හදිසි සත්කාර සේවකයින්ට Dementia රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා online පුහුණුවක්: කාලීන විග්‍රහය පෙබ 12

Dementia

Source: Getty

Dimentia එහෙමත් නැත්නම්, අමතක වීමේ රොගයෙන් පෙළෙන අය ගෙන් ලැබෙන දුරකතන ඇමතුම් නිසා, ඉදිරිපෙල හදිසි අනතුරු අන්ශයේ සේවකයන්ට, පෙර සූදානමක් නැති, නොයෙකුත් අවස්ථාවන්ට වැඩි වශයෙන් දැන් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. Dimentia training Australia කණ්ඩායම මේ තත්ත්වය වෙනස් කරන්නට සූදානම්. රජය විසින් සහය දෙන online පාඨමාලාවක් හරහා මේ සම්බන්ධයෙන් හදිසි අනතුරු අන්ශ සේවකයින් ව දැනුවත් කරන්න කටයුතු යොදාගෙන තියෙනව. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබ වෙත ගෙන එන්න සූදානම්.


Dementia කියල කියන්නේ අභියෝග රැසක් එක්ක කෙනෙක්ට ජීවත් වෙන්න වෙන තත්ත්වයක් .

මෙහිදී තමන්ගේ මතකය සහ තමන් අවට වට්පිටාව ග්‍රහණය කර ගැනීමේ හැකියාව ට බලපෑම් එල්ල වෙනවා.

මේ ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන කෙනක් ට අත් විදින්නට් වෙන තත්ත්ව ගැන Dementia support Australia හි ප්‍රධානියා වෙන මරී ඇල්සෝඩ් පැහදිලි කිරීමක් සිදු කලා. මේ තත්ත්වයෙන් පෙළෙන අයට sensory changes එහෙමත් නැත්නම් සන්වේදීතාවන්ගේ වෙනස්ක්ම් ඇති වෙන්න් පුලුවන්. තමන් ඉතා හොදින් දන්නා ස්ථාන වලට යන මාර්ගය අමතක වෙන්න පුළුවන් , සහ ඉතා පහසුවෙන් මේ අය confuse වෙලා අනියත බියක් අති කරගන්න පෙළබෙනවා. ඒ හරහා ඔවුන් ප්‍රචණ්ඩකාරී වෙන්න වුණත් ඉඩ තියෙනව කියලා තමයි මරී පවසන්නේ.

මේ තත්ත්වය බලපාන්නේ ඩිමෙන්ශියා රෝගියාට පමණ්ක් ම නෙවෙයි ඒ පුද්ගලයා අවට සිටින අයටත් මේ නිසා ගැටළු වලට මුහුණ පාන්නට සිද්ද වෙනවා.

උදාහරණයක් විදියට frontline emergency service workers ට හෝ ඔවුන් සමග ඒ අවස්තාවෙදී ඔවුන්ට උපකාර කරන්නට සිටින කෙනෙක්ට මේ නිසා විවිධ ගැටළු වලට මුහුණ දෙන්නට සිද්ධ ව්නවා.

මේ සේවකයන්ගෙන් බොහො දෙනෙක්‍ට මේ පිළිබඳ නිසි පුහුණුවක් තියෙන අය නෙමෙයි. ඒ නිසා රජය විසින් අළුතෙන් ආරම්භ කරන්නට යන පාඨමාලාව මෙයට විසදුමක් ලෙස දක්වන්න පුළුවන් .

Dementia training australia හි විධායක අධ්‍යක්ෂිකාව වන ඉසබෙල් මේයර් පවසන්නේ. Dementia රෝගීන් සමග කටයුතු කරන හදිසි ආතුරු අන්ශ, පොලිස් නිළධාරීන්, ගිලන්‍රථ සේවකයන්, වැනි අයට මේ රෝගීන් සමග කටයුතු කරන ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දෙන්නට රජය අනුග්‍රහය දක්වන බවයි

මේ පැයක online course එකෙන් ඩිමෙන්ශියා රෝගීන් සමග කටයුතු කරන්නන්ට මනා පුහුණුවක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙන බවත් මෙයර් පැවසුවා.

