අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඔබව පොළඹවන 'Supermarket Tactics' මෙන්න

Trolley filled with groceries in wholesale store Landscape

Credit: Smile/Getty Images

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමන තත්වයත් සමග අහාර සහ අනෙකුත් සිල්ලර භාණ්ඩ වල මිල ගණන් ඉහල යාමක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනා අත් දැක තිබේ. මෙහිදී මෙහිදී උද්දමනය හේතුවෙන් භාණ්ඩ මිල ඉහල යාම මෙන්ම සුපිරි වෙළඳසැල් විසින් යොදාගන්නා විවිද උපක්‍රම නිසා ඔබ වියදම් කරන ප්‍රමාණය ඉහල ගොස් තිබිය හැක. සුපිරි වෙළඳසැල් විසින් මේ ආකාරයට පාරිභෝගිකයින්ට භාණ්ඩ මිලදී ගැනීමට පොළඹවන උපක්‍රම මොනවාද කියා සොයා බැලීම වැදගත් වේ.


Finder වෙබ් අඩවියේ සමීක්ෂණ වාර්තාවකට අනුව සාමාන්‍ය අයකුට සතියකට $78 සිට $210 දක්වා මුදලක් එදිනෙදා භාවිතයට අවශ්‍ය සිල්ලර භාණ්ඩ සඳහා වියදම් වේ. මෙම සමීක්ෂණය සඳහා සහභාගී වූ සෑම පස්දෙනෙකුගෙන් දෙදෙනෙක්ම පවසා ඇත්තේ භාණ්ඩ මිලදී ගැනීමට සුපිරි වෙළඳසැල් වෙත යාම ඉතාමත් පීඩාකාරී අත්දැකීමක් වී ඇති බවයි.

මෙහිදී පවතින 3.8% ක උද්දමන තත්වය මේ සඳහා බලපා ඇති එක කරුණක් වේ. කෙසේ උවත් මේසඳහා සුපිරිවෙලන්දසල් භාවිතා කරන යම්යම් උපක්‍රමද බලපෑ ඇති බව වාර්තා වේ. මෙහිදී පාරිභෝගිකයින්ව විවිද භාණ්ඩ මිලදී ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹ වීම සඳහා සුපිරි වෙළඳසල් විවිද උපක්‍රම භාවිතාකරන බව වාර්තා වේ.
භාණ්ඩ මිලදී ගැනීමට යන පාරිභෝගිකයින් ගෙන් සියයට 62 ක් වෙළඳසැල තුළදී තමන්ට අවශ්‍ය නොවන භාණ්ඩයක් මිලදී ගැනීමක් සිදු කරනවා.
සුපිරි වෙළඳසැල් භාවිතා කරන උපක්‍රම මොනවාද?

සුපිරි වෙළඳසැල් විසින් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදීගැනීමට පාරිභෝගිකයින්ව පෙළඹවීම සඳහා තම වෙළඳසැල් තුල විවිද උපක්‍රම ක්‍රියාත්මක කර තිබෙන බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ පීඨයේ මහාචාර්ය නිතිකා ගාර්ග් පෙන්වා දේ . මෙහිදී කිරි ,පාන්අ, චීස් , එළවලු සහ පලතුරු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳ සැලේ විවිධ ස්ථානවල ස්ථානගත කර තිබේ. මේ මඟින් පාරිභෝගිකයාව වෙළඳසැල තුල වැඩි වේලාවක් රඳවා තබා ගැනීම සිදු කෙරේ.

මේ අතර මිල අධික භාණ්ඩ රාක්ක වල ඇස මට්ටමේ රඳවා තැබීමද තවත් උපක්‍රමයක් වේ. තවද විශේෂ වට්ටම් සහිත භාණ්ඩ වෙළඳසැලේ පිටුපසට වන්නට අසුරා තැබීමද තවත් උපක්‍රමයක් වනවා. මෙහිදී මෙම වට්ටම් සහිත භාණ්ඩ මිලදීගැනීමට යාමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹ වීම මෙහි අරමුණ වේ.

මෙහිදී වෙළඳ සල පුරාවට ඔබට ගමන්කිරීමට සැලැස්වීම සහ වැඩි වෙලාවක් වෙලන්දසල තුල ගතකිරීමට සැලැස්වීම හරහා භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹ වීම සිදුකරන බව මහාචාර්ය නිතිකා ගාර්ග් පවසා සිටී.

