ඔස්ට්‍රේලියාව තුල කුරුළු උණ පැතිරීයාමේ අවදානම පිළිබඳව විශේෂඥ අදහස් මෙන්න

Infected chicken

Credit: Mike Kemp/Getty Images/Rubberball

ඔස්ට්‍රේලියාවේ සහ ලොව රටවල් කිහිපයක කුරුළු උන පැතිරීමේ අවදානමක් ඇති වී ඇත. මේ හේතුවෙන් සමාජමාධ්‍ය හරහා විවිද අසත්‍ය ප්‍රචාර පලවීම සිදුවෙමින් පවතී. මෙම වසංගත තත්වය හේතුවෙන් හදිසිනීතිය පැනවීමක් මෙන්ම විශාල බිත්තර සහ කුකුලු මස් හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව විවිද මත සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.


ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුකුළු ගොවිපල හයකින් කුරුළු උන වෛරස ප්‍රභේදයන් හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා විශාල වශයෙන් බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව යම් බියක් ඇතිවී තිබේ. එසේම මේවන විට ලක්ෂ 5කට ආසන්න කිකිළියන් ප්‍රමාණයක් මරා දැමීමටද බලදාරීන් කටයුතු කර ඇත. මේ හේතුවෙන් කුකුල්මස් ආශ්‍රිත නිෂ්පාදන වල හිඟයක් ඇතිවීම පිළිබඳවද මත පළවේ.

ඔස්ට්‍රේලියාව තුල 1976 වසරේ සිට මේ වනතෙක් කුරුළු උන වසංගත තත්වයන් නමයක් වාර්තා වී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම එය සාර්ථකව මැඩ පැවැත්වීමට ඔස්ට්‍රේලියාවට හැකිවී ඇත.

කොවිඩ් වසංගත සමයේ මෙන් සංචරණ නීති පැනවීමට රජය සූදානම් වීමක් සහ ආහාර සපුම අඩු කිරීමට හිතා මතා සතුන්ට මෙම වෛරස ඇතුළු කිරීමක් වැනි විවිද මත සමාජ මාධ්‍ය හරහා පැතිරෙමින් ඇත.

කෙසේ උවත් විද්යාඥයන් සහ ක්ෂේශ්ත්‍රයේ විශේෂඥයන් විසින් මෙම මතවාද බැහැර කර තිබේ. ඔවුනට අනුව මෙම කුරුළු උන තත්වයන් මිනිසුන් වෙත පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතී. එසේම බිත්තර සහ කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන වල හිඟයක් ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

2024-06-04_14-03-54.png
Credit: Getty Images

මෙම කුරුළු උණ වසංගත තත්වය සඳහා රජයේ සහ ගොවිපල වල ප්‍රතිචාර දැක්වීම ඉතා ඉහල මට්ටමක ඇති බව ඕස්ට්‍රේලියානු කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ Joanne Sillince පවසයි. තවද මේ හරහා බිත්තර හිඟයක් ඇතිවන බවට පලවන වාර්තා අසත්‍ය බවද බිත්තර සහ කුකුළුමස් පරිභෝජනයට ඉතා සුදුසු බවද Joanne Sillince පවසයි.

මිනිසුන්ගේ සහ පක්ෂීන්ගේ පවතින ජානමය වෙනස්කම් හේතුවෙන් කුරුලු උන මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අඩුබව Deakin විශ්ව විද්‍යාලයේ පරිසර රෝග පිලිබඳ විද්‍යාඥයෙකු වන මහාචාර්ය Marcel Klaassen පවසා සිටී. H5N1 වෛරසය ඉතා දරුණු ප්‍රභේදයක් උවත් ඕස්ට්‍රේලියාවේ භූගෝලීය පිහිටීම සහ සංචාරක පක්ෂීන්ගේ පැමිණීමේ අඩුකම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ඇතිවිය හැකි බලපෑම ඉතා අඩු බව ඔහු පෙන්වා දේ.

ඔස්ට්‍රේලියාව තුල 1976 වසරේ සිට මේ වනතෙක් කුරුළු උන වසංගත තත්වයන් නමයක් වාර්තා වී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම එය සාර්ථකව මැඩ පැවැත්වීමට ඔස්ට්‍රේලියාවට හැකිවී ඇත.

වර්තමානයේ පවතින දත්ත අනුව මෙම වෛරසය හේතුවෙන් මහජනතාවට ඇතිවිය හැකි බලපෑම ඉතා අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටී.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now