Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වර්තමාන නිවාස අර්බුදය හමුවේ කුලී නිවැසියන් සැලකිලිමත් වියයුතු කරුණු මෙන්න

Saleswoman holding house keys and pen at office
Credit: Westend61/Getty Images/Westend61

ඔස්ට්‍රේලියාව තුල ඉතිහාසයේ වාර්තා වූ ඉහලම කුලී නිවාස මිලගණන් වාර්තා වේ. මේ හේතුවෙන් කුලී නිවැසියන් දැඩි අර්බුද වලට මුහුණ දේ. වර්තමානයේ පවතින මෙම තත්වය තුල කුලී නිවැසියන් දන සිටිය යතු විශේෂ කරුණු කිහිපය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.


Published

Updated

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාව තුල ඉතිහාසයේ වාර්තා වූ ඉහලම කුලී නිවාස මිලගණන් වාර්තා වේ. මේ හේතුවෙන් කුලී නිවැසියන් දැඩි අර්බුද වලට මුහුණ දේ. වර්තමානයේ පවතින මෙම තත්වය තුල කුලී නිවැසියන් දන සිටිය යතු විශේෂ කරුණු කිහිපය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.


වර්තමානයේ පවතින ජීවන වියදම් අර්බුදය හේතුවෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන් නිවසක් මිලදීගත නොහැකිව කුලී නිවාස වෙත යොමුවීමට සිදුවී ඇත. ඉහල නිවාස කුලී මිල සහ නිවාස සැපයුමේ පවතින දැඩි හිඟතාවය මේ ආකාරයට කුලී නිවැසියන්ට දැඩි බලපෑමක් ඇති කිරීමට හේතු වී ඇත.

කුලී නිවැසියෙක් ලෙස ඔබට පවතින අයිතිවාසිකම් සහ අධික නිවාස කුලී මිල යටතේ මුදල් ඉතිරිකරගත හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කිරීම මෙහිදී ඉතා වැදගත් වේ.

කුලී නිවැසියන්ට පවතින නීතිමය රැකවරණය කෙබඳුද?

ඕස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සඳහා කුලී නිවැසියන් සහ නිවාස හිමිකරුවන් ගේ අයිතීන් සහ වගකීම් විස්තර කෙරෙන කුලී නිවාස පනතක් ඇත. මෙම පනත් එක එක් ප්‍රන්තය අනුව වෙනස්විය හැකිය. මෙහිදී කුලී මිලගන ඉහල දැමීම සහ ඒ සඳහා කුලී නිවැසියන්ට ලබා දියයුතු කාලය පිලිබඳ තොරතුරු ඇතුලත් වේ. මේ සම්බන්ද වැඩි විස්තර පහත වෙබ් අඩවි වලට පිවිසීමේ ලබා ගත හැක.

Victoria Queensland Western Australia

NSW South Australia Tasmania

Nothern Teritory ACT

කුලී නිවාස මිල වැඩිවීම් පිලිබඳ එකඟතාවයකට පැමිණිය හැක්කේ කෙසේද?

ඔබගේ කුලී මිලගණන් වැඩි කිරීමකදී ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ඔබට පවතී. මෙහිදී කුලී මිල ගණන් වැඩිකිරීම නීත්‍යානු කූල ක්‍රමවේධයට පිටින් සිදුකර ඇත්නම් ඒ සඳහා විමසීම් කිරීමේ අයිතිය ඔබට ඇත. මෙහිදී ඔබ ප්‍රදේශයේ අනෙකුත් නිවාස වල කුලී මිලගණන් හා සසඳා බලා කුලී මිලගනන් නැවත සලකා බලන ලෙස නිවාස හිමි කරුට හෝ අදාළ ඒජන්ත වරයාට දැනුම් දීමේ අයිතිය ඔබට ඇත. එහිදී විසඳුමක් ලබාගැනීමට අපොහොසත් උවහොත් පාරිභෝගික විනිශ්චය සභාව හෙවත් consumer tribunal වෙත අපාලක් ඉදිරිපත් කල හැක.

විදුලි බිල්පත් සඳහා යන වියදම් අවම කරගන්නේ කෙසේද?

කුලී නිවැසියන් වර්තමානයේ පවතින විදුලි සහ ගෑස් බිල්පත් මිල ගණන් හේතුවෙන්ද දැඩි පීඩනයට පත්වී ඇත. විශේෂයෙන්ම ශීත කාලවලදී උෂ්ණත්වය රඳවා තබාගැනීමට බොහෝ නිවාස වල ඇති හැකියාව ඉතා අඩු මට්ටමක පවතීන බව වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය වරියක වන එමා පවර් පෙන්වා දේ.

කුලී නිවැසියන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් වන Better Renting ආයතනයේ 2022 වාර්තාවට අනුව සමහර නිවාසවල තත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටම් වලටද වඩා අඩුවෙන් පවතින බව හෙළිවී තිබේ. මෙම තත්වය පිළිබඳව නිවෙස් හිමියන් මෙන්ම රජයද වහා කටයුතු කල යුතු බව එමා පවර් පවසා සිටී.

ශීත කාලයේදී නිවසේ උෂ්ණත්වය 18C සහ 20C අතර උෂ්ණත්වයක පවත්වා ගැනීම සහ උෂ්නකාල වලදී නිවසේ උෂ්ණත්වය 25C සහ 27C අතර පවත්වා ගැනීමෙන් විදුලි බලය කාර්යක්ෂමව භාවිතා කළහැකි බව රජයේ බලශක්ති වෙබ් අඩවිය නිර්දේශ කර සිටී.

මේ අතර එළඹෙන මූල්‍ය වර්ෂය සඳහා වසරකට $300ක මුදලක් විදුලි බිල්පත් සඳහා ලබා දීමට තීරණය වී ඇත. මෙය එක කාර්තුවකට $75 බැගින් පාරිභෝගිකයාට ලැබෙනු ඇත.

ආර්ථික අපහසුතා ඇති කුලී නිවැසියන්ට උපකාර ලබාගත හැකි ආකාර මොනවාද?

ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිලගණන් ඉතා ඉහල මට්ටමකට යමින් ඇත. මේ නිසා වැඩි වශයෙන් පිරිස් ආර්ථිකමය වශයෙන් දැඩි පීඩාවකට පත්වී ඇත. මෙයට විසඳුමක් ලෙස රජය පසුගිය යවය හරහා ලබා දෙන දීමනාව එනම් rent assistance දීමනාව ඉහල දැමීමටද කටයුතු කර තිබේ. සමහර කුලී නිවැසියන් මේ සඳහා සුදුසුකම් අතර අඩු ආදායම් ලැබී කුලී නිවැසියෙක් නම් මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.

ඔබ ආර්ථිකමය වශයෙන් දැඩි පීඩාවකට පත් වී සිටීනම් ඒ සඳහා විසඳුම් ලබා හතකි වෙබ් අඩවියක් ලෙස Ask Izzy වෙබ් අඩවිය හැඳින්විය හැකි බව එමා පවර් මහාචාර්ය වරිය පවසා සිටී. මෙහිදී ආහාර වවුචර් පත්, පොලී රහිත නය පහසුකම් මෙන්ම මූල්‍ය තත්වය පිලිබඳ උපදේශන සේවා ලබා ගැනීමේ හැකියාව පවතින බව ඇය වැඩි දුරටත් පෙන්වා දේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now