"four pillars" බැංකු ප්‍රතිපත්තිය යල් පැනගිය ප්‍රතිපත්තියක් බව ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිසම පවසයි .

The Productivity Commission wants a new regulator to watch over the banking industry. (AAP) Source: AAP
ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක ප්‍රධාන බැංකු හතර ඒකාබද්ධ වීම වල්කවලන "four pillars" බැංකු ප්‍රතිපත්තිය කොයි තරම් දුරට සාර්ථක දැයි ඕස්ට්‍රේලියානු පලදායිතා කොමිසම මගින් ප්‍රශ්න කර ඇති බව වාර්තා වෙයි. ඕස්ට්‍රේලියානු බැංකු වල ක්‍රියාකාරිත්වය පිළිබද සොයා බැලීමට පත් කල රාජකීය කොමිසම තම වැඩ කටයුතු එළබෙන සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබියදී පලදායිතා කොමිසම මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම විශේෂිත තත්වයක්. බැංකු අතර තරගකාරිත්වය පවත්වාගෙන යමින් ප්‍රධාන බැංකු වන Commonwealth, Westpac, National Australia and A-N-Z . යන බැංකු ඒකාබද්ද වීම වැලැක්වීම 1990 කම්කරු පක්ෂ භාණ්ඩාගාරික Paul Keating විසින් හදුන්වා දුන් මෙම ප්‍රතිපත්තියේ අරමුනයි. විශේෂ වාර්තාවක් එලි දක්වමින් මේ පිලිබදව අදහස් දක්වන පලදායිතා කොමිසම පවසන්නේ බැංකු සදහා සකස් කල වෙළදපොල ක්‍රමවේදයක් ඇති නිසා මෙම ප්‍රතිපත්තිය අනවශ්‍ය බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Share




