සම්ප්‍රදායික රාමුවවක කොටුවීම නිසා පීතෘත්වය පිලිබඳ නූතන සංකල්ප ගොඩනැගීම පසුගාමී තත්වයක පවතී. මේ නිසා පියවරුන්ගේ එකමුතුවක් විසින් මෙම නව ප්‍රතිසංස්කරණ ඉල්ලා තිබේ .
සමාජයේ සම්ප්‍රදායික මතවාදයන් පරාජය කිරීම මෙවැනි නව ප්‍රතිසංස්කරණ කිරීම් සඳහා විශාලතම අභියෝගය බව Turbans 4 Australia සංවිධානයේ නිර්මාතෘ සහ 2023 වසරේ Australian of the Year Local Hero බවට පත් වුනු amar singh පවසා සිටී.
දරුවන් බලාගැනීමේ වගකීම් සඳහා සම්බන්ධ වීම සංක්‍රමණික පසුබිමක් සහිත පියවරුන් බොහෝ විට අභියෝගාත්මකය වී තිබේ. Dodzi Kpodo හට ඇත්තේද මෙවෙනි අත්දැකීමක්. ඔහු 2010 වසරේ සරණාගතයෙකු ලෙස ටෝගෝ සිට ඕස්ට්‍රේලියාවට පැමිණතිබේ . පසුගිය වසරේ Community Father of the Year යන ගෞරව සම්මාන යටද පාත්‍ර විය. ඔහු පවසන්නේ ඔහු කිසි දිනක තම දරුවා නහවන පියෙක් දැක නොතීබූ නමුත් ඔහුට ඔහුගේ දරුවාව ලැබුණු අලුත නැහැවීමට සිදුවූ බවයි.
——————————————————————————————————————————
The Fathering Project හි ප්‍රධාන විධායක නිලධාරී Kati Gapaillard යල්පැනගිය ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම අඩාල වී ඇති බව පවසයි.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස මුල් ළමා විය සංවර්ධන ක්‍රියාවලියේදී පියවරුන්ටද සක්‍රීයව දායකවීමට උනන්දුකල යුතුයි අතර ඒ සඳහා රජය මෙම නව ප්‍රතිසංස්කරණ හදුන්වාදිය යුතු බව the Dads Action Group සංවිධානය පවසා තිබේ.
ඔබ කුමන පසුබිමකින් පැමිණියත් මුල් ළමාවිය අධ්‍යාපනය සැමදෙනාටම දැරිය හැකි මට්ටමක පවත්වාගැනීම ඉතා වැදගත් බව Kpodo මහතාගේ මතය වී තිබේ.
මෙම එකමුතුව විසින් පීතෘ පාර්ශවය වෙනුවෙන් සති 12 ක වැටුප් සහිත නිවාඩු ලබාදීමට යෝජනා කර ඇතිඅතර වර්තමානයේ මෙය සති දෙකකට පමණක් සීමා වී තිබේ
- The Fathering Project සම්මේක්ෂනයකට අනුව තමන්ට හිමි පීතෘ නිවාඩු ලබානොගත් 85% පියවරුන් තමන්ට දිගටම වැඩ කිරීමේ වගකීමක් දැනුනු බව පවසා ඇත.
- ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා වාර්තාවට අනුව 2023 මූල්‍ය වර්ෂයේදී ම වැටුප් සහිත මාපිය නිවාඩු වලින් පිරිමින් ලබාගෙන ඇති ප්‍රමාණය 14%ක් පමණ අඩු අගයක් වේ.
Thrive by Five ප්‍රචාරක වැඩසටහනේ අධ්‍යක්ෂ සහ හිටපු දකුණු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Jay Weatherill පවසන්නේ පිරිමින් ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම මගින් පවතින ආකල්ප වෙනස් කිරීමට සහය වියයුතු බවයි
'hashtag Indigenous Dads' සමාජ මාද්‍ය ව්‍යාපාරයේ නිර්මාතෘ ගුඩන්ජි සහ වම්බයා මිනිසකුවන Joel Bayliss ද මෙම අදහසට එකගත්වය පල කරයි
දරුවන් රැකබලා ගැනීමේදී මව සහ පිය යන දෙපාර්ශවයේ එකමුතුවක් සහ සැබෑ සමානාත්මතාවයක් ගොඩනැගීමට රජයන්ට බලකරසිටීම මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වේ.
—————————————————————————————————————————————
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය





