ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 28 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- NATO සමුළුවට යන අතරේ ඔස්ට්‍රේලියානු අගමැති මැද පෙරදිග සේවය සපයන ඔස්ට්‍රේලියානු හමුදාවන්ට ස්තුතිය පළ කරයි.
- ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි.
- 2021 ඔස්ට්‍රේලියානු සංගණන දත්ත එළි දැක්වෙයි.
- IMF සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට අඛණ්ඩව සහය දෙන බව ඇමෙරිකාව ලංකාවට පවසයි.
- මේ වසර අවසාන වන විට තම රටට යුද්ධය අවසන් කිරීමට උපකාර කරන ලෙස යුක්රේන ජනාධිපති G7 සමුළුවෙන් ඉල්ලයි.
- 20-20 තරගයකදී වේගවත්ම අර්ධ ශතකය රැස් කළ ශ්‍රී ලාංකික පිතිකාරිණිය බවට චමරි අතපත්තු පත්වෙයි.
Share






