වෙනත් වීසා එකකින් ඇවිත් ඔස්ට්‍රේලියාව තුලදී Student වීසා එකකට මාරුවීමේ අවස්තාව අහිමිවන වීසා කාණ්ඩ මෙන්න.

H5N1 (1).png

Source: Getty Images

සංචාරක වීසා හෝ වෙනත් වීසා හරහා ඔස්ට්‍රේලියාවට පැමිණ ඉන්පසුව ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ හැකියාවක් ඕස්ට්‍රේලියානු වීසා නීති හරහා ලැබී තිබුණි. කෙසේ උවත් ඕස්ට්‍රේලියානු රජය මේවනවිට මෙම අවස්තාව ලබා නොදීමට නව නීති හඳුන්වා දී තිබේ.


ඕස්ට්‍රේලියානු රජය විවිද වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන අය වෙනත් වීසා වලට මාරුවීම වැලක්වීමට නව නීති ගෙනවිත් තිබේ. මෙහිදී No- Further Stay වීසා කොන්දේසිය නොමැතිව ඔස්ට්‍රේලියාවට සංචාරක වීසා මත පැමිණෙන අය සඳහා මින් පෙර මෙම අවස්තාව හිමි වී ඇත.

මෙය ඕස්ට්‍රේලියානු සංක්‍රමණික නීති පද්ධතියේ පැවති යම් හිඩැසක් ලෙස පැවතියද තවදුරටත් එය එසේ නොවී ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීති පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නීල් (Clare O'Neil) පවසා සිටී.

උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරන සෑම ජාත්‍යන්තර සිසුන් තිදෙනෙකුගෙන් එක අයෙක්ම ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටින කාලය දිගුකරගනීමේ අරමුණින් මිල අඩු විවිද පාටමාලා සඳහා ලියාපදිංචි වනවා
A 2023 report by the Grattan Institute

මෙහිදී ශිෂ්‍ය වීසා වලට අයදුම් කරමින් වීසා කාලය දිගු කර ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටින පිරිසක් බිහිවී ඇති බව අමාත්‍ය වරිය මෙහිදී පැහැදිලි කර සිටියාය. 2023 ජුලි 1 සිට 2024 මැයි මස වනවිට මේ ආකාරයට වෙනත් වීසාමත ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීස සඳහා 36000කට අධික පිරිසක් යොමුවී ඇති බව වාර්තා වේ.

තවද උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරන සෑම ජාත්‍යන්තර සිසුන් තිදෙනෙකුගෙන් එක අයෙක්ම ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටින කාලය දිගුකරගනීමේ අරමුණින් මිල අඩු විවිද පාටමාලා සඳහා ලියාපදිංචි වන බව Grattan ආයතනයේ 2023 වාර්තාවකින් පෙන්වා දී ඇත.

නව නීති වලට අනුව සංචාරක වීසා එනම් Subclas 600, 601 සහ 602 යන වීසා කාණ්ඩ, Subclass 485 වීසා , නාවුක සේවකයින් සඳහා ලැබෙන වීසා මෙන්ම රාජතාන්ත්‍රික කටයුතු සඳහා පැමිණෙන සේවකයින් ඇතුළු වීසා කාණ්ඩ කිහිපයක් සඳහා ඔස්ට්‍රේලියාව තුලදී ශිෂ්‍ය වීසා අයදුම් කිරීමට නොහැකි වනු ඇත.

එම වීසා කාණ්ඩ පහත පරිදි වේ.

මේ ආකාරයට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍යනම් තම මවුරටට ගොස් නැවත වීසා අයදුම් කිරීම සිදුකලයුතු බවට ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කර සිටී.

මෙහිදී 485 වීසා ලාබීන්ටද නැවත ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ අවස්තාව අහිමි වී තිබේ. මෙවැනි අවස්තාවකදී තම ක්ෂේශ්ත්‍රයේ තමාට ඇති රැකියා පළපුරුද්ද යොදා ගනිමින් Employer Sponsored Visa සඳහා යොමුවීම එක විකල්පයක් බව සංක්‍රමණ උපදේශිකා දේශානි දියුනුගලගේ පවසා සිටී. ඕස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය පාලනය කිරීමට ඕස්ට්‍රේලියානු රජය මේ අවස්තාවේදී කටයුතු කලද ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තවත් අවස්ථා උදාවිය හැකි බවද ඇය වැඩිදුරටත් පවසා සිටියා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now