වැඩියෙන් හොයන්න ගිහින් අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වෙන්න කලින් මේ ගැන දැන ගන්න

An image depicting an upset young girl in front of a personal computer

Employment scams are on the rise. Here's what to look out for Source: AAP / AAP

පොඩි වැඩකට හොඳට ගෙවන රැකියා ගැන Whatsup පණිවිඩ, facebook post මේ දවස් වල ඔබට එනවද? විමසිලිමත් වෙන්න. ඒ රැකියා වංචාවක් විය හැකියි.


Key Points
  • මේ වසරේ ඔස්ට්‍රේලියාවේ රැකියා වංචා සියයට 740 ට වඩා වැඩි වී තිබේ.
  • මේ හේතුවෙන් පසු ගිය ජනවාරි මාසයේ සිට ඔස්ට්‍රේලියානුවන්ට සිදු වූ පාඩුව ඩොලර් මිලියන 20 ක් වේ.
  • අර්ධකාලීන රැකියාවක් සොයන සිසුන් සහ අමතර ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙම වංචා සිදු වේ.

සැබෑ ආයතන සහ රැකියා සඳහා බඳවා ගන්නන් ලෙස පෙනී සිටින ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කර ගත් වංචාකරුවන් ඔස්ට්‍රේලියාව තුළ වැඩි වී තිබේ.

රැකියා වංචාවන් වැඩි වෙමින් පවතින බැවින් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානු රජය ජනතාවට අනතුරු අඟවා ඇත.

ජාතික වංචා විරෝධී මධ්‍යස්ථානය විසින් 2023 වසරේ දී රැකියා වංචාවල සියයට 740 ක වැඩි වීමක් වාර්තා කර ඇති බව මූල්‍ය සේවා අමාත්‍ය ස්ටීවන් ජෝන්ස් පවසයි.

සැබෑ සංවිධාන සහ රැකියා සඳහා බඳවා ගන්නන් ලෙස පෙනී සිටිමින් වංචාකරුවන් විසින් WhatsApp හරහා රැකියා දීමනා ලබා දීමේ හෝ Facebook, Tik Tok සහ Instagram වැනි සමාජ මාධ්‍ය වල රැකියා ඇබෑර්තු පිළිබඳ දැන්වීම් ප්‍රවර්ධනය කිරීමේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ.

ඔස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් අර්බුදය හේතුවෙන් එදිනෙදා අවශ්‍යතා පිරිමහ ගැනීමට බොහෝ පුද්ගලයින් මේ වන විට අරගලයක යෙදෙමින් සිටී. මේ හේතුවෙන් තමා සිදු කරන රැකියාවට අමතරව නිවසේ සිට කළ හැකි බවට වංචාකරුවන් විසින් මෙසේ ප්‍රචාරණ කරන රැකියා වෙත ඔවුන් යොමු වීමට වැඩි ඉඩකඩක් තිබේ.

මෙම වංචාකරුවන් විසින් රැකියා සොයන්නන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට විවිධ ලාභදායී දීමනා ලබා දෙන බව පවසමින් ඔවුන් රවටා ඔවුන් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් සොරා ගනු ලබයි.

news
Know how to spot on rising online job scams in Australia Source: SBS / sbs .jpg

බොහෝ විට මෙම වංචාකරුවන් විසින් කොමිස් හෝ බෝනස් ලබා දෙන පොරොන්දුව මත යම් මුදලක් තැන්පත් කරන මෙන් ඉල්ලා සිටීමට පෙර, ඔබට Cryptocurrency platforms මත ගිණුම් ආරම්භ කිරීම, ඔබට පුහුණුවක් ලබා දීම ඇතුළු විවිධ කාර්යයන් සිදු කිරීමට ඔවුන් උපකාර කරයි.

අර්ධකාලීන රැකියාවක් සොයන සිසුන් සහ අමතර ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් මෙම වංචාකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය බව රජය පවසයි.

මෙම රැකියා වංචාවලට හසු නොවන්නේ කෙසේද ?

පණිවිඩ හුවමාරු කර ගන්නා WhatsApp වැනි මාධ්‍ය හෝ Facebook, TikTok හෝ Instagram වැනි සමාජ මාධ්‍ය හරහා ඔබ වෙත පැමිණෙන රැකියා දීමනා සම්බන්ධයෙන් ඔබ අවදියෙන් සිටිය යුතුයි.

එවැනි රැකියා දීමනා වල "සහතික කළ ආදායමක්" හෝ අන්තර්ජාලය හරහා සරල වැඩ සඳහා ඉතා හොඳ-සැබෑ වැටුපක්" වැනි ප්‍රචාරණ මෙවැනි රැකියා වංචාවක් විය හැකියි.

යම් සරල කාර්යයන් සම්පූර්ණ කිරීමෙන්, මිතුරන් යොමු කිරීමෙන් සහ යම් කිසි යෙදුමකට මුදල් තැන්පත් කිරීමෙන් වැඩි මුදලක් උපයා ගැනීමට මිනිසුන් දිරිමත් කරන ක්‍රීඩාවක් වැනි ආකෘතියක් බොහෝ විට ව්‍යාජ රැකියා වංචාවක් විය හැකියි.

නිවසේ සිට අර්ධකාලීන රැකියාවක් ලබා දෙන බවට පල වූ ෆේස්බුක් සටහනකට පිළිතුරු දීමෙන් ඔස්ට්‍රේලියාවේ එක් කාන්තාවකට ඩොලර් 40,000 ක් පමණ අහිමි වී ඇති අතර තවත් කාන්තාවක් සමාජ මාධ්‍ය තුළ ඇයව ආකර්ෂණය කරගත් වංචාකරුවන්ට ඩොලර් 12,000 ක් ගෙවා තිබේ.

ඔබ මෙවැනි වංචාවකට ලක්ව ඇතැයි සිතන්නේ නම් වහාම ඔබගේ බැංකුව අමතා ඒ බව දැනුම් දිය යුතු වන අතර ජාතික වංචා මර්දන මධ්‍යස්ථානය වෙත එය වාර්තා කළ යුතු වේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now