නගරබද ජීවිතය අතහැර වැඩිම පිරිසක් යන ඕස්ට්‍රේලියාවේ Regional ප්‍රදේශ මෙන්න

2024-09-13_13-29-03.png

The Sunshine Coast recorded the highest net internal migration in Australia. Credit: holgs/Getty Images

කොවිඩ් 19 වසංගත තත්වය පවතී කාලයේදී බොහෝ ඕස්ට්‍රේලියානුවන් නගර සීමාවෙන් එපිට පිහිටි ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමුවීමේ වැඩි ප්‍රවනතාවයක් දක්නට ලැබුනා. කෙසේ උවත් මෙම තත්වය ඉන් අනතුරුවද පවතින බව වාර්තා වනවා. බොහෝ ඕස්ට්‍රේලියානුවන් නගර බද ජීවිතය අතහැර පදිංචිය සඳහා වැඩිවශයෙන් තෝරාගන්නා ප්‍රාදේශීය ප්‍රදේශ පිළිබඳව තොරතුරු නවතම වාර්තාවක් හරහා එලි දක්වා තිබෙනවා.


කොවිඩ් 19 වසංගත තත්වයට පෙර පැවති ප්‍රමාණයට වඩා ජනතාව regional Australia එසේත් නැතිනම් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත යොමුවීමේ ප්‍රවනතාවය 16% කින් ඉහල ගොස් ඇති බව Regional Movers Index ලෙස හැඳින්වෙන නව වාර්තාවකින් හෙළි කර සිටිනවා. මෙම දර්ශකය Commonwealth බැංකුව සහ Regional Australia Institute ආයතනය විසින් ඉදිරිපත් කොට තිබෙනවා.

අඩු වියදම් ජීවන රටාව, මානසික සුවය, ප්‍රජාව සමග ඇති දැඩි එකමුතුව, ස්වභාවික පරිසරය වැනි කාරනා හේතුවෙන් බොහෝ පිරිස් මේ ආකාරයෙන් නගරබද ජීවිතය වෙනුවට ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමුවනවා
Liz Ritchie - CEO Regional Australia Institute

පසුගිය ජුනි කාර්තුවේදී පමණක් ප්‍රාදේශීය ප්‍රදේශවලින් ජනතාව නගරයට පැමිණීම හා සසඳන විට නගරයෙන් ප්‍රාදේශීය ප්‍රදේශවලට ඇදීයන ජනතාවගේ ප්‍රමාණය 27%කින් ඉහල ගොස් ඇති බව හෙළිවී තිබෙනවා. පසුගිය වසරක කාලය තුල 11.2%ක පිරිසක් නගරයේ සිට ප්‍රාදේශීය ප්‍රදේශ වෙත සංක්‍රමණය වී ඇතිබව හෙළිවී තිබෙනවා.

2024-09-13_13-30-47.png

Regional Australia එසේත් නැතිනම් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වෙත ජනතාව ආදී යාම ඕස්ට්‍රේලියාවේ දක්නට ඇති නව ප්‍රවනතාවයක් බවත් මෙය කොවිඩ් 19 වසංගත කාලයට පෙර පැවති ප්‍රමාණයට වඩා ඉහල අගයක් ගෙන ඇති බවත් Regional Australia Institute හි ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ Liz Ritchie පවසා සිටිනවා.

මෙහිදී ඉහලම ජනතා සංක්‍රමණයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වලින් වාර්තා වනවා. එම ප්‍රමාණය මුළු අභ්‍යන්තර සංක්‍රමණ ප්‍රමාණයන්ගෙන් 42%ක් ලෙස වාර්තා වනවා. කුවීන්ස්ලන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ පසුගිය වසරේ වැඩිම පිරිසක් ආදී ගිය ප්‍රදේශ වූ අතර මෙම වසරේදී එම ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 19%ක් පමණක් වී තිබෙනවා.

මෙහිදී එක් එක් ප්‍රාන්තවල ජනතාව පදිංචිය සඳහා ගිය නගර අතර ඉහළතම අභ්‍යන්තර සංක්‍රමණයක් වාර්තාවන නගරය ලෙස Sunshine Coast වාර්තා වනවා. මෙහිදී වික්ටෝරියා ප්‍රාන්තයේ Greater Geelong ප්‍රදේශය දෙවැනි ස්ථානය ලබාගෙන තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Lake Macquarie ප්‍රථම වරට ඉහල අභ්‍යන්තර සංක්‍රමණයක් ඇති නගර කිහිපයට ඇතුලත් වී තිබෙනවා. මීට අමතරව Bega Valley සහ Eurobodall යන අසල්වැසි ප්‍රාදේශීය නගරද ඉහල අභ්‍යන්තර ජනතා සංක්‍රමණයක් පෙන්නුම් කරනවා.

2024-09-13_13-30-11.png

මෙහිදී වැඩිම ජනගහන වර්ධනයක් පෙන්නුම් කරන ප්‍රාදේශීය නගර 5න් තුනක්ම බටහිර ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා. ඒවා Albany, Bunbury සහ Northam යන ප්‍රාදේශීය නගර වනවා. මෙහිදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Bega Valley ප්‍රාදේශීය නගරය වැඩිම ජනගහන වර්ධනයක් පෙන්නුම් කරන නගර අතර ප්‍රමුඛස්ථානය ලබාගෙන තිබෙනවා.

මෙහිදී ප්‍රාදේශීය ප්‍රදේශ වල ඇති , අඩු වියදම් ජීවන රටාව, මානසික සුවය, ප්‍රජාව සමග ඇති දැඩි එකමුතුව, ස්වභාවික පරිසරය වැනි කාරනා හේතුවෙන් බොහෝ පිරිස් මේ ආකාරයෙන් නගරබද ජීවිතය වෙනුවට ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමුවන බව Regional Australia Institute හි ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ Liz Ritchie පෙන්වා දෙනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now