Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ට අකටයුතුකම් සිදු කරන නිවාස හිමියන්ට දඩ නියමකරන්න ග්‍රීන්ස් පක්ෂයෙන් යෝජනාවක්

2024-09-10_18-04-52.png

Source: AAP / Bianca De Marchi

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට පවතින දැඩි නිවාස අර්බුධය හේතුවෙන් කුලී නිවැසියන් දැඩි අසාධාරණයන්ට ලක්වන බව වාර්තා වනවා. කෙසේ උවත් මේ තත්වය සඳහා විසඳුමක් ලෙස කුලී නිවැසියන්ගේ හිමිකම් සුරැකීම සඳහා නව ජාතික ආරක්ෂණ අධිකාරියක් පිහිටු වීමට ග්‍රීන්ස් පක්ෂය යෝජනා කර සිටිනවා.


Published

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ මේ වනවිට පවතින දැඩි නිවාස අර්බුධය හේතුවෙන් කුලී නිවැසියන් දැඩි අසාධාරණයන්ට ලක්වන බව වාර්තා වනවා. කෙසේ උවත් මේ තත්වය සඳහා විසඳුමක් ලෙස කුලී නිවැසියන්ගේ හිමිකම් සුරැකීම සඳහා නව ජාතික ආරක්ෂණ අධිකාරියක් පිහිටු වීමට ග්‍රීන්ස් පක්ෂය යෝජනා කර සිටිනවා.


ඕස්ට්‍රේලියාවේ මේ වනවිට පවතින දැඩි නිවාස අර්බුධය හේතුවෙන් කුලී නිවැසියන්ට දැඩි අවාසිදායක තත්වයක් උද්ගත වී තිබෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු මහබැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමත් සමග නිවෙස් හිමියන් නිවාස කුලී මිලගණන් ඉහලදමීමට කටයුතු කර තිබෙනවා. පවතින දැඩි නිවාස හිඟය හේතුවෙන්ද කුලී නිවසක් සොයාගැනීමේ දැඩි අර්බුධයකටද කුලී නිවැසියන් මුහුණ පා සිටිනවා.

කුලී නිවැසියන්ට අකටයුතුකම් සිදු කරන නිවාස හිමියන්ට $15650ක් දක්වා දඩ නියමකිරීමට යෝජනා වී තිබෙනවා

මේ සඳහා විසඳුමක් ලෙස සේවකයින් 1000කින් සැදුම්ලත් නව ජාතික කුලී නිවැසියන්ගේ ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමේ යෝජනාව ග්‍රීන්ස් පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නව යෝජනාවලට අනුව කුලී නිවැසියන්ට අකටයුතුකම් සිදු කරන නිවාස ඒජන්ත වරුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට, එවැනි නිවාස සහ දේපල ක්ෂේශ්ත්‍රයේ ඒජන්සි සඳහා $78,250ක දඩයක් නිකුත් කිරීම මෙන්ම මෙවැනි අකටයුතුකම් කරන නිවාස හිමියන්ට $15650ක් දක්වා දඩ නියම කිරීමේ හැකියාවක් ද පවතිනවා.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට අනුව, යෝජිත නව ආයතනය සඳහා වසරකට ඩොලර් බිලියන 2.5ක් ෆෙඩරල් අයවැයට වැය වනවා.

මෙම නව ආයතනය හරහා ජාතික කුලී නිවාස ප්‍රමිතීන් ආරක්ෂා කිරීමක් සිදුවනවා.

යෝජිත නව ආයතනය හරහා අධීක්ෂණය කිරීමට නියමිත ජාතික කුලී නිවාස ප්‍රමිතීන්

  • වසර 2ක් සඳහා රටපුරා කුලී මිල වැඩිකිරීම තහනම් කිරීම
  • කුලී මිල වැඩිකිරීමේ උපරිමය 2%කට යටත් කිරීම
  • කුලී නිවාස කොන්ත්‍රාත් කාලය දීර්ග කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම
  • අවුරුදු පහක කොන්ත්‍රාත් කාලයකට නිවාස ලබා ගැනීමේ හැකියාව තහවුරු කිරීම.
  • නිවාස උණුසුම් කිරීම, සිසිලනය ඇතුළු අවම පහසුකම් සඳහා වන ප්‍රමිතීන් තහවුරු කිරීම

මෙම නව ජාතික කුලී නිවැසියන්ගේ ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමේ යෝජනාව කුලී නිවාස ගැටලුව සම්බන්ද ක්‍රියාකාරීන්ගේ ප්‍රසාදයට ලක්වී තිබෙනවා. කුලී නිවාස නීති ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්ගේ වගකීමක් වනවා. කෙසේ උවත් ෆෙඩරල් රජය හරහා මේ සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කිරීමේ ඇති හැකියාව ග්‍රීන්ස් පක්ෂය මෙහිදී පෙන්වා දෙනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now