දේශපාලන සහ ආර්ථික බලපෑම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සමාජ සහජීවනය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. බහු සංස්කෘතිකත්වය, රජය කෙරෙහි ඇති විශ්වාසය සහ ප්‍රජා සම්බන්ධතා වැනි කරුණු පිළිබඳව ඔස්ට්‍රේලියානුවන් සමීක්ෂණය කරනු ලබන 17 වැනි වාර්ෂික ස්කැන්ලෝන් වාර්තාව මගින් මේ බව හෙළි වී තිබේ. මීට පෙර වසර වල මෙන් ඔස්ට්‍රේලියානුවන් එක්සත් ව නොසිටින බව මෙම වාර්තාවෙන් හෙළි වෙන අතර මැදපෙරදිග ගැටුම් වැනි විදේශයන්හි සිදු වන ඇතැම් සිදුවීම් ද මීට හේතු වී තිබේ.
ආකාර කිහිපයකින්ම වාර්තා වන පරිදි මෙම සමාජ පරිහානිය සමඟින් ඔස්ට්‍රේලියාවේ සමාජ ඒකාබද්ධතාවය වෙනස් විය හැකිය.
ආර්ථික පීඩනය සහ අසමානතාවය මේ වන විට ඔස්ට්‍රේලියානුවන්ට බලපාන ප්‍රධානතම ගැටළු වන බව Scanlon Foundation Research Institute හි සමාජ සහයෝගීතා පිළිබඳ වාර්ෂික වාර්තාව මගින් හෙළිදරව් වේ.
ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජේම්ස් ඕ'ඩොනෙල් මෙවර වාර්තාවේ කතුවරයා වේ.
ඔස්ට්‍රේලියාව තුළ සමාජ සහජීවනය මැන බැලීම සඳහා ඔවුන් මෙම සමීක්ෂණයේදී විවිධ මානයන් කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රජාවන් තුළදී අපට ඔස්ට්‍රේලියාවට අයත් කෙනෙකු බවට දැනෙන හැඟීම, තමා අවට සිටින අනෙකුත් පුද්ගලයින් සහ රජයන් කෙරෙහි ඇති විශ්වාසය, අප කොතරම් දුරට සතුටින් සිටිනවාද යන වග, අපට කෙතරම් දුරට ආර්ථික සුරක්ෂිත බවක් දැනෙනවද යන කාරණය , අප ප්‍රජා කටයුතු සහ ස්වේච්ඡා කටයුතු වලට කොතරම් දායක වනවාද යන්න එමෙන්ම වෙනත් සහ විවිධ පසුබිම්වලින් පැමිණෙන පුද්ගලයන්ව අපි කොයිතරම් දුරට පිළිගන්නවාද යන විවිධ මානයන් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.
මෙම සමීක්ෂණයට අනුව ජනතාව තුළ ඔස්ට්‍රේලියාවට අයත් වීම පිළිබඳ දුර්වල හැඟීමක් ඇති බවත් ඔවුන් මූල්‍ය ආතතිය අත්විඳින බවත් , ආර්ථික අසමානතාවය ගැන වැඩි සැලකිල්ලක් දක්වන අතරම රජය කෙරෙහි ඔවුන්ට ඇති විශ්වාසයක් අඩු බවත් හෙළි වී තිබේ.
2023 වසරේ සිදු කරන ලද මෙම සමීක්ෂයේදී සංක්‍රමණ, බහු සංස්කෘතික බව, ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු, රජය සහ ප්‍රජා ජීවිතය ඇතුළු විවිධ මාතෘකා සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්න 90 කට අධික ප්‍රමාණයකට ප්‍රතිචාර දැක්වූවන් 7,500 කගේ අදහස් එක් කර ගෙන තිබේ.
2020 වසරේ සිදු කළ මෙම සමීක්ෂණයෙන්, COVID 19 වසංගත කාලය තුළ විවිධ සමාජ සහජීවන දර්ශක වල ප්‍රබල වැඩිවීමක් අනාවරණය වූ නමුත් වර්තමාන දත්ත මගින් ඒවා ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පෙන්නුම් කෙරේ.
