කුකුල් බඩවැලේ සිට සජීවී මැඬියන් දක්වා වූ විවිද අනවසර ද්‍රව්‍ය ටොන් සියගණනක් ඕස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ නිලධාරීන් විසින් සෑම වසරකම රාජසන්තක කරනු ලැබේ. ඔස්ට්‍රේලියාවට ඇතුළුවන ඕනෑම අයෙක් ඕස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ නීති වලට යටත් වන අතර සැකසහිත අවස්තාවන් වලදී ගමන් මලු පරීක්ෂාවට ජෛව ආරක්ෂණ නිලධාරීන් පූර්ණ අයිතිය පවතී.

2023 වසරේ ඔස්ට්‍රේලියාවට මිලියන 19ක් දෙනා පැමිණ ඇති අතර ඉන් මිලියන 7.5ක් දෙනා ජෛව ආරක්ෂණ පරීක්ෂාකිරීම් වලට ලක්වී තිබේ.
ඉන්දියාවේ ගංගා නදියෙන් පූජනීය යැයි සැලකෙන ජලය ගෙන ඒමට කිරීමට උත්සාහ කරන සංචාරකයෙකු කැන්බරා නුවරදී හමු වී තිබේ.
මෙහිදී ඔස්ට්‍රේලියාවට රැගෙන ඊමට අවසර නොමැති ද්‍රව්‍ය ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් රාජසන්තක කර තිබේ. මේ අතර මෙම ද්‍රව්‍ය පිරික්සීම සඳහා යොදා ඇති පුහුණු සුනඛයින් විසින් අනවසර ද්‍රව්‍ය 30000ක් පමණ සොයාගැනීමට සමත් වී තිබේ.
2019 සිට 2023 දක්වා වූ කාලය තුල අනවසර ද්‍රව්‍යය රැගෙන ඒමට උත්සාහ දැරීම හේතුවෙන් වීසා 22ක් අවලංගු වී තිබේ.
ජෛව ආරක්ෂණ අවදානමක් ලෙස සලකනු ලබන ද්‍රව්‍ය මොනවාද?
අනවශ්‍ය පළිබෝධ, රෝග සහ වල් පැලෑටි පැතිරීමෙන් දේශීය ශාක හා සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීම සඳහා දැඩි ජෛව ආරක්ෂණ නීති ඔස්ට්‍රේලියාව තුල පවතී. මෙහිදී විවිද ආහාර ද්‍රව්‍ය ඔස්ට්‍රේලියාව තුලට ගෙන ඒමට උත්සාහ දැරීම් වැඩි වශයෙන් සිදුවේ.
සිඩ්නි සහ මෙල්බර්න් ගුවන් තොටුපළවල් වලදී වැඩිවශයෙන් මෙවැනි ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සිදුවේ. බොහෝවිට කුළුබඩු වර්ග සහ මස් වර්ග මෙම පරීක්ෂා කිරීම් වලදී හමුවන අතර විවිද අමුතු ද්‍රව්‍යද මේ අතර වේ.
පසුගිය වසරේ කැන්බරා ජෛව ආරක්ෂණ නිලධාරියෙකු ඉන්දියාවේ ගංගා නදියෙන් පූජනීය යැයි සැලකෙන ජලය ගෙන ඒමට කිරීමට උත්සාහ කරන සංචාරකයෙකු සොයා ගෙන තිබේ.
පර්ත් හිදී, රට තුළට ඇතුළු වීමට උත්සාහ කල මගියෙකු, සම්පූර්ණ කෙසෙල් ගසක්, එහි මූල පද්ධතිය සහ පස සහිතව ඔවුන්ගේ ගමන් මලුවලට අසුරා ඇත. මෙහිදී සත්ව කොටස් මෙන්ම පණපිටින් සිටින ගෙම්බන් වැනි සතුන්ද රට තුලට ගෙන ඒමට උත්සාහ දරා තිබේ.

ඔස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 78 ක කෘෂිකාර්මික කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි ජෛව ආරක්ෂණ පරීක්ෂා කිරීම් හරහා මෙවැනි ද්‍රව්‍ය ඉවත්කිරීම සිදු කලයුතු බව ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.
ඔස්ට්‍රේලියාවට අහිතකර නීත්‍යානුකූල නොවන මෙවැනි ද්‍රව්‍ය රට තුලට ගෙන ඒමට තැත්කර හසු උවහොත් ඔබට විවිද දඩ මුදල් වලට යටත් වීමට සිදු වේ. මෙහිදී $626 සිට $6,260 දක්වා වූ දඩ මුදල් ගෙවීමට ඔබට සිදුවනු ඇත.