භාණ්ඩ මිලදී ගැනීමට යන පාරිභෝගිකයින් ගෙන් සියයට 62 ක් වෙළඳසැල තුළ දී තමන්ට අවශ්‍ය නොවන භාණ්ඩයක් මිලදී ගැනීමක් සිදු කරන බව මූල්‍ය සැලසුම් සමාගමක් වන KDM financials විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ශබ්ද සහ වෙනත් සංවේදන ක්‍රම භාවිතා කරමින් පාරිභෝගිකයින් වෙළඳසල් තුල ඇවිදින වේගය අඩුකරමින් වැඩි කාලයක් වෙළඳ සැල තුක්ල ගතකිරීමට පෙළඹවීම තවත් උපක්‍රමයක් වේ. මෙහිදී දවසේ එක එක වේලාවන්හිදී මෙන්ම වසරේ එක් එක් කාලවලදී විවිද සංගීත කන්ද යොදාගනිමින් පාරිභෝගිකයින් වෙළඳ සල තුල ගමන් කිරීමේ වේගය අඩු වැඩි කිරීමට උත්සාහ දරන බව මහාචාර්ය නිතිකා ගාර්ග් පවසා සිටී.

වට්ටම් සහ දීමනා ඇත්තටම වාසිදායකද?

සුපිරි වෙළඳසැල් විසින් ප්‍රධාන වශයෙන් වට්ටම් වර්ග දෙකක් ලබාදීම සිදුකරයි. යම් කාලයක් සඳහා මිල අඩු කර තිබීම මින් එක ක්‍රමයක් වේ. එක් භාණ්ඩයක් මිලදීගත් පසු තව භාණ්ඩය නොමිලයේ ලබා දීම වැනි වට්ටම ලබා දීම අනෙකුත් දීමනා ක්‍රම වලින් එකක් වනවා. මෙවැනි සමහර දීමනා හේතුවෙන් තමන්ට එම දීමනවා නොලැබී යාමට ඇතිවන බිය නිසා යම් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයින් පෙළඹෙන බව මහාචාර්ය නිතිකා ගාර්ග් පෙන්වා දෙනවා. මේ නිසා මෙම දීමනා සහ වට්ටම් සත්‍ය වශයෙන්ම තමන්ට වාසි සහගතද යන්න පිලිබඳ ගැටළු පවතී.

සුපිරි වෙළඳසල් මගින් ලබා දෙන දීමනා සහ වට්ටම් තමන්ට වාසිදායකද යන්න පිළිබඳව අවභෝදයකින් තොරව බොහෝ ඕස්ට්‍රේලියානුවන් භාණ්ඩ මිලදී ගන්නා බව CHOICE ආයතනය පෙන්වා දේ.

බොහෝ පාරිභෝගිකයින්ට වට්ටම් පිලිබඳ සහ භාණ්ඩ මිල උච්චාවචනය සම්භන්ධයෙන් අධ්‍යයනය සඳහා කාලය මිඩංගු කිරීමේ හැකියාවක් නොමැති බව CHOICE ආයතනය පෙන්වා දේ.

මෙහිදී පාරිභෝගිකයින්ට භාණ්ඩ මිලගණන් පිලිබඳ දැනුවත් කිරීම සඳහා කටයුතු කරන බව Coles සහ Woolworths ආයතනයේ ප්‍රකාශකන් විසින් පවසා තිබේ.

පාරිභෝගිකයින් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

භාණ්ඩ මිලදී ගැනීම සඳහා යාමේදී තමන්ට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් රැගෙන යාම මුදල් ඉතිරි කරගැනීමට ඉතා හොඳ ක්‍රමයක් වේ. මේ නිසා වට්ටම් ලබා දී තිබූ පමණින් ඒවා මිලදී ගැනීමෙන් වැළකීම සිදුවේ. මේ අතර වට්ටම් ලබා දී ඇති භාණ්ඩය මිලදී ගැනීමට ඔබ සිතනවානම් එම භාණ්ඩය මේ අවස්ථාවේ ඔබ භාවිතා කරන්නේද යන්න පිළිබඳව නැවත සිතා බැලීම ඉතා වැදගත් වේ. එමඟින් අනවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමක් සිදුනොවේ. මේ අතර පාරිභෝගිකයින්ව භාණ්ඩ මිලදීගැනීමට පොළඹවන විවිද උපක්‍රම පිළිබඳව අවධානයෙන් සිටීමද ඉතා වැදගත් වේ. මේ හරහා අනවශ්‍ය භාණ්ඩ මිලදීගනීමෙන් වැළකී සිටීමට ඔබට හැකියාව ලැබේ.

ඕස්ට්‍රේලියාව ගැන රසවත් කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොචාස්ට් මාධ්‍යයක් හරහා SBS සිංහල ලෙස සර්ච් කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඔබව පොළඹවන 'Supermarket Tactics' මෙන්න | SBS Sinhala