2020 වසරේදී පුද්ගලයින්ගෙන් 52% ක් තමා ඔස්ට්‍රේලියාවට අයත් යැයි විසල් හැඟීමක් ඔවුන්ට දැනෙන බව වාර්තා කළ නමුත් එම අගය 2023 වසර වන විට වාර්තාගත අවම අගය වන සියයට 48 දක්වා පහත වැටී ඇත.
එමෙන්ම ඔස්ට්‍රේලියානු ජීවන රටාව සහ සංස්කෘතිය පිළිබඳව මහත් ආඩම්බරයෙන් සලකන පුද්ගලයන්ගේ ප්‍රතිශතය සියයට 37 දක්වා පහත වැටී ඇත.
මේ වසරේ වාර්තාගත ඉහළම අගය වන ජනතාවගෙන් සියයට 84ක් විශ්වාස කරන්නේ ඉහළ සහ අඩු ආදායම් ලබන අය අතර පරතරය මේ වසරේ ඉතා විශාල බවයි.
ආර්ථික ගැටළු නොතකා, මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ඔස්ට්‍රේලියාවේ පවතින සංස්කෘතික විවිධත්වය ගැන උද්යෝගිමත්ව සිටී. ඔස්ට්‍රේලියානුවන්ගෙන් 89% ඔස්ට්‍රේලියාවට බහු සංස්කෘතික බව සුදුසු යැයි විශ්වාස කරන අතර ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට සංක්‍රමණිකයන් වැදගත් වන බව ඔවුන්ගෙන් 86% ක් විශ්වාස කරයි.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80% ක් තමන් තම අසල්වැසි ප්‍රදේශයට අයත් යැයි හැඟෙන බව පැවසූ අතර 64% ක් තමන්ට සිය අසල්වැසි ප්‍රදේශයේ ප්‍රජාව පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇති බව පවසයි.
නමුත් ඔස්ට්‍රේලියාවේ සහ ජාත්‍යන්තරව සිදු වන දේශපාලනික වෙන්ස්වීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ සමාජ සහජීවනය පිළිබඳ හැඟීම් වෙනස් වීමට ඉඩ ඇත.
යුදෙව් සහ මුස්ලිම් ප්‍රජාවන් මීට උදාහරණයකි.
පසු ගිය ඔක්තෝබර් 7 වෙනිදා ගාසා තීරයේ ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භ වූ දා සිට, මුස්ලිම් විරෝධී සහ යුදෙව් විරෝධී සිදුවීම් වැඩි ගණනක් පොලිසිය වෙත වාර්තා වී තිබේ.
යුදෙව් ජාතික තරුණ ශිෂ්‍යයන්ට බෝම්බකරුවන්, ළදරු ඝාතකයින් කියා අමතමින් වාචික අපහාස කිරීම් මෙන්ම යුදෙව් ජාතිකයන්ට අයත් ව්‍යාපාර වර්ජනය කිරීම් දක්වා සිදු වීම් වැඩි වෙමින් පවතී.
මැදපෙරදිග ගැටුම්වල උණුසුම සියලු පාර්ශ්වවලට දැනෙමින් පවතින අතර
ඉස්ලාම් ආගමට එරෙහිව එල්ල වන ප්‍රහාර දසගුණයකින් පමණ වැඩි වී ඇති බව ඔස්ට්‍රේලියාවේ ඉස්ලාමීය කවුන්සිලය විසින් පෙන්වා දී තිබේ.
පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිකත්වය සහ සංක්‍රමණ සඳහා සහයෝගය ඉහළ මට්ටමක පැවති නමුත් 2023 වසරේදී විවිධ පසුබිම් වල පුද්ගලයින් සමාජය තුළ වෙනස් කොට සැලකීම් සහ ඔවුන් අගතියට පත් වන අවස්ථා වැඩි වී තිබේ.
