Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සමාජ මාධ්‍ය භාවිතයට වයස සනාථ කිරීමේ ගැටළු නිසා ඕස්ට්‍රේලියානුවන් වංචා වලට හසුවීමේ ලොකු අවදානමක

fishing rod is harvesting user data in cyberspace.

fishing rod is harvesting user data in cyberspace. Source: Moment RF / sarayut Thaneerat/Getty Images

සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට නුදුරේදී ම තම වයස සනාථ කිරීමට සිදුවනු ඇති අතර, මෙම ක්‍රියාවලිය වටා ඇති අපැහැදිලිතාව තවත් වංචාවන්ට හේතු විය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවමින් කියා සිටිනවා.. මේ විශේශාන්ගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.


Published

Updated

Presented by Alexandra Koster

Source: SBS



Share this with family and friends


සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට නුදුරේදී ම තම වයස සනාථ කිරීමට සිදුවනු ඇති අතර, මෙම ක්‍රියාවලිය වටා ඇති අපැහැදිලිතාව තවත් වංචාවන්ට හේතු විය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවමින් කියා සිටිනවා.. මේ විශේශාන්ගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.


2025 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන 2024 Online Safety Amendment (Social Media Minimum Age) පනත් කෙටුම්පත ෆෙඩරල් රජය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 16ට අඩු ඕනෑම අයෙකු ඔන්ලයින් ගිණුමක් නිර්මාණය කිරීම නැවැත්වීමට සමාජ මාධ්‍ය ආයතනවලට නිසි පියවර ගැනීමට සිදු වනවා. මෙම නව නීති වටා ඇති අවිනිශ්චිතතාව වංචාකරුවන් ප්‍රයෝජන ගත හැකි බවට විශේෂඥ මත පළ වී තිබෙනවා

නව නීති අනුව සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වයස තහවුරු කිරීමට අවශ්‍ය වනවා. නමුත් රජය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත් ඒ සඳහා භාවිත කිරීම සිදු කළ යුතු නැහැ. නමුත් බොහෝ ඕස්ට්‍රේලියානුවන් ටික්ටෝක් සහ ඉන්ස්ටාග්‍රෑම් වැනි ගිණුම් සඳහා සිය රියදුරු බලපත්‍රය වැනි සංවේදී ලිපි ලේඛන ඉදිරපත් කළ යුතු බවට වැරදි වැටහීමකින් පසු වනවා.

නව නීතියේ සඳහන් වන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වයස පරීක්ෂා කිරීම සඳහා රියදුරු බලපත්‍රයක් වැනි රජයේ හැඳුනුම්පතක් ඉල්ලීම තහනම් බවයි. ඒ වෙනුවට වෙනත් ක්‍රම භාවිත කළ යුතු නමුත් ඒවා මොනවාද යන්න තවමත් පැහැදිලි නැහැ. මේ නිසා බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය හැඳුනුම්පත් ලබා දිය යුතු යැයි විශ්වාස කරනවා. මේ නිසා හැඳුනුම්පත් ඉල්ලා කරන වංචාවලට වැඩිහිටි ප්‍රජාව හසුවිය හැකි බවට රෙඩිට් පරිශීලකයෙකු සිය අදහස් දක්වා තිබුණා. වැරදි වැටහීම් නිසා වංචාකරුවන්ට ව්‍යාජ හැඳුනුම්පත් ඉල්ලීම් කිරීමෙන් පුද්ගලයන් රැවටීම පහසු කළ හැකි බවට මතයක් පළ වී තිබෙනවා.

වංචාකරුවන් සමාජ මාධ්‍ය සමාගම් ලෙස පෙනී සිටිමින්, සබැඳි ක්ලික් කර පුද්ගලික ලේඛන ලබා දී ඔවුන්ගේ වයස තහවුරු කරන ලෙස ඉල්ලා ව්‍යාජ පණිවිඩ යැවිය හැකි බව යුනිවර්සිටි ඔෆ් මෙල්බර්න්හි මහාචාර්ය ටෝබි මරේ පවසා සිටියා.

පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට වංචාකරුවන් විසින් නව ක්‍රම සොයා ගැනීමට මෙම නව ක්‍රමවේදය හේතු විය හැකි බව ඊඩිත් කෝවන් විශ්ව විද්‍යාලයේ සයිබර් ආරක්ෂණ විශේෂඥ මොහියුද්දීන් අහමඩ් පවසනවා.

මෙම වංචා අතරට:

  • හැඳුනුම්පත් අවශ්‍යතාව ඉල්ලන ව්‍යාජ වෙබ් අඩවි
  • හැඳුනුම්පත තහවුරු කළ යුතු බව කියන අනාරක්ෂිත සබැඳි සහිත පණිවිඩ
  • උපාංගවලට ප්‍රවේශ වීමට උත්සාහ කිරීම් ඇතුළත් වනවා

වංචාකරුවන්ට රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් වැනි ලියකියවිලි වෙත ප්‍රවේශය ලැබුණහොත්, එහි ප්‍රතිවිපාක බරපතල හා දිගු කාලීන විය හැකි වනවා

ඔවුන් ඒවා:

  • ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ණය සඳහා අයදුම් කිරීමට
  • බැංකු ගිණුම් විවෘත කිරීමට
  • වාහන ලියාපදිංචි කිරීමට හෝ රජයේ සේවාවන් භාවිතා කිරීමට
  • වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවය භාවිතා කරමින් අපරාධ සිදු කිරීමට භාවිත කළ හැකි වනවා.

සමාජ මාධ්‍ය තහනම පිළිබඳ මාර්ගෝපදේශ සැප්තැම්බර් මාසය වන විට නිකුත් කරන බව යටිතල පහසුකම්, ප්‍රවාහන, ප්‍රාදේශීය සංවර්ධන, සන්නිවේදන, ක්‍රීඩා සහ කලා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පවසා සිටියා.

Source: SBS

————————————————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now