Key Points
- ව්‍යාපාරික ව්‍යවසායකයින් සහ, ධනවත් ආයෝජකයින් කෙරෙහි බලපාන ගෝලඩන් වීසා ආයෝජක වීසා කාණ්ඩය සඳහා, නව අයදුම් පත් බාරගැනීම අත් හිටුවීමට, ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil තීරණය කොට තිබෙනවා
- 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා සැලසුම් කර තිබේන්නේ වීසා 1,900 ක් පමණක් නිකුත් කරන ලෙසටයි
- බලාපොරොත්තු වූ පරිදි රටට විශාල ප්‍රමාණයේ ආයෝජන ගලා ඒම මෙම යෝජක වීසා කාණ්ඩය හරහා සිදු වුනේ නැති බව බලදාරින්ගේ මතයයි.
ධනවත් විදේශිකයන්ට, පහසුවෙන්, ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ සලස්වන, ගෝල්ඩන් වීසා නොහොත් ආයෝජක වීසා ලබාදෙන The Business Innovation and Investment Program යන වැඩසටහන, නව අයදුම්කරුවන්ට අයදුම් කිරීමට නොහැකි වන ලෙස නවතා දමා තිබෙනවා.

Grattan ආයතනය ඇස්තමේන්තු කරන්නේ, මෙම තීරණය, ඉදිරි දශකය තුළ වැඩි පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණයකට රටට ඇතුල් වීමට දොරගුළු විවර කරමින්, මෙරට ආර්ථිකයට, ඩොලර් බිලියන ගණනක වාසියක් ලබා දෙනු ඇති බවයි.
ව්‍යාපාරික ව්‍යවසායකයින් සහ, ධනවත් ආයෝජකයින් කෙරෙහි බලපාන ගෝලඩන් වීසා ආයෝජක වීසා කාණ්ඩය සඳහා, නව අයදුම් පත් බාරගැනීම අත් හිටුවීමට, ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil තීරණය කොට තිබෙනවා.

අනෙකුත් වීසා කාණ්ඩයන්ට සාපේක්ෂව, මේ හරහා, වයසින් වැඩි ඒ වගේම කුසලතාවන් අඩු පිරිසක් රටට ඇතුලත් වන අතර, ඔවුන් හරහා ඕස්ට්‍රේලියානු රජයට වක්‍රව පාඩු දැරීමට සිදු වන බවත් බිලියනපතියන්ට වඩා පුහුණු ශ්‍රමිකයන් ඕස්ට්‍රේලියාවට වැඩදායි වන ආකාරය, මෙහිදී, ග්‍රැටන් ආයතනයේ, ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහන් අධ්‍යක්ෂවරයා වන, බ්‍රෙන්ඩන් කෝට්ස් පැහැදිලි කිරීමක් සිදු කළා.
මේ සම්බන්ධයෙන් අදහස් පල කල නීතිඥ ක්‍රිස් ජෝන්සන් මහතා කියා සිටියේ,මෙම ආයෝජක වීසා කාණ්ඩය හරහා, රජය මුලික වශයෙන් බලාපොරොත්තු වුනේ සාර්ථක ව්‍යාපාරිකයන්, ආයෝජකයින්, සහ ව්‍යවසායකයින් රට තුලට ගෙන්වාගැනීමට නමුත්, ඔවුන් බලාපොරොත්තු වූ පරිදි රටට විශාල ප්‍රමාණයේ ආයෝජන ගලා ඒම ඒ හරහා සිදු වුනේ නැති බවයි.
2020 වසරේදී මෙම වීසා කාණ්ඩය හරහා, ලබාගත හැකි බලපත්‍ර ප්‍රමාණය, 11,000 ක් වුවත්, එම තත්වය ක්‍රමයෙන් පහත වැටී, 2022-2023 මූල්‍ය වර්ෂය තුළ දී වීසා ප්‍රමාණය 5,000 ක් දක්වා පහත වැටී ඇති අතර, මෙම මූල්‍ය වර්ෂය සඳහා සැලසුම් කර තිබේන්නේ වීසා 1,900 ක් පමණක් නිකුත් කරන ලෙසටයි.
ඉදිරියේදී සංක්‍රමණයන්ගේ , වෙනසක් සිදු වීම දැක ගත හැකි වන බව, ස්වදේශ කටයුතු අමාත්‍යවරිය, මේ සම්බන්ධයෙන් පසුගිය මාසයේ දී ප්‍රකාශයක් ඉදිරිපත් කළා,
මේ සතියේදී ඇය කියා සිටියේ, රටේ සංක්‍රමණ පද්ධතියෙන් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට, ලැබිය යුතු සහයෝගය, මෙම ගෝල්ඩන් වීසා නොහොත්, ආයෝජක වීසා බලපත්‍රය මගින්, වසර ගණනාවක් තිස්සේ සිටම හරි හැටි නොලැබෙන බවයි.

මේ අතර ක්‍රිස් ජොන්සන් පේනවා දෙන්නේ, ආයෝජක වීසා හිමියන් ඇත්තවශයෙන්ම ආර්ථිකයට, උත්තේජනයක් ලබා දෙනවද කියන දේ විවාදාත්මක බවයි.
මෙහිදී, දැනටමත් ඉදිරිපත් වී ඇති, අයදුම්පත් 30,000 ක පමණ ප්‍රමාණය, හසුරුවන ආකාරය පිලිබදවත්, ෆෙඩරල් ආන්ඩුව, තීරණයක් ගත යුතුව තිබෙනවා.





