Pedestrian safety හෙවත් "පදික ආරක්ෂාව" යනු සාමාන්‍ය බුද්ධිය භාවිතා කිරීමයි, නමුත් අපට මෙය මත පමණක් විශ්වාසය තැබිය නොහැක. ඕස්ට්‍රේලියානු මාර්ග නීති ක්‍රියාත්මක වන්නේ වීදි සහ මාර්ග බෙදා ගන්නා සෑම කෙනෙකුම ආරක්ෂා කිරීම සඳහා වේ.
විවිධ අධිකරණ බල ප්‍රදේශ අතර සුළු වෙනස්කම් සහිතව ප්‍රාන්ත සහ ටෙරිටරි හරහා නීති රීති මෙහෙයවනු ලබයි.
මෙම නීති ඇතැමුන්ට දරුණු ලෙස පෙනෙනු ඇති නමුත්, පදිකයින් යනු මහා මාර්ග භාවිතා කරන්නන්ගෙන් අතුරින් වඩාත් අවදානමට ලක්විය හැකි ඇතැම් පිරිසක් වන බව NRMA මාර්ග ආරක්ෂණ විශේෂඥ Dimitra Vlahomitros පවසයි.
එම පිරිස අතර ඉතා තරුණ, ඉතා මහලු සහ බීමත්ව සිටින අය සිටින බව Dimitra කියා සිටී.
Pedestrian හෙවත් පදිකයෙක් යනු
පදිකයෙකු පිළිබඳව වන නීතිමය අර්ථ දැක්වීම ඉතා පුළුල් වේ.
ඕස්ට්‍රේලියාව තුළ පදිකයින් යනු පදික වේදිකාවේ හෝ වීදියේ පයින් ගමන් කරන අය පමණක් නොවන බව RACV හි ප්‍රතිපත්ති ප්‍රධානී James Williams පැහැදිලි කරයි.
ඔවුන් අතරට බයිසිකල් තල්ලු කරන අයෙක්, skateboard, roller skates, rollerblades, wheelchairs වැනි දේ භාවිත කරන අයෙක් වැනි පිරිස ඇතුලත් වේ.

මාර්ගය හරහා මාරු වීම
ඔස්ට්‍රේලියාව තුල මාර්ග හරහා මාරු වීමේදී, ඒ සඳහා තිබෙන pedestrian traffic lights වලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
කොළ පැහැති සංඥාව දකින විට ඇවිදීමත් සංඥාව රතු හෝ නිවෙමින් දැල්වෙන විට ඔබ පර මාරු වීම ආරම්භ නොකිරීමත් වැදගත් වේ.
පදිකයින්ගේ මාර්ග සංඥා නොසලකා එම සංඥා වලට එරෙහිව මාර්ගය හරහා ගමන් කිරීම දඩ ලැබිය හැකි වරදක් වේ.
ඕස්ට්‍රේලියාවේ මෙය නීත්‍යානුකූල යෙදුමක් නොවුනත්, එය සාමාන්‍යයෙන් මෙය jaywalking ලෙස හැඳින්වේ.
ඕස්ට්‍රේලියානු පදික මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ Harold Scruby පවසන්නේ එය ඇමරිකානු අදහසක් වන බවයි.
ඕස්ට්‍රේලියාවේ නීතිය යටතේ පදිකයෙකුට ඕනෑම මාර්ගයක්, ඕනෑම වේලාවක ප්‍රවේශමෙන් මාරු විය හැකි වේ. නමුත් ඒ පදික මාරුවක් මීටර් 20ක් ඇතුළත නොමැති නම් සහ රතු පැහැති සංඥාවක් නොතිබුනොත් පමණි.
විශේෂයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල, ඔබ දැල්වෙන රතු සංඥාව තුල මාර්ගය හරහා ගමන් කිරීමට පටන් ගන්නේ නම් ඔබට දඩයක් නියම කළ හැකිය.

මාර්ගය හරහා මාරු වන්නේ කොතනින්ද?
මාර්ග සංඥා නොමැති විට ‘zebra crossing’ හෙවත් සුදු පැහැති ඉරි සහිත කොටසක් හරහා ප්‍රවේශමෙන් මාර්ගය හරහා ගමන් කල හැක.
මෙවැනි ස්ථාන වලදී මෝටර් රථ පදිකයින්ට ඉඩ දිය යුතුය.
සුදු ඉරි සහිත ස්ථාන බොහෝ විට සමනය මාර්ගයට වඩා යම් උසකට සකසා තිබේ.
මේවා ‘wombat crossing’ ලෙස හඳුන්වයි.
කෙසේ නමුත් මෙය පුද්ගලයින්ගේ ව්‍යාකූලත්වයට හේතු වේ, මෙය ගමනාගමනය මන්දගාමී කිරීමට නිර්මාණය කර ඇති හරස් මාර්ගයක් හෝ speed hump එකක් බවට ඇතැම් පිරිස සිතයි.
මෙවැනි ස්ථාන වල බොහෝ විට ඊට සම්බන්ධ අඩි පාරක් හෝ ඇවිදින පුද්ගලයකුගේ රූපය ඇතුලත් බෝඩ් දැකිය හැක.
එමෙන්ම speed hump සඳහා සුදු ඉරි භාවිත නොකරන අතර ඒ වෙනුවට දෙපස සුදු පැහැයෙන් piano keys වලට සමාන සලකුණු කිරීමක් දැකිය හැකියි.
ආරක්ෂිතව මාර්ගය හරහා ගමන් කරන්නේ කෙසේද?
අසල හරස් මාර්ගයක් නොමැති නම්, පදිකයින් මාර්ගය හරහා කෙටිම සහ වඩාත්ම සෘජු මාර්ගය ඔස්සේ මාරු වීම වැදගත් වේ.
RACV හි James පවසන්නේ මෙය සාමාන්‍යයෙන් කෙළින්ම සිදු කල යුතු අතර හරස් අතකට සිදු නොකළයුතු බවයි.