පසුගිය වසර තුළ තමන් සමේ වර්ණය, වාර්ගික සම්භවය හෝ ආගම හේතුවෙන් වෙනස්කම්වලට ලක් වූ බව ඔස්ට්‍රේලියාවේ සහජීවනය පිළිබඳ සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 18%ක් පවසයි. එම අගය 2022 වසරේ දී 16% ක් විය.
COVID-19 වසංගත සමයේ මුහුණ දුන් පීඩනය ඔස්ට්‍රේලියාවේ සහජීවනය පිළිබඳ මහජනතාව තුළ ඇති හැඟීමට බලපා ඇති බව Multucultural Australia හි ප්‍රධාන විධායක නිලධාරිනී ක්‍රිස්ටීන් කැස්ට්ලි විශ්වාස කරයි.
මේ හේතුවෙන් රටක් ලෙස අප විසින් ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට සහ එකිනෙකා වෙත ළඟා වීමට, සම්බන්ධ වීමට සහ සන්නිවේදනය කිරීමට උපරිම ශක්තියෙන් කටයුතු කළ යුතු වේ. වෙනස්කම් දුරලා සහ අපගේ විවිධ ඉතිහාස කතා සහ අත්දැකීම් සමඟ එකට එකතු වන්නේ කෙසේදැයි ඉගෙනීමෙන් ඔස්ට්‍රේලියාව තුළ සැබෑ අයිතිවාසිකමක් නිර්මාණය කිරීමට අපට හැකි වන බව ක්‍රිස්ටීන් වැඩිදුරටත් කියා සිටී
මේ අතර රට තුළ ආර්ථික පීඩනය ඉහළ යාමත් සමඟ,සිය ආර්ථිකය පිළිබඳව සෑහීමකට පත්වන පුද්ගලයින්ගේ අනුපාතය 2023 වසරේදී 61% දක්වා පහත වැටී තිබේ.

Sydney downtown, blurred intersection people and traffic in a sunny day at dusk Credit: LeoPatrizi/Getty Images
2023 දී මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 12 %ක් වාර්තා කළේ ඔවුන්ට බොහෝ විට ආහාර පවා නොමැති බවයි. සියයට 22 කට බොහෝ විට ඖෂධ හෝ සෞඛ්‍ය සේවා සඳහා ගෙවීමට නොහැකි වන බවත් මෙහිදී අනාවරණය වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ සහජීවනය වැඩි කිරීමට නම් මෙවැනි ගැටළු විසදීම වැදගත් වන බව ආචාර්ය James O'Donnell පවසයි.
පළමුව පැහැදිලිවම ඔස්ට්‍රේලියාවේ පවුල් වලට අවශ්‍ය මූල්‍ය උපකාර ලබා දීමත් ජනතාවට එදිනෙදා අවශ්‍යතා සපුරාලීමට හැකි බව සහතික කිරීමත් වැදගත් වන බව ඔහු පවසයි.
ජනතාවට සිය මූලික අවශ්‍යතා සපුරාලීමට නොහැකිව ජීවන අරගලයක සිටින විට ඔවුන්ට ඔස්ට්‍රේලියාව පිළිබඳ අයිතිය සහ විශ්වාසය පිළිබඳ හැඟීම් දැනීම බෙහෙවින් අඩු වේ. ඔවුන් විසින් අප රටේ විවිධත්වය සහ අපගේ වෙනස්කම් පිලිගැනීම බෙහෙවින් අඩු වන අතර ඉක්මනින් මෙම ගැටළු වලට විශේෂයෙන්ම ආර්ථික පීඩනය, ආමන්ත්‍රණය කිරීම හෝ අවම වශයෙන් කළමනාකරණයක් කිරීම ඉතා වැදගත් වේ.
ඔස්ට්‍රේලියාව “අවස්ථා වලින් පිරිපුන් දේශයක්” යන මතය රට තුළ ක්‍රමයෙන් පිරිහෙමින් පවතී.
2023 දී ජනතාවගෙන් 63 % ක් මෙම අදහසට එකඟ වූ නමුත් එය ඔස්ට්‍රේලියාවේ මීට දශකයකට පෙර පැවති අගය වඩා 16% ක අඩු වීමකි.







