Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ණය ගෙවන්න නොහැකි උනොත් ඔබව සිරගත කල හැකිද: ඕස්ට්‍රේලියාවේ Credit Law එකෙන් ඔබට ඇති අයිතීන් දැනගන්න

Asian woman talking on smartphone with call center of bank client support operator about problem with shopping and paying online.

Learn about Australian Credit Law Credit: Jajah-sireenut/Getty Images

ඔබ මූල්‍ය දුෂ්කරතා අත්විඳින්නේ නම් සහ ණය ගෙවීමට දැඩි අපහසු තාවයකට පත්වී සිටිනවානම්, ඔබේ අයිතිවාසිකම් මොනවාද යන්න තේරුම් ගැනීම ඉතාම වැදගත්. ඔබ ඔබේ ණය හිමියන් සමඟ ඔබේ මූල්‍ය අර්බුදය සම්බන්දයෙන් සාකච්චා කරනවිට යම් එකඟතාවයකට පැමිණීමේදී ඔබේ අයිතිවාසිකම් පිලිබඳ දැනගෙන සිටීම ඔබට බෙහෙවින් උපකාර විය හැකියි.


දඩ මුදල්, පුද්ගලික ක්‍රෙඩිට් කාඩ් සහ, පුද්ගලික ණය, උපයෝගිතා බිල්පත් සහ ටෙලිකොම් බිල්පත් හා සම්බන්ද ණය අර්බුද තත්වයන් හිදී එක් එක් අවස්තාවන් වල ඔබට ඇති ප්‍රධාන අයිතිවාසිකම් ගැන දැනුවත් වීම වැදගත් වේ.

ණය මුදලක් නොගෙවීම නිසා ඔබව සිරගත කල හැකිද?.

මෙහිදී ණය මුදලක් නොගෙවීම නිසා ඔබව සිරගත කල නොහැක. නමුත් ඔබ යම් දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇත්නම් එහිදී ඔබට නඩු පවරා සිරගත කිරීමක් සිදු කරන්න පුළුවන්. දඩ මුදල් අනෙකුත් ණයවලට වඩා වෙනස් වන්නේ ඒවා නීතිය කඩ කිරීම හේතුවෙන් රජය විසින් පනවන ලද දඬුවම් වන බැවිනි. ඒවා නොගෙවීමේ ප්‍රතිවිපාක ඔබේ රියදුරු බලපත්‍රය අවලංගු වීම හෝ සිරගත කිරීම වැනි බරපතල විය හැක.

අනෙකුත් ණය සඳහා අදාළ වන්නේ ණය පිලිබඳ නීතියයි. ක්‍රෙඩිට් නීතිය ක්‍රෙඩිට් කාඩ්, ණය, පුද්ගලික ණය හෝ ලීසිං සඳහා අදාළ වේ. එය මූල්‍ය සහ උකස් තැරැව්කරුවන්ට ද අදාළ වේ.

ණය සමඟ සම්බන්ද ගැටළු කාරී තත්වයන් වලදී එය ඉතා පීඩාකාරී විය හැකිය.

පාරිභෝගිකයෙකු ලෙස ඔබව ආරක්ෂා කිරීමට, ඔබට මූල්‍ය දුෂ්කරතා ඇති විට ඔබේ අයිතීන් සුරැකීමට හා ඔබට උපකාර කළ හැකි පුළුල් නීති ඕස්ට්‍රේලියාවේ පවතී

මේවා ණය නීති එසේත් නෙතිනම් Credit Laws ලෙස හැඳින්වේ.

ඉතින් මේ Credit Laws එනම් ණය නීතී වලට අනුව ඔබ මූල්‍ය අර්බුදයක සිටින අවස්තාවක ඔබේ අයිතීන් මොනවාද?

