වසර 300 ක් පමණ පැරණි ලෝක ප්‍රසිද්ධ රොබින් හුඩ්ගේ ගස විනාශ කරයි, අලුත්ම තත්ත්වය මෙන්න

A tree surrounded by green hills, with a blue and cloudy sky.

Renewed interest in the tree and its surrounding site was sparked after it was used as a location in the film Robin Hood: Prince of Thieves. Source: Getty / Heritage Images

රොබින් හුඩ්ගේ ගස ලෙස ලෝක ප්‍රසිද්ධියට පත් Sycamore Gap Tree හෙවත් Sycamore ගස යම් පුද්ගලෙයකු විසින් කපා දමා තිබේ.


රොබින් හුඩ් යනු ලෝකයේ බාල, තරුණ, මහළු යන කොයි කාගේත් වීරයෙකි.

ශ්‍රී ලංකාවේ බොහෝ උදවියට රොබින් හුඩ් ගැන සඳහන් කරන විටම මතකයට නැගෙන්නේ ජාතික රුපවාහිනිය ඔස්සේ දශක කිහිපයකට පෙර සිංහල උප සිරැසි සහිතව විකාශය වූ ඉන් අනතුරුව කිහිප වරක්ම විකාශය වූ "Robin of Sherwood" කතාවය.

රොබින් හුඩ් පිළිබඳ ලෝකයේ බිහිවූ රුපවාහිනී මාලා නාටක වලින් අදටත් එය ජනප්‍රියම මාලා නාටකයක් ලෙසට සටහන් වේ.

පසුගියදා රොබින් හුඩ් සම්බන්ධයෙන් ඉතා දුක්මුසු පුවතක් අසන්නට ලැබුණි.

එනම් රොබින් හුඩ්ගේ ගස ලෙස ලෝක ප්‍රසිද්ධියට පත් Sycamore Gap Tree හෙවත් Sycamore ගස යම් පුද්ගලෙයකු විසින් කපා දැමීමය.

රොබින් හුඩ්ගේ ගස

Sycamore Gap Tree හෙවත් රොබින් හුඩ්ගේ ගස (Robin Hood Tree) යනු එංගලන්තයේ Northumberland හි Crag Lough අසල Hadrian's Wall එක අසල පිහිටි Sycamore ගසකි.

එය ඉතාම රමණීය ලෙස පොළොවෙන් උඩට මතුවී තිබුණු අතර එම ගස ඇතුළු එම ස්ථානය එංගලන්තයේ ජනප්‍රිය ඡායාරූප ගැනීමේ ස්ථානයක් ලෙස ද හැඳින්වේ.

එමෙන්ම එය එංගලන්තයේ වඩාත්ම ඡායාරූප ගත කරන ලද ගස්වලින් එකක් ලෙස ද වාර්තා වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම ගස 1991 දී තිරගත වූ සුපිරි හොලිවුඩ් නළු Kevin Costner රඟපෑ Robin Hood: Prince of Thieves චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලයක් ලෙස යොදාගත් බැවින් එය එතැන් පටන් රොබින් හුඩ්ගේ ගස ලෙස විරුදාවලිය ලැබීය.

ලෝක සිනමා ඉතිහාසයේ අදටත් ජනප්‍රියතම රොබින් හුඩ් ඉංග්‍රීසි චිත්‍රපටය ලෙස සලකනු ලබන්නේ මෙම චිත්‍රපටයය.

වසර 300 ක් පමණ පැරණි මෙම ගස 2016 වසරේ එංගලන්තයේ Tree of the Year සම්මානය ද දිනා ගත්තේය.

නමුත් 2023 සැප්තැම්බර් 28 වන දින හිමිදිරි උදෑසන මෙම ගස එක්තරා පුද්ගලයකු විසින් කපා දමන ලදී.

A tree that has been cut near the base of its trunk and fallen.
Authorities said the tree's vandalism had "caused understandable shock and anger throughout the local community". Source: Getty / Jeff J Mitchell

රොබින් හුඩ්ගේ ගස කැපීම සම්බන්ධයෙන් සිදුකළ අත්අඩංගුවට ගැනීම්

මෙම ගස කැපීමේ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පසුගිය සතියේදී Northumbria පොලිසිය නිවේදනය කළ නමුත් පසුව ඔහු ඇප මත මුදා හැර තිබේ.

ඉන් අනතුරුව 60 වැනි වියේ පසුවන තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

මෙම විමර්ශන කටයුතු තවමත් මුල් අදියරේ පවතින බවත් යම් තොරතුරක් දන්නවානම් ඒවා ඉදිරිපත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මීළඟට මොකද වෙන්නේ?

ගසේ පාදයෙන් නව රිකිලි වර්ධනය වීමට ඉඩ සලසන ලෙස මෙම ගස කපා ඉවත් කර දැමීමට හැකියාවක් ඇති බව ජාතික භාරයේ කළමනාකරු Andrew Poad, BBC නාලිකාවට පැවසීය.

කෙසේ වෙතත්, Sycamore Gap හි ඇති ගසක් තරම් පැරණි ගසක් ප්‍රතිස්ථාපනය කිරීමට “සියවස්” ගණනාවක් ගත විය හැකි බව Woodland Trust estate කළමනාකරු Mark Feather අනතුරු ඇඟවූයේය.

මෙම රොබින් හුඩ්ගේ ගස නැවත වැඩීමට පටන් ගනී යැයි තමා විශ්වාස කරන නමුත් එය කවදාවත් තිබුණු හැඩයට හෝ තිබුණාක් මෙන් හොඳ එකක් හෝ නොවනු ඇති බව Northumberland හි Alnwick උද්‍යානයේ ප්‍රධාන උද්‍යාන පාලක Rob Ternent පැවසුවේය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now