ඕස්ට්‍රේලියානුවන්ට පෙට්‍රල් සඳහා ඉතා විශාල ගාස්තුවක් ගෙවීමට සිදු වී තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියානු ඩොලරය අවප්‍රමාණය වීම සහ බොරතෙල් බැරලයක මිල ඉහල යාම එකවර සිදුවීම හේතුවෙන් මේ ආකාරයට පෙට්‍රල් මිල අධික ලෙස ඉහල යාම සිදුවී ඇති බව දත්ත මගින් අනාවරණය කෙරේ.
ඔක්ටේන් 91 Unleaded ඉන්ධන ලීටරයක සාමාන්‍ය මිල සත 271.92 සීමාව දක්වා වැඩිවී තිබේ.
මෙල්බර්න්, සිඩ්නි, ඇඩ්ලේඩ්, බ්‍රිස්බේන් සහ පර්ත් යන ප්‍රධාන නගර සියල්ලේම මේ ආකාරයට මිල ඉහල ගොස් තිබේ. මෙහිදී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වර්ථා වූ $2.17 අගය ඉක්මවා යාමක් සිදු වී තිබේ.
ඉන්ධන වෙළඳපොලේ පෙට්‍රල් තොග මිල 13.9%කින් ඉහල ගොස් ඇති බව ඔහු පෙන්වා දේ. පසුගිය කාලයේ පෙට්‍රල් ලීටරයක තොග මිල $1.65 සිට 1.88 දක්වා ඉහල ගොස් තිබේ.
මෙහිදී ඉන්ධන ලීටරයක් සඳහා වැඩිම මිලක් ගෙවනු ලබන්නේ බිස්බෙන් ජනතාව වේ. ඔවුනට ලීටරයක් සඳහා $2.30 ත් $2.35ත් අතර මුදලක් ගෙවීමට සිදු වී තිබේ. පසුගිය සිකුරාදා දිනයේ සිදු වූ මිල වැඩි වීමත් සමග මෙල්බර්න් ජනතාවට පෙට්‍රල් ලීටරයක් සඳහා $2.25ක් ගෙවීමට සිදු වී තිබේ. මේ අතර සිඩ්නි ජනතාවට ලීටරයක් සඳහා $ 2.13ක් ගෙවීමට සිදු වී තිබේ. මෙහිදී ප්‍රධාන නගර අතරින් පෙට්‍රල් ලීටරයක් සඳහා අඩුම මිලක් වාර්තා වන්නේ පර්ත් නගරයෙන් වේ. පර්ත් නගරයේ පෙට්‍රල් ලීටරයක මිල සටහන් වුයේ $1.94ක් ලෙස වේ.
මේ ආකාරයට පෙට්‍රල් මිල එක්වරම ඉහල යාමට හේතු මොනවාද?
මේ සඳහා සාධක කිහිපයක් බලපෑ ඇති බවත් මේ සඳහා ඉන්දන සැපයුම් හල හිමියන්ට දෝශාරෝපනය කිරීමෙන් ඵලක් නොමැති බවත් Compare the Market ආයතනයේ Chris Ford පවසා සිටී.මූලික වශයෙන් ඉන්ධන වෙළඳපොලේ පෙට්‍රල් තොග මිල 13.9%කින් ඉහල ගොස් ඇති බව ඔහු පෙන්වා දේ. පසුගිය කාලයේ පෙට්‍රල් ලීටරයක තොග මිල $1.65 සිට 1.88 දක්වා ඉහල ගොස් තිබේ. තොග මිල ඉහල යාමත් සමග ඊට සාපේක්ෂව පෙට්‍රල් විකිණුම් මිල ඉහල යනාතර අවසානයේ පෙට්‍රල් මිල වැඩිවීම පාරිභෝගිකයා මත පැටවෙන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
ඕස්ට්‍රේලියානු ඩොලරය පසුගිය කාලයතුල අවප්‍රමාණය වීමද මේ සඳහා බලපෑ ඇතිබව ඔහු පෙන්වා දෙනවා. මෙහිදී ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහල යාමද සිදු වී තිබේ. මැදපෙරදිග කලාපය තුල සිදුවන යුධමය තත්වය හේතුවෙන් මේ ආකාරයට බොරතෙල් මිල ඉහල යනබව ඔහු වැඩිදුරටත් පවසා සිටී.මෙම තත්වය පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු වූ බොරතෙල් මිල වැඩිවීමට බෙහෙවින් සමාන තත්වයක් බවද ඔහු පවසා සිටී.
ඉදිරියේදී පෙට්‍රල් මිල අඩුවීමක් බලාපොරොත්තු විය හැකිද?
ඉදිරි දින කිහිපය තුල පෙට්‍රල් මිල අඩුවිය හැකි බව Compare the Market ආයතනය විශ්වාසය පළකර සිටී. සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් නගර වලට සාපේක්ෂව ඇඩිලේඩ් නගරයේ පෙට්‍රල් මිලගණන් ඉතා ඉක්මනින් යාවත් කාලීන වන බව Compare the Market ආයතනය පෙන්වා දී තිබේ. මෙනිසා ඇඩිලේඩ් නගරයේ දක්නට ඇති ආකාරයට පෙට්‍රල් මිල ගණන් ඉදිරි දින කිහිපය තුල යම් අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බව එම ආයතනය පෙන්වා දී තිබේ. මෙහිද්දේ පර්ත් නුවර පෙට්‍රල් මිල ගණන් ද මේවනවිටත් සත 21කින් අඩුවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් සිඩ්නි මෙල්බර්න් ඇතුළු අනෙකුත් ප්‍රධාන නගරවල පෙට්‍රල් මිල ගණන්ද අඩු වනු ඇති බවට විශ්වාස කල හැකිවේ.