'කුකුල් මස් පිසීමට පෙර සෝදන්න එපා', උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ FCIS වෙතින් උපදෙස්

Man carving roasted turkey at traditional Christmas table

The Food Safety Information Council is reminding people that "your poultry doesn't need a bath". Credit: Jonathan Knowles/Getty Images

උත්සව සමයේ කලඑළිය අපිට දැන් ඉඳන් ම දකින්න තියෙනවනේ. සාප්පු සංකීර්ණවල, රැකියා ස්ථානයේ, මගතොටේ සැරසිලිවලින් අපිට මේ උත්සවාකාර බව දැනෙනවා. ඒත් මේ කාලය ඇස-කන පිනවන සමයක් ම නෙවෙයි. රස නහර පිනා යන විවිධ කෑම වර්ග නැත්නම් මේ කිසිදු සැමරීමක් අංගසම්පූර්ණ වෙන්නේ නැහැ. සංස්කෘතිකමය වශයෙන් අපි විවධ ආහාර වර්ග හදනවා. හැබැයි මේ කොයි කාටත් පොදු දෙයක් තියෙනවා. ඒ තමයි ආහාර ගැනීමේ දී සහ පිසිමේ දී සෞඛ්‍යාරක්ෂිත වීම. එහෙම නොකළොත් උත්සව සමයේ සතුට නැති වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ Food Safety Information Council (FSIC) විසින් ආරක්ෂිතව ඔබේ ආහාර රස විඳින්න ගෙන එන උපදෙස් කිහිපයක් තමයි මේ කෙටි විශේෂාංගයෙන් ගෙන එන්නේ.


ආහාර විසවීම් නිසා වාර්ෂිකව ඕස්ට්‍රේලියානුවන් මිලියන 4.67ක ප්‍රමාණයක් රෝගී වන බව FSIC පවසනවා. මෙවැනි රෝගී තත්ත්වයන් හුදු බඩේ අජීර්ණයක්, උදර වේදනාවක් වැනි දෙයකින් නතර නොවී සමහර විට ජීවිතයට අනතුරක් ඇති කරන තත්ත්වයක් පවා විය හැකි බව FSIC ප්‍රධාන විධයාක නිලධාරි ලිඩියා බුච්මැන් SBS News සමඟ පවසා සිටියා.

———————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now