ඕස්ට්‍රේලියානුවන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් තම superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබාගැනීමට අවස්තාව ලබාදියයුතු බවට විශ්වාස කරනවා. Mozo ආයතනය විසින් සිදුකල සමීක්ෂණයක් හරහා මෙය හෙළිවී තිබෙනවා.
වර්තමානය වනවිට ඕස්ට්‍රේලියානුවන්ට හදිසි ප්‍රතිකාර ලබාගැනීමක් වැනි විශේෂ අවස්තාවලදී superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙහිදී බොහෝ වැඩ කරන ජනතාවට superannuation ගිණුමෙන් මුදල් ලබාගත හැක්කේ වයස අවුරුදු 65 පිරීමෙන් අනතුරුව වනවා. ඕස්ට්‍රේලියානුවන් 2,129ක් යොදාගෙන සිදුකල මෙම සමීක්ෂණය හරහා ඔස්ට්‍රේලියානුවන්ගෙන් 56%ක් තමන්ට අවශ්‍ය අවස්තාවක superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීමේ හැකියාව තිබිය යුතු බවට ප්‍රකාශකර තිබෙනවා.
නිවසක් මිලදීගැනීමට අවශ්‍ය මූලික තැන්පතුව සඳහා superannuation ගිණුමෙන් මුදල් ලබාදීමක් සිදුකළහොත් එහිදී නිවාස මිල ඉහළයාමක් සිදුවිය හැකියි.Saul Eslake - Economist
මෙම තත්වය හරහා වර්තමානයේ ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන දැඩි ආර්ථික පීඩනය පිළිඹිඹු වන බව Mozo ආයතනයේ Rachel Wastell පෙන්වා දෙනවා. Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබාගැනීමේ අවස්තාව ලබාදියයුතු බව ප්‍රකාශකල සෑම තුන්දෙනෙකුගෙන් එක අයකුම මින් පෙර Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබාගැනීමේ අදහසක් නොතිබූ අය බව හෙළිවී තිබෙනවා.
Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබාගැනීමේ අවස්තාව ලබාදියයුතු බවට ජනතාව විසින් කෙරෙන ඉල්ලීම් සාධාරණ බව ආර්ථික විද්‍යාඥ Cameron Murray පවසා සිටිනවා. නාගරිකව කුලී නිවාස වල ජීවත්වන තරුණ පවුල් වර්තමාන උද්දමන තත්වය හමුවේ දැඩි පීඩනයකට පත්වී සිටින බව ඔහු පෙන්වා දෙනවා.
මෙහිදී ජනතාවගේ ආදායමෙන් 10%ක් ඔවුනට මුදල් අවශ්‍ය තරුණවියේදී භාවිතාවට නොගෙන මුදල් යහමින් ඇති වයසට ගොස් ඇති අවස්ථාවේදී ලබාදෙන මෙම superannuation ක්‍රමවේදය අනවශ්‍ය ක්‍රමවේදයක් ලෙස තමන් දකින බව Cameron Murray පවසා සිටිනවා.
කෙසේ උවත් superannuation ගිණුමෙන් කලින් මුදල් ලබාගැනීමට සාමාන්‍ය ජනතාවට අවස්තාව ලබා නොදිය යුතු බවට තවත් ආර්ථික විද්‍යාඥන් මත පළකරනවා. විශේෂයෙන්ම මෙම ලැබෙන මුදල තමන් උපයන මුදලක් ලෙස බොහෝදෙනා සිතුවත් එය තම සේවා යෝජකයා විසින් ගෙවන මුදලක් බව ආර්ථික විද්‍යාඥ Saul Eslake පෙන්වා දෙනවා.
වර්තමානය වනවිට සුවපහසු විශ්‍රාම ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට superannuation ගිණුමේ මුදල් ඇත්තේ ඔස්ට්‍රෙලියානුවන්ගෙන් 30%කට පමණක් වන බව Association of Superannuation Funds of Australia ආයතනය සිදුකල සමීක්ෂණයක් හරහා හෙළිවී තිබෙනවා.
මෙහිදී වයස අවුරුදු 30ක් වන අයකු තම superannuation ගිණුමෙන් $10000 බැගින් වසර දෙකක් මුදල් කලින් ලබාගැනීම සිදු කළහොත් එම පුද්ගලයා විශ්‍රාම යනවිට superannuation ගිණුමේ ශේෂයෙන් $40300ක් පමණ අඩුවන බව 2020 වසරේ ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරය විසින් සිදුකල විශ්‍රාමික ආදායම් සමාලෝචනය හරහා හෙළිවී තිබෙනවා.
මෙහිදී නිවසක් මිලදී ගැනීම සඳහා superannuation ගිණුමේ මුදල් ලබාගැනීමට අවසර ලබාදීම පිළිබඳව තරුණ පිරිස් අතර මතයක් පවතිනවා. කෙසේ උවත් නිවසක් මිලදීගැනීමට අවශ්‍ය මූලික තැන්පතුව සඳහා මේ ආකාරයට superannuation ගිණුමෙන් මුදල් ලබාදීමක් සිදුකළහොත් එහිදී නිවාස මිල ඉහළයාමක් සිදුවිය හැකි බවට ආර්ථික විද්‍යාඥ Saul Eslake පවසා සිටිනවා.
ෆෙඩරල් රජයේ First Home Super Saver ක්‍රමවේදය හරහා පළමු නිවාස ගැනුම් කරුවන්ට තම superannuation ගිණුමෙන් වසරකට $15000ක් වනලෙස උපරිමය $50000ක් දක්වා වන මුදලක් කලින් ලබාගැනීමේ හැකියාව පවතිනවා.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************