ඕස්ට්‍රේලියාවේ වැඩි වශයෙන්ම ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා ඇති ප්‍රාන්ත මෙන්න

2024-08-27_20-06-19.png

Source: AAP / aap

ඔස්ට්‍රේලියාව පුරා සැලකිව යුතු මට්ටමේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් පවතින බව වාර්තා වනවා. මේ අනුව සාමාන්‍යයෙන් කාන්තාවකට පිරිමියකු උපයන වාර්ෂික වැටුප් සාමාන්‍යය ඉපයීමට අමතර දින 50ක් වැඩ කලයුතු බව සොයාගෙන තිබෙනවා.


ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත යොදාගෙන Workplace Gender Equality ඒජන්සිය විසින් සිදුකරන ලද විශ්ලේෂණයකට අනුව ඕස්ට්‍රේලියානු පිරිමින්ගේ වාර්ෂික වැටුප් සාමාන්‍ය ඉපයීමට කාන්තාවන් අමතර දින 50ක් වසරකට සේවය කලයුතු බව වාර්තා වනවා.

පසුගිය වසරේ මෙම අගය දින 56ක් ලෙස වාර්තා වූ අතර මේ වසරේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයේ යම් අඩුවක් පෙන්වනවා. කෙසේ උවත් මෙවැනි වැටුප් පරතරයක් පැවතීම අවධානයට යොමුකළයුතු තත්වයක් බව Workplace Gender Equality ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ්‍ය Mary Wooldridge පවසනවා.
වැඩිම වැටුප් පරතරයක් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මෙහිදී කාන්තාවක් පිරිමියකුගේ වැටුප් සාමාන්‍ය හා සම වීමට වාර්ෂිකව අමතර දින 101ක් සේවය කලයුතු වනවා.
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත වලට අනුව පිරිමියකුගේ සතියක වැටුප් සාමාන්‍ය $1,982.80. වනවා. කාන්තාවකගේ සතියක වැටුප් සාමාන්‍ය $1,744.80ක් වී තිබෙනවා.මේ අනුව සතියකය ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය $238ක් පමණ වන අතර එය වසරකට $12,376ක් ලෙස වාර්තා වනවා.

අනෙකුත් දීමනා සහ වරප්‍රසාද මෙම අගයට ඇතුලත් වීමෙන් පසුව මෙම පරතරය තවත් ඉහල යාමක් සිදුවනවා.

මෙවැනි වැටුප් පරතරයක් පැවතීම හරහා ස්ත්‍රී පුරුෂ superannuation ඉතුරුම් වල විශාල වෙනසක් දැක ගත හැකිවනු ඇති බව Mary Wooldridge පෙන්වා දෙනවා.

මෙහිදී එක් එක් ප්‍රාන්තවල පවතින ස්ත්‍රී පුරුෂ වැටුප් පරතෙරයේ වෙනස්කම් පවතින බව වාර්තා වනවා. මේ අනුව අඩුම වැටුප් පරතරයක් පවතින ප්‍රාන්තය ලෙස ටස්මනියානු ප්‍රාන්තය වාර්තා වනවා. මෙහිදී ටස්මනියාවේ කාන්තාවක් පිරිමියකුගේ වැටුප් සාමාන්‍ය හා සම වීමට වාර්ෂිකව අමතර දින 21ක් සේවය කලයුතු වනවා.
2024-08-27_19-55-30.png
වැඩිම වැටුප් පරතරයක් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මෙහිදී කාන්තාවක් පිරිමියකුගේ වැටුප් සාමාන්‍ය හා සම වීමට වාර්ෂිකව අමතර දින 101ක් සේවය කලයුතු වනවා. එක් එක් ප්‍රාන්ත වල වෙනස් වැටුප් විෂමතා පැවතීමට ප්‍රධාන හේතුවක් ලෙස එම ප්‍රාන්තවල ඇති කර්මාතවල බලාපෑම සඳහන් කළහැකි වනවා. විශේෂයෙන්ම බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය පතල් කර්මාන්තය ප්‍රමුඛව සිදුකෙරෙන අතර එම ක්ෂේශ්ත්රය ඉහල වැටුප් ගෙවන පිරිමින් බහුලව සේවය කරන ක්ෂේශ්ත්‍රයක් වනවා.

ඔවුන්ගේ දෙවන විශාලතම කර්මාන්තය ලෙස සෞඛ්‍ය සහ සමාජසේවා හැඳින්විය හැකි අතර එය කාන්තාවන් විශාල වශයෙන් සේවයකරන ක්ෂේශ්ත්‍රයක් උවත් පතල් කර්මාන්තයට සාපේක්ෂව අඩු වැටුප් ගෙවීමක් සිදු කරයි.

මෙම වැටුප් පරතරයට කාන්තාවන් මුහුණ දිය යුත්තේ කෙසේද?

මෙහිදී තම රැකියාවම කරන පිරිමි අයකුට තම ආයතනය වැඩි පටුප් ගෙවනවානම් ඒ පිළිබඳව තම ආයතන ප්‍රධානියා දැනුවත්කිරීම මෙහිදී වැදගත් වේ. ඊට අමතරව තම ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශයට මෙම කරුණු සම්බන්ධව දැනුවත් කර සිටීමද වැදගත් වේ. එයින් ඔබට නිවැරදි විසඳුමක් නොලැබේනම් Fairwork කොමිසම වෙත යාමේ අවස්ථාවද ඔබට පවතී.

පිරිමින් කාන්තාවන්ට සාපේක්ෂව බොහෝවිට වැඩි වැටුප් ගෙවන ක්ෂේශ්ත්‍ර වල ඉහල රැකියා මට්ටම් වල සේවය කරනු දක්නට ඇත. ස්ත්‍රී වැටුප් පරතරය අවම කිරීමටනම් මේ සම්බන්දයෙන් ද අවධානය යොමුකිරීම වැදගත් වේ.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.


*********************************************************************************
  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service