මේයර් පවසන විදියට මේ පාඨමාලාව ඉතා කෙටි එකක්. මේ හරහා මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවදානය යොමු කෙරෙනවා. ඊට අමතරව රොගියාව කලබලකාරී තත්ත්වයෙන් මුදා ගන්නට සහ ආරක්ෂා කරගන්න ආකාරය පැහැදිලි කෙරෙනවා කියල මේයර් පවසනවා

Australian Institute of Health and Welfare ආයතනය පවසන ආකාරයට 2022 වර්ෂයේ දී Dementia රෝගීන් ලක්ෂ 4ට අධික පිරිසක් වාර්තා වෙවි යැයි ඔවුන් ඇස්තමේන්තු කලා. ඔවුන්ගෙන් බහුතරයකගේ මවු භාෂාව ඉන්ග්‍රීසි නොවෙයි.

Dementia රෝගීන් මවු භාෂාව හැර වෙනත් භාෂාවකින් අදහස් හුවමාරු කරගැනීමේදී ගැටළු මතු වෙන්න පුළුවන් . මේ නිසා ඔවුන්ගේ ඉන්ග්‍රීසි භාෂා දැනුම හීන වෙන්න ඉඩ තියෙනව.
Dementia support australia හි මරී ඇල්සෝඩ් පැහැදිලි කරන්වා විවිධ පසුබිම් වලින් එන අයව ඩිමෙන්ශියා පිළිබඳව දැනුවත් කල යුත්තෙ ඇයි කියලා.

ඩිමෙන්ශියා රෝගීන්ට දීර්ග කාලයක් තම නිවාස වල ආරක්ශිතව සිටිය හැකි බව සහ තමන්ගේ සීමාවන් ඉක්මවෙන්න කලින් අනිත් අයව දැනුවත් කරන එකත් වැදගත්. ඒ නිසා අනෙකුත් භාෂා වලිනුත් මේ දැනුවත් කිරීම් සිදු කරන එක ඉතා වැදගත් බව මරී පවසනවා.

මේයර් පවසන්නෙ මේ අවස්ථාවන්හිදී ඔවුන් සමග අනෙකුත් භාෂා වලින් ද සන්නිවේදනය කරන ආකාරයත් මෙම පාඨමාලාව හරහා දැනුවත් කරන් බවයි. ප්‍රධාන වශයෙන් body language එකෙන් සන්නිවේදනය සිදු වෙන බව තමයි පවසන්නේ. ඉන්ග්‍රීසි කතා නොකරන Dementia රෝගීන් බොහෝ වෙලාවට අදහස් පල කාරන්නට පෙළබෙන්නෙත් කායිකව කියල තමයි මේයර් තව දුරටත් පවසන්නෙ.

මේ පාඨමාලාවෙන් ආවරණය කෙරෙන එක අන්ශයක් තමයි ඩිමෙන්ශියා රොගියෙක් කායිකව අදහස් ප්‍රකාශ කිරීමේදී ඒවා හදුනා ගන්නා ආකාරය . උදාහරණයක් ලෙස බොහෝවිට ඔවුන් වේදනාවෙන් සිටිනවා නම් ඔවුන්ගේ මුහුණ ස්පර්ශ කරනවා සහ තුවාල සිද්ධ වෙලා නම් ඇදුමෙන් ඇදීමක් සිද්ද කරනවා යැයි මේයර් තව දුරටත් කියා සිටියා.

මෙම online පාඨමාලාව Dementia training australia විසින් ආරම්භ කෙරෙන ව්‍යාපෘතීන් කිහිපයෙන් ප්‍රථම පාඨමාලාව ලෙස හදුන්වන්න පුලුවන් .

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service