රැකියා කිහිපයක් කරන බොහෝ සේවකයින් කාන්තාවන් බවද වාර්තා වේ. තවද අත්‍යවශ්‍ය නොවන බොහෝ දෑ සඳහා වියදම් කිරීම් නතර කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් කටයුතු කර ඇත.
වර්තමානයේ පවතින අධික වියදම් සහගත ආර්ථික තත්වය හේතුවෙන් වැඩි වශයෙන් ඕස්ට්‍රේලියානුවන් රැකියා කිහිපයක් කිරීමට යොමුවී ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත වලට අනුව 2024 වසරේ මාර්තු මාසය වනවිට රැකියා කිහිපයක් සහිත ඕස්ට්‍රේලියානුවන්ගේ සංක්‍යාව 974,000ක් පමණ වී ඇති බව වාර්තා වේ.
මෙය රැකියාවල නියුතු ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 7%ක් පමණ වේ. මෙය පසුගිය වසරේ මාර්තුමාසය වනවිට 950000ක් පමණ වී තිබේ.

රැකියා කිහිපයක් කරන බොහෝ සේවකයින් කාන්තාවන් බවද වාර්තා වේ. කෙසේ උවත් මේ වනවිට රැකියා කිහිපයක් ඇති පිරිමින්ගේ ප්‍රමාණයද ඉහල යමින් ඇත.
ගෘහස්ත වියදම් වල අඩුවීමක
ඕස්ට්‍රේලියානුවන්ගේ වියදම් කිරීම් පසුගිය වසරට සාපේක්ෂව හරි අඩකින් පමණ අඩු වී ඇත. ඕස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශ දත්ත වලට අනුව මේ වසරේ අප්‍රේල් මාසය වනවිට ගෘහස්ත වියදම් වල වැඩිවීම 3.4%ක් ලෙස හෙළිවී ඇත. පෙර වසරේ එම අගය සටහන් වුයේ 6%ක් ලෙසයි.
ඔස්ට්‍රේලියාව තුල වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම ඉහලට
වෛද්‍ය ප්‍රතිකාර සහ සෞඛ්‍ය සේවා සඳහා ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම ඉහල ගොස් ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත වලට අනුව වෛද්‍ය ප්‍රතිකාර සහ සෞඛ්‍ය සේවා සඳහා වන වියදම පෙර වසරට සාපේක්ෂව 15.7%කින් පමණ ඉහල ගොස් ඇත.
මෙහිදී ගෘහස්ත වියදම් වල වැඩිකොටසක් ඇත්තේ සෞඛ්‍ය සඳහා සිදුකල වියදම් බව වාර්තා වේ. සෞඛ්‍ය සේවා වලට අමතරව Child care ඇතුළු අනෙකුත් වෘත්තීයමය සේවා සඳහා ගෘහස්ත වියදෙමෙන් වැඩි කොටසක් වෙන්කෙරෙන බව සොයාගෙන ඇත.
මෙහිදී අත්‍යවශ්‍ය නොවන බොහෝ දෑ සඳහා වියදම් කිරීම් නතර කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් කටයුතු කර ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත හරහා හෙළිවී තිබේ.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