  • ණය ගෙවීම සඳහා ණය ලබාදුන් ආයතනය විසින් කාලීන, සාධාරණ හා ඵලදායී විසඳුමක් ඔබවෙත ඉදිරිපත් කලයුතුයි.
  • ඔබේ ණය හිමියා සමඟ ණය සම්බන්ද ගැටලුවට එකඟතාවයකට පැමිණීමට නොහැකිනම් බාහිර පාර්ශවයක් හරහා නොමිලයේ ණය ගැටලුව නිරාකරණය කරගැනීමට ඔබට අවස්ථාව සලසා දිය යුතු වේ.
  • මූල්‍ය දුෂ්කරතා තත්ත්ව සලකා බැලීමට ඉල්ලීම් කිරීමට සහ බාහිර තුන්වන පාර්ශවයක් මගින් මේ සම්බන්ද තීරණ නැවත සලකා බැලීමට ඉල්ලීම් කිරීමට ඔබට අයිතියක් ඇත.
  • ඔබගේ ණය ගෙවීම් පැහැර හැරීමක් නිවැරදි කිරීමට අවම වශයෙන් දින 30ක කාලයක් ඔබට ලබාදිය යුතුයි.
  • ඔබගේ ණය කොන්දේසි සහ ඉල්ලීම මත ණය ලේඛන සහ ගිණුම් ප්‍රකාශවල පිටපත් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.
  • ඔබේ අවශ්‍යතා සපුරාලන සහ ඔබට දැරිය හැකි ණය පමණක් ලබාදීමට ණය නිකුත් කරන ආයතන බැදී සිටිනවා. මෙහිදී ඔබට නුසුදුසු ණය නිකුත්කිරීම නීතියෙන් තහනම් වේ.
Debt Collection
Source: AAP

විවිද ණය වර්ග ආශ්‍රිත ව ඔබට ඇති අයිතිවාසිකම් මොනාද?

 

Utilities bills

Utilities bill එනම් උපයෝගීතා බිල්පත් ගෙවීමට ඔබට අපහසු තත්වයක් පවතින අවස්ථාවකදී සාධාරණ ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සඳහා අයදුම් කිරීමට ඔබට අයිතියක් තිබේ.එලෙස සාධාරණ ගෙවීම් ක්‍රමයක් ලබාදීමට අදාළ ආයතනයට වගකීමක් පවතී. එසේම ගෑස් , විදුලිය වැනි සේවා විසන්ධි කරනවානම් ඒ සඳහා කලින් දැනුම් දීමක් කරතිබීම අත්‍යවශ්‍ය වේ.

Telco: දුරකථන සේවා

\

දුරකථන සේවා සඳහා හිඟ මුදල් හෝ ණය පවතින අවස්ථාවක ඔබේ ටෙලිකොම් ආයතනය ඔබේ තත්ත්වයන් සලකා බලා සුදුසු විකල්ප ඉදිරිපත් කිරීමට කටයුතු කල යුතුයි. මෙහිදී ඔබගේ භාවිත පිරිවැය අඩු කිරීමට විකල්ප අවස්ථා ලබා ගැනීමට ඔබට අයිතියක් ඇත. එසේම සුදුසු පහසු ගෙවීමේ ක්‍රමයක් ඉල්ලසිටීමේ අයිතියක් ඔබට ඇත. ඔබේ සේවාව සීමා කිරීමට හෝ විසන්ධි කිරීමට පෙර ඔබේ සැපයුම්කරු විසින් අවම වශයෙන් දින 5ක දැනුම්දීමක් ලිඛිතව ලබා දීම අනිවාර්ය වේ.

Pay Day Loans: කුඩා හෝ කෙටිකාලීන ණය.

ZIP Money, BeforePay සහ Klarna වෙනි මෙම කුඩා ප්‍රමාණයේ ණය ගැනීම ඉතා ප්‍රචලිත වී තිබේ . $2000ක් දක්වා වූ මෙම ණය ලබාගෙන ගෙවාගැනීමට අපහසුනම් එහිදී ඔබෙන් පොලී හෝ ගාස්තු වලට අමතරව පනවා ඇති සීමාවට වඩා වැඩියෙන් අය ගාස්තු කිරීමේ හැකියාවක් නොපවතී. එසේම මෙම ණය නිකුත්කිරීමේදී ඔබට නුසුදුසු ණය ඔබට ලබාදීමට පෙළඹවීමට අදාළ ආයතන වලට ටහනම් වේ.එසේම ඔබේ ණය මුදල සඳහා ඇපකර ලබාගැනීමේ හැකියාවක්ද ඔවුන්ට පවතින්නේ නෑ .

මෙම අවස්ථවන් සියල්ලේදීම ඔබට අදාළ ආයතන සමග එකඟතාවයකට පැමිණීමට නොහැකිනම් නොමිලයේ බාහිර තුන්වන පාර්ශවයකින් ඒ සඳහා විමසීම් කිරීමට ඔබට අයිතියක් තිබී. ඒ සඳහා අවස්ථාව ලබාදීමට අදාළ ආයතන නීතියෙන් බැඳී සිටී. එසේම මූල්‍ය උපදේශක වරයකු ගේ උපදෙස්ලබාගනීම හෝ මූල්‍ය උපදේශකයකු හරහා එම ආයතන සමග සම්බන්ද වීම ඔබට වඩා හොඳ විසදුම් පහසුවෙන් ලබාගැනීමට වැඩි අවස්ථාවක් උදාකරයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now