බාල් සිං මහතා බන්ඩි චෝර් දිවාස් හි ඓතිහාසික සන්දර්භය පිළිබඳව අදහස් පළ කළේය.

සික් ආගම, එම ඇදහිල්ලේ නිර්මාතෘ ගුරු නානක් දේව්ගේ සිට ගුරු ගෝවින්ද් සිං දක්වා ශාස්තෘන් 10 දෙනෙකුගේ ඉගැන්වීම් අනුගමනය කරන බව ඔහු පැවසීය.

හයවන සික් ගුරුවරයා වන ගුරු හර්ගෝබින්ද් ජී, 17 වන සියවසේදී ජහංගීර් අධිරාජ්‍යයා විසින් ග්වාලියර් කොටුවේදී තවත් කුමාරවරුන් 52 දෙනෙකු සමඟ සිරගත කරන ලද ආකාරය සිං මහතා පැහැදිලි කළේය.

"ගුරු හර්ගෝබින්ද්ව පමණක් නිදහස් කිරීමට අධිරාජ්‍යයා එකඟ විය. නමුත්, ගුරුතමා සමඟ සිරගත කර සිටි කුමාරවරුන් 52 දෙනාගේ නිදහස වෙනුවෙන් ඔහු පෙනී සිටියා," යැයි සිං මහතා පැවසීය.

ගුරු හර්ගෝබින්ද් ජී මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි අතර ඒකාධිපති පාලනයක් තුළ වුවත් 'ජීවත් වී ජීවත් වීමට ඉඩ දෙන්න' යන්න වෙනුවෙන් පෙනී සිටියා. ඔහු මානුෂීය වටිනාකම් ප්‍රගුණ කළ අතර ඒවා සික් ආගමේ සැලකිය යුතු කොටසක් ලෙස ප්‍රවර්ධනය කළා.
ඉක්බාල් සිං

ග්වාලියර් බලකොටුවෙන් නිදහස් වූ පසු, ගුරු හර්ගෝබින්ද් ව අම්රිත්සර් වැසියන් විසින් උණුසුම් ලෙස පිළිගෙන සාම්ප්‍රදායික පහන් සහ ඉටිපන්දම් දල්වා සමරනු ලැබූ බව සිං මහතා පැවසීය.

16 x 9 - Jasmeet  (3).png
Bandi Chhor Diwas celebrations 2022, Sydney.

සමාජීය හා සංස්කෘතික උත්සවයක්

ලොව පුරා සිටින සික් ජාතිකයින් මෙම දිනය උද්යෝගයෙන් සමරනු ලබන්නේ පුද පූජා කරමින්, පෙරහැරවලට සහභාගී වෙමින් සහ තෙල් පහන් දල්වමිනි.

ලොව පුරා සිටින සික් ජාතිකයින් බන්ඩි චෝර් දිවාස් සමරන ආකාරය Whittlesea අන්තර් ආගමික සංවිධානයේ සභාපතිනිය වන ගුරින්දර් කෞර් පැහැදිලි කළාය.

පහන් දල්වා ආලෝකමත් කිරීම, ඥාතීන් සමඟ රසකැවිලි බෙදා ගැනීම සහ ගුරුද්වාරා පුද පූජා වලට සහභාගී වීම සාමාන්‍ය සැමරුම් අතරට අයත් වෙනවා
ගුරින්දර් කෞර්

කෞර්ට අනුව, මෑතක් වන තුරුම ඕස්ට්‍රේලියාවේ ඉන්දියානු රසකැවිලි සාප්පු එතරම් නොතිබූ බැවින් ඉන්දියානු රසකැවිලි සොයා ගැනීම දුෂ්කර විය.

කෙසේ වෙතත්, පසුගිය වසර 10 තුළ බොහෝ වෙනස්කම් සිදුවී ඇති අතර, දැන් පන්ජාබ්හි සෑම දෙයක්ම ඕස්ට්‍රේලියාවේ ද ලබා ගත හැකි බව කෞර් මහත්මිය පැවසුවාය.

A Sikh boy lights candles in India for Diwali festival
A Sikh boy lights candles near the sacred pond at the Golden Temple on the occasion of Diwali festival in Amritsar, India. Source: AAP, EPA / AAP / EPA / Raminder Pal Singh

දීපවාලි දිනයේදී සීක් ජාතිකයින් විශාල වශයෙන් එක්රැස් වී විශේෂ කිර්තාන් (ගීතිකා ගායනය) වැඩසටහන්වලට සම්බන්ධ වන අතර ගුරුද්වාරවල සාම්ප්‍රදායික ඉටිපන්දම් දල්වයි.

දීපවාලි උත්සවය විවිධ ආකාරයේ සැමරුමක් බව කෞර් මහත්මිය පවසයි.

"දීපවාලි උත්සවය සැමරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රජාවන්ට විවිධ පසුබිම් තිබෙනවා, එය හින්දු, ජෛන, බෙංගාලි, සික් සහ අනෙකුත් ප්‍රජාවන් අතරේ බෙදීයන සතුටක්," කෞර් මහත්මිය පැවසුවාය.

දීපවාලි, දීපවාලි, බන්ඩි චෝර් දිවාස් සහ තිහාර් සැමරුම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා, sbs.com.au/Diwali වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now