වැඩිවන වියදම නිසා ඔස්ට්‍රේලියාව තුල රැකියා කිහිපයක් කරන පිරිස වැඩිවෙලා.

Latin woman is working as trucking driver.

Latin woman is working as trucking driver. Source: Moment RF / IronHeart/Getty Images

ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින උද්දමන තත්වය හේතුවෙන් රැකියා කිහිපයක් කරන ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය ඉහල ගොස් ඇති බව වාර්තා වේ. එසේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියානුවන් වියදම් කරන මුදල් ප්‍රමාණයද ඉහලගොස් ඇති බව වාර්තා වේ.


රැකියා කිහිපයක් කරන බොහෝ සේවකයින් කාන්තාවන් බවද වාර්තා වේ. තවද අත්‍යවශ්‍ය නොවන බොහෝ දෑ සඳහා වියදම් කිරීම් නතර කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් කටයුතු කර ඇත.
වර්තමානයේ පවතින අධික වියදම් සහගත ආර්ථික තත්වය හේතුවෙන් වැඩි වශයෙන් ඕස්ට්‍රේලියානුවන් රැකියා කිහිපයක් කිරීමට යොමුවී ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත වලට අනුව 2024 වසරේ මාර්තු මාසය වනවිට රැකියා කිහිපයක් සහිත ඕස්ට්‍රේලියානුවන්ගේ සංක්‍යාව 974,000ක් පමණ වී ඇති බව වාර්තා වේ.

මෙය රැකියාවල නියුතු ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 7%ක් පමණ වේ. මෙය පසුගිය වසරේ මාර්තුමාසය වනවිට 950000ක් පමණ වී තිබේ.
2024-06-20_16-08-32.png
රැකියා කිහිපයක් කරන බොහෝ සේවකයින් කාන්තාවන් බවද වාර්තා වේ. කෙසේ උවත් මේ වනවිට රැකියා කිහිපයක් ඇති පිරිමින්ගේ ප්‍රමාණයද ඉහල යමින් ඇත.

ගෘහස්ත වියදම් වල අඩුවීමක

ඕස්ට්‍රේලියානුවන්ගේ වියදම් කිරීම් පසුගිය වසරට සාපේක්ෂව හරි අඩකින් පමණ අඩු වී ඇත. ඕස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශ දත්ත වලට අනුව මේ වසරේ අප්‍රේල් මාසය වනවිට ගෘහස්ත වියදම් වල වැඩිවීම 3.4%ක් ලෙස හෙළිවී ඇත. පෙර වසරේ එම අගය සටහන් වුයේ 6%ක් ලෙසයි.

ඔස්ට්‍රේලියාව තුල වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම ඉහලට

වෛද්‍ය ප්‍රතිකාර සහ සෞඛ්‍ය සේවා සඳහා ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම ඉහල ගොස් ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත වලට අනුව වෛද්‍ය ප්‍රතිකාර සහ සෞඛ්‍ය සේවා සඳහා වන වියදම පෙර වසරට සාපේක්ෂව 15.7%කින් පමණ ඉහල ගොස් ඇත.

මෙහිදී ගෘහස්ත වියදම් වල වැඩිකොටසක් ඇත්තේ සෞඛ්‍ය සඳහා සිදුකල වියදම් බව වාර්තා වේ. සෞඛ්‍ය සේවා වලට අමතරව Child care ඇතුළු අනෙකුත් වෘත්තීයමය සේවා සඳහා ගෘහස්ත වියදෙමෙන් වැඩි කොටසක් වෙන්කෙරෙන බව සොයාගෙන ඇත.

මෙහිදී අත්‍යවශ්‍ය නොවන බොහෝ දෑ සඳහා වියදම් කිරීම් නතර කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් කටයුතු කර ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත හරහා හෙළිවී තිබේ.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************


  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service