Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරාශ්‍රිත උපනගර කිහිපයක නිවාස මිල ගණන් වල යම් අඩුවීමක්

2024-06-14_16-19-02.png

Source: Getty / George Clerk

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිලගණන් වසර කිහිපයක සිටි අඛණ්ඩව මිල වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ නගර ආශ්‍රිතව ඇති උප නගර කිහිපයක නිවාස මිලගණන් පහත වැටී ඇති බව වාර්තා වේ.


Published

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිලගණන් වසර කිහිපයක සිටි අඛණ්ඩව මිල වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ නගර ආශ්‍රිතව ඇති උප නගර කිහිපයක නිවාස මිලගණන් පහත වැටී ඇති බව වාර්තා වේ.


ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිලගණන් පසුගිය වසර කිහිපයක සිටි අඛණ්ඩව වැඩි වූ අතර මේ හේතුවෙන් බොහෝ පළමු නිවාස ගැනුම් කරුවන්ට නිවාස වෙළඳ පොලට ඇතුළුවීමට ඇති හැකියාව ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. බොහෝ ප්‍රදේශවල මේ ආකාරයට නිවාස මිල ඉහල ගියත් සමහරක් නගර ආශ්‍රිත උප නගර වල නිවාස මිල ගණන් පහත වැටි තිබේ.

කොවිඩ් 19 වසංගත සමයේ බොහෝ පිරිස් නගර ආශ්‍රිත නිවාස අතහැර යාමට කටයුතු කිරීම හේතුවෙන් නගර ආශ්‍රිත උපනගර වල නිවාස මිලගණන් යම්තාක් දුරකට පහත වැටී ඇත.

මෙල්බර්න් සහ පර්ත් නගර වල ඇති උපනගර කිහිපයකම නිවාස මිල ගණන් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත. මෙල්බර්න් CBD ආශ්‍රිතව ඇති උපනගරයක් වන කාල්ටන් උපනගරයේ ඇති කුඩා නිවාස ඒකක විශාල මිල පහත වැටීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ. එහි නිවාස ඒකකයක මධ්‍ය මිල 33.3% කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වේ.

මෙල්බර්න් CBD සිට 3km පමණ දුරින් ඇති උපනගර වන North Melbourne, Brunswick West යන උප නගර වලද මිල ගණන් 13%කින් පමණ පහත වැටී ඇත. මෙම ප්‍රදේශ බොහෝ සෙයින් කුලී නිවැසියන් ජීවත් වූ ප්‍රදේශ වන අතර නිවාස හිමිකරුවන් ජීවත් වන ප්‍රමාණය අඩු බව වාර්තා වේ.

2024-06-14_16-23-52.png
Source: SBS News

මීට සාපේක්ෂව සිඩ්නි නුවර නිවාස ඒකක මිල ගණන් ඒ අකාරයෙන්ම පැවතී ඇත.

මේ ආකාරයට මිල ගණන් පහත වැටී ඇති අනෙකුත් නගරය වන්නේ පර්ත් නගරයයි. එහි උපනගර වලද නිවාස මිලගණන් 10%කින් පමණ පහත වැටී ඇත. Perth East උප නගරයේ කුඩා නිවාස ඒකකයක මාධ්‍ය මිල අගය $351,625 ක් දක්වා පහත වැටී ඇති අතර නිවාස වල මාධ්‍ය මිල $492,000 දක්වා පහත වැටී ඇත.

කෙසේ උවත් මේ ආකාරයේ නිවාස මිල පහත වැටීම් ඕස්ට්‍රේලියාව පුරා පවතින නිවාස වෙළඳ පොළ හා සසඳන විට ඉතා කුඩා ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී ඇත. මෙහිදී කුවීන්ස්ලන්ත සහ දකුණු ඕස්ට්‍රේලියානු සෑම උපනගරයකම මිලගණන් ඉහල යාමක් වාර්තා වේ.

මාස 17ක් පුරාවට ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් අඛණ්ඩව වැඩිවන අතර මැයි මස වනවිට නිවාස වල මාධ්‍ය අගය පෙරවසරට සාපේක්ෂව 6.68%කින් ඉහල ගොස් ඇත. මෙහිදී පර්ත්, බ්‍රිස්බේන් සහ ඇඩිලේඩ් යන නගර වලින් විශාලතම මිල වැඩිවීම් වාර්තා වේ.

කොවිඩ් 19 වසංගත සමයේ බොහෝ පිරිස් නගර ආශ්‍රිත නිවාස අතහැර යාමට කටයුතු කිරීම හේතුවෙන් නගර ආශ්‍රිත උපනගර වල නිවාස මිලගණන් යම්තාක් දුරකට පහත වැටී ඇත. නිවසේ සිට රැකියා කිරීමද මෙම ප්‍රවණතාවයට යම් පමණකින් බලපෑ ඇත. කෙසේ උවත් පසුගිය මාස 12 තුල මෙම තත්වයේ යම් වෙනසක් සිදුවෙමින් පවතින බව Canstar වෙබ් අඩවියේ දත්ත හරහා පෙනී යයි.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now