අගෝස්තු මාසයේදී නැවත පොලී අනුපාත ඉහලයාමක් වෙන්න පුලුවන්ද?

H5N1 (6).png

Source: Getty Images

ඔස්ට්‍රේලියාව තුල පවතින විරැකියා අනුපාතය සම්බන්ද නවතම දත්ත නිකුත් වී ඇත. මෙහිදී අගෝස්තු මාසයේ නැවත පොලී අනුපාත වැඩි කිරීමක් ගැන යම් මත පළවීමට පටන් ගෙන තිබේ.


ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට (ABS) අනුව, ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය මැයි මාසයේදී 4% සිට 4.1% දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. මෙහිදී මහා බැංකුව අපේක්ෂා කර ඇත්තේ විරැකියා අනුපාතය 4.3% දක්වා ඉහල යනු ඇති බවයි. කෙසේ වෙතත්, ජුනි මාසයේදී නව රැකියා අවස්ථා 50,200 ක් නිර්මාණය වී ඇත.

මෙම අගය ආර්ථික විද්‍යාඥයින් බලාපොරොත්තු වූවාට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වේ. මෙම රැකියා බොහෝමයක් පූර්ණ කාලීන තනතුරු වේ. එසේ උවත් ඉහල ගිය සංක්‍රමණ ප්‍රමාණය හේතුවෙන් රැකියා සඳහා යොමුවීමේ අනුපාතය වාර්තාගත ඉහළ මට්ටමක පවතී.

මෑතදී, යුරෝපා සංගමය විසින් පොලී අනුපාත අඩු කළ අතර, ඇමරිකා එක්සත් ජනපදය බදු කප්පාදු කිරීම්ද අපේක්ෂා කෙරේ. මෙම ජාත්‍යන්තර ප්‍රවණතාවය ඕස්ට්‍රේලියානු මහා බැංකුවේ පොලී අනුපාත ඉහල දැමීම පිලිබඳ තීරණ නැවත සලකා බැලීමට බලපෑම් කළ හැකිය.

ශක්තිමත් රැකියා වෙළඳ පොලක් පැවතීම අගෝස්තු මාසයේදී පොලී අනුපාත ඉහළ යාම සඳහා හේතු විය හැකි බවට Morningstar හි ප්‍රධාන ආයෝජන නිලධාරී Matt Wacher පවසා සිටී.

2024-07-30_18-18-21.png
Source: AAP / Dean Lewins

ඉදිරියෙදී පොලී අනුපාත වැඩිවීමකට ඇති ඉඩ කවරේද?

උද්ධමනය ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පොලී අනුපාත පිළිබඳව තීරණය කිරීමේදී සලකා බලන තීරණාත්මක සාධකයකි. මැයි සිට මාස 12ක කාලය තුල තුළ උද්ධමනය 4% කින් ඉහළ ගොස් ඇති අතර එය බලාපොරොත්තු වූවාට වඩා තරමක් වැඩි අගයක් විය.

ලොව අනෙකුත් මහ බැංකු කරන්නේ කුමක්ද යන්න පිළිබඳවද ඕස්ට්‍රේලියානු මහා බැංකුව සැලකිල්ලට භාජනය කරනු ඇත. මෑතදී, යුරෝපා සංගමය විසින් පොලී අනුපාත අඩු කළ අතර, ඇමරිකා එක්සත් ජනපදය බදු කප්පාදු කිරීම්ද අපේක්ෂා කෙරේ. මෙම ජාත්‍යන්තර ප්‍රවණතාවය ඕස්ට්‍රේලියානු මහා බැංකුවේ පොලී අනුපාත ඉහල දැමීම පිලිබඳ තීරණ නැවත සලකා බැලීමට බලපෑම් කළ හැකිය.

වර්තමානයේ පවතින ශක්තිමත් රැකියා වෙළඳපොල මත පොලී අනුපාත වැඩි කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු නොකරනු ඇති බවට Betashares හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් බාසානීස් අපේක්ෂා කරයි. කෙසේ උවත් නිකුත් වීමට නියමිත ජුනි කාර්තුවේ උද්ධමන සංඛ්‍යා මෙහිදී තීරණාත්මක වනු ඇත. මෙම සංඛ්‍යා බලාපොරොත්තු වූවාට වඩා වැඩි නම්, එය ඕස්ට්‍රේලියානු මහා බැංකුවට ගාස්තු ඉහළ නැංවීමට යම් බලපෑමක් එල්ල කළ හැකිය. 2025 අවසානය වන විට 2-3% ඉලක්කය තුළට උද්ධමන අගය ගෙන ඒමේ ඕස්ට්‍රේලියානු මහා බැංකුවේ ඉලක්කයට, 4%ට වැඩි උද්දමන අගයන් වාර්තා වීම හානිකර විය හැක.

මේ අනුව ඉදිරියේදී නිකුත්වීමට නියමිත උද්දමන අගයන් මත අගෝස්තුමාසයෙදී පොලී අනුපාත වැඩිවීම, ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම හෝ පොලී අනුපාත කප්පාදුව සිදුවනු ඇත.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now