ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුකුළු ගොවිපල හයකින් කුරුළු උන වෛරස ප්‍රභේදයන් හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා විශාල වශයෙන් බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව යම් බියක් ඇතිවී තිබේ. එසේම මේවන විට ලක්ෂ 5කට ආසන්න කිකිළියන් ප්‍රමාණයක් මරා දැමීමටද බලදාරීන් කටයුතු කර ඇත. මේ හේතුවෙන් කුකුල්මස් ආශ්‍රිත නිෂ්පාදන වල හිඟයක් ඇතිවීම පිළිබඳවද මත පළවේ.
ඔස්ට්‍රේලියාව තුල 1976 වසරේ සිට මේ වනතෙක් කුරුළු උන වසංගත තත්වයන් නමයක් වාර්තා වී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම එය සාර්ථකව මැඩ පැවැත්වීමට ඔස්ට්‍රේලියාවට හැකිවී ඇත.
කොවිඩ් වසංගත සමයේ මෙන් සංචරණ නීති පැනවීමට රජය සූදානම් වීමක් සහ ආහාර සපුම අඩු කිරීමට හිතා මතා සතුන්ට මෙම වෛරස ඇතුළු කිරීමක් වැනි විවිද මත සමාජ මාධ්‍ය හරහා පැතිරෙමින් ඇත.
කෙසේ උවත් විද්යාඥයන් සහ ක්ෂේශ්ත්‍රයේ විශේෂඥයන් විසින් මෙම මතවාද බැහැර කර තිබේ. ඔවුනට අනුව මෙම කුරුළු උන තත්වයන් මිනිසුන් වෙත පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතී. එසේම බිත්තර සහ කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන වල හිඟයක් ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

Credit: Getty Images
මිනිසුන්ගේ සහ පක්ෂීන්ගේ පවතින ජානමය වෙනස්කම් හේතුවෙන් කුරුලු උන මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අඩුබව Deakin විශ්ව විද්‍යාලයේ පරිසර රෝග පිලිබඳ විද්‍යාඥයෙකු වන මහාචාර්ය Marcel Klaassen පවසා සිටී. H5N1 වෛරසය ඉතා දරුණු ප්‍රභේදයක් උවත් ඕස්ට්‍රේලියාවේ භූගෝලීය පිහිටීම සහ සංචාරක පක්ෂීන්ගේ පැමිණීමේ අඩුකම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ඇතිවිය හැකි බලපෑම ඉතා අඩු බව ඔහු පෙන්වා දේ.
ඔස්ට්‍රේලියාව තුල 1976 වසරේ සිට මේ වනතෙක් කුරුළු උන වසංගත තත්වයන් නමයක් වාර්තා වී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම එය සාර්ථකව මැඩ පැවැත්වීමට ඔස්ට්‍රේලියාවට හැකිවී ඇත.
වර්තමානයේ පවතින දත්ත අනුව මෙම වෛරසය හේතුවෙන් මහජනතාවට ඇතිවිය හැකි බලපෑම ඉතා අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටී.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





