ලොව ජීවත්වීමට සුදුසුම නගර 10 අතර ඕස්ට්‍රේලියාවේ නගර වලට හිමි වී ඇති අලුත්ම ස්ථාන මෙන්න

2024-07-12_18-26-33.png

Source: Getty Images

අලුතින්ම නිකුත් වී තිබෙන Global Liveability Index වාර්තාවට අනුව ලොව ජීවත් වීමට සුදුසුම නගර නම්කර තිබේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක්ද ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර 10 ඇතුලට ඇතුලත් වී ඇත.


Global Liveability Index වාර්තාවට අනුව ලොව ජීවත් වීමට සුදුසුම අතරට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක් වන මෙල්බර්න් සහ සිඩ්නි නගර දෙක ඇතුලත් වී ඇත. කෙසේ උවත් පසුගිය කාලයට සාපේක්ෂව මෙම ලයිස්තුවේ ස්ථාන කිහිපයක් පහලට යාමට මෙම නගර වලට සිදු වී ඇත. ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින දැඩි නිවාස හිඟය මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.

විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ නගර වල ශ්‍රේණිගත කිරීම්වලට බලපෑ ප්‍රධාන සාධක වන්නේ නිවාස වල මිල ගණන් සහ උද්ධමනය බව වාර්තාව අවධාරණය කරයි.

මෙම වසරේ සමීක්ෂණය හරහා ලොව පුරා නගර 173 ක් තක්සේරු කරන ලද අතර එහිදී , සෞඛ්‍ය සේවා, සංස්කෘතිය, පරිසරය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වැනි සාධක කෙරෙහි අවධානය යොමු කර ඇත. කෙසේ උවත් මෙම නගර වල ජීවත් වීමේදී දැරීමට සිදුවන මිල මෙම තක්සේරුවේ කොටසක් වී නොතිබිණ.

2024-07-12_18-22-52.png

Melbourne සහ Sydney නගර දෙකම අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය යන අංශ සඳහා උපරිම ලකුණු ලබා ගත් නමුත් Melbourne නගරය සංස්කෘතිය සහ පරිසරය යන අංශ සඳහා ඉහල ලකුණු ලබා ගෙන ඇත. මෙම අංශ සඳහා Sydney නගරය වාර්තා කල ලකුණු 94.4 ට සාපේක්ෂව 95.8 ක ලකුණු මට්ටමක් ලබා ගනිමින් සිඩ්නි නගරය අභිබවා යාමට මෙබර්න් නගරයට හැකියාව ලැබිණ.

යටිතල පහසුකම් ගැටළු:

Global Liveability Index හි සමස්ත ශ්‍රේණිගත කිරීම්වලට බලපෑම් කරමින්, දැරිය හැකි නිවාසවල පවතින හිඟය හේතුවෙන් නගර දෙකේම යටිතල පහසුකම් අංශ වල ලකුණු අඩුවීමක් දක්නට ලැබුණි. එසේ තිබියදීත්, Melbourne නගරය පසුගිය වසරේ හිමිව තිබූ තුන්වන ස්ථානයේ සිට සිව්වන ස්ථානයට පහත වැටුණද, තවමත් ලොව ජීවත්වීමට සුදුසුම නගර අතර ඉහලින්ම සිටී. කෙසේ වෙතත් සිඩ්නි නගරය සිව්වන ස්ථානයේ සිට හත්වන ස්ථානය දක්වා පහත වැටී ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා බලපෑ ප්‍රධාන සාධක.

විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ නගර වල ශ්‍රේණිගත කිරීම්වලට බලපෑ ප්‍රධාන සාධක වන්නේ නිවාස වල මිල ගණන් සහ උද්ධමනය බව වාර්තාව අවධාරණය කරයි. පසුගිය වසරවල සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අංශවල වර්ධනයත් සමග ලොව පුරා නගර වල තත්වය උසස් උවද යුධමය වාතාවරණය නිසා ලොව පුරා පවතින අස්ථාවර තත්වය හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම්වලට බලපෑම් එල්ල වී ඇත. බටහිර යුරෝපියානු රටවල් බොහොමයක නගර මෙම ශ්‍රේණිගත කිරීම් වල පහලට ගොස් ඇත. විශේෂයෙන්ම ජර්මනියේ Berlin, Munich, Hamburg ඇතුළු ප්‍රධාන නගර කිහිපයක්ම ශ්‍රේණිගත කිරීම් වල පහල ගොස් ඇතිබව වාර්තාවේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now