මාර්ගයේ ඇවිදීම සිදු කළ හැකිද?
ඔස්ට්‍රේලියාව තුල මාර්ගයේ ඇවිදීම දඩ ලැබිය හැකි වරදක් වේ.
වෙනත් මාර්ග භාවිතා කරන්නන් ගැන සාධාරණ සැලකිල්ලක් නොමැතිව ගමන් කිරීම වරදකි.
බොහෝ අධිකරණ බල ප්‍රදේශවල අඩිපාරක් හෝ ස්වභාවික තීරුවක් ඇති විට, එය නොසලකා හැර පාරේ ඇවිදීම වරදකි.
අඩි පාරක් හෝ ස්වභාවික තීරුවක් නොමැති නම්, පදිකයින්ට මාර්ගය භාවිතා කළ හැකිය.
කෙසේ නමුත් James පවසන්නේ මාර්ගයේ ඔබ දෙසට සහ ඔබට පෙනෙන සේ වහාන පැමිණෙන පැත්ත මෙවැනි අවස්ථාවක සෑම විටම තෝරාගන්න ලෙසයි.
මෝටර් රථ ධාවනය කරන මාර්ගයට ඔබ පසුපස හරවා අවිදිනවාට වඩා වාහන පැමිණෙන දෙසට මුහුණ ලා ගමන් කිරීම ආරක්ෂිත වේ.
පදිකයින්ට ඇති අයිතීන්
මාර්ගය හරහා ගමන් කිරීමේදී, මාර්ගයට ඇතුළු වන විට හෝ පිටවන විට තිබෙන shared zones හෙවත් "හවුල් කලාපය" භාවිතා කරන විට සහ පදික මාරුවීම්වලදී, රියදුරන් පදිකයින්ට ඉඩ දිය යුතුය.

දඩ
ඔබ ජීවත් වන ස්ථානය අනුව දඩ වෙනස් විය හැක.
උදාහරණයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ traffic lights වලට අවනත නොවීම, පදික මාරුවෙන් මීටර් 20ක් ඇතුළත පාර මාරුවීම හෝ පාරේ ඇවිදීම සඳහා දඩ මුදල ඩොලර් 96කින් ආරම්භ වේ.
පොලිස් නිලධාරියෙකුගේ රථවාහන උපදෙස් වලට අවනත වීමට අපොහොසත් වීම සඳහා ඩොලර් 385 ක දඩයක් හිමි වේ.
පදික ආචාර විධි
දඩයක් ලබාදීම සිදු නොවන නීතිද තිබේ. ඒ සඳහා footpath හෙවත් අඩි පාරේ වම් පැත්තෙන් ගමන් කිරීම. දුරකථන භාවිතය වැනි දේ ඇතුලත් වේ.
ඇතැම්විට ආරක්ෂාව, සරල ආචාරශීලීත්වය හරහා ද පැමිණේ.
Pedestrian zombies
ස්මාර්ට් ජංගම දුරකථන නිසා ගමනාගමනය සහ ඉදිරියේදී ඇති විය හැකි අනතුර නොසලකා හරින පදිකයින් පිරිසක් මේ වනවිට බිහි වී ඇත.
Pedestrian zombies ලෙස හැඳින්වෙන මෙම පිරිස ලොව පුරා හොඳින් දන්නා අතර, අවාසනාවන්ත ලෙස මාර්ග අනතුරු ඇතිවීමේ අවදානම ඉහල දැමීමට ඔවුන් සෘජුවම වගකිව යුතු වේ.
Pedestrian Council of Australia හි ප්‍රධාන විධායක නිලධාරී Harold Scruby පවසන්නේ යමකු අවදානය වෙනතකට යොමු කරමින් මාර්ගය හරහා මාරු වීම සඳහා වන නීති ක්‍රියාත්මක වන්නේ කලාතුරකින් වන බවයි.
The Pedestrian Council of Australia මගින් අවධානය වෙනතකට යොමු කර පාර මාරුවීම වරදක් බවට පත් කරන ජාතික නීතියක් හඳුන්වා දීමට කැමැත්තක් දක්වයි.
Harold පවසන්නේ යමකු පාර මාරු වීම සිදු කරන අතරතුර එම පුද්ගලයාගේ අතෙහි අවධානය බිඳෙන යම් දෙයක් තිබේ නම් සහ එය භාවිත කරයි නම් ඒ සඳහා ඩොලර් 200 ක දඩයක් ලබාදිය යුතු බවයි.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ පදික නීති දැනගැනීම සඳහා National Transport Commission වෙබ් අඩවියට පිවිසෙන්න.





