කාලීන විග්‍රහය: Uber Eats, DoorDash වැනි ආයතන වල ආහාර බෙදාහැරීම් කරන රියදුරන්ට වැටුප් වැඩිවීමක්

WORKFORCE STOCK

A delivery driver is seen riding e-bike in Melbourne. (AAP Image/James Ross) Source: AAP / JAMES ROSS/AAPIMAGE

Uber Eats සහ DoorDash වැනි ආහාර බෙදා හැරීමේ සේවා සපයන ආයතනවල ආහාර බෙදා හැරීමේ කටයුතු සිදු කරන ඕස්ට්‍රේලියාවේ සේවකයින්ට විශාල වශයෙන් වැදගත් වන යෝජනාවලියක් Fairwork කොමිසමට ඉදිරිපත් කිරීම පසුගියදා සිදුවුනා.


Uber eats සහ DoorDash වනි සේවාවල නියුතු සේවකයින් සඳහා අවම ප්‍රමිති තත්වයන් පිලිබඳ ගිවිසුම් ගත වීම පිළිබඳව ලේබර් රජය මින් පෙර එකඟ වී තිබුනා. මෙවැනි සේවකයින් තාවකාලික, ස්ථිර වැඩ මුරයන් නොමැති සේවා සපයන සේවකයින් වනවා. මොවුන් 'gig workers' ලෙස හඳුන්වනු ලබනවා. මෙම සේවකයින්ගේ රැකියාවල ප්‍රමිතීන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන වුර්තීය සමිතිය (Transport Workers Union), Uber ආයතනය සහ DoorDash ආයතනය Fairwork කොමිසම ඉදිරියේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. Uber eats, DoorDash වැනි සේවා සපයන සේවකයින් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන වුර්තීය සමිතිය සමග එක්ව වසර ගණනක් රැකියාවේ ප්‍රමිතිය උසස් කරලීම සඳහා කටයුතු කර තිබෙනවා. යෝජනා වී තිබෙන නව වෙනස්කම් ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now