තුන්වන අදියරේ බදු සහනය හරහා බදුගේවන්නන් සඳහා සහන ලබා දී ඇත
කලින් පැවති ලිබරල් සන්ධාන රජය අදියර 3ක් යටතේ ජනතාවගේ ආදායමෙන් අයකෙරෙනා බදු කප්පාදු කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුව තුල සම්මත කොට ගෙන තිබුනා. එම යෝජනා මාලාවේ 3 න වන අදියර මෙම 2024 වසරේ ජූලි 1 දා සිට ඇරඹෙන නව මුල්‍ය වර්ෂය සමඟ ක්‍රියාත්මක වීමට නියමිතයි.
එහෙත් බලයට පත්වුණු වත්මන් ඇල්බනිසි ලේබර් රජය එම තුන් වන අදියර සඳහා සංශෝධන රැගෙන ආවා. එම සංශෝධිත 3 වන අදියරේ බදු කප්පාදුව මෙවර මධ්‍යම රජයේ අයවැයෙන් රැගෙන විත් තිබුණු අතර, එය සැකෙවින් මෙසේයි,
- ඩොලර් 18, 200 ට වඩා අඩු වාර්ෂික වැටුප් තලයේ සිටින අය සාමාන්‍ය පරිදි බදු වලින් නිදහස් බදු වලින් නිදහස්
- ඩොලර් 18,201 - 45,00 අතර වාර්ෂික අදායම ලබන අය 16% ක බදු කප්පාදුවකට යටත් වේ
- ඩොලර් 45, 001 - 135,000 අතර වාර්ෂික අදායම ලබන අය 30% ක බදු කප්පාදුවකට යටත් වේ.
- ඩොලර් 135,001 - 190,000 ක් අතර වාර්ෂික අදායම ලබන අය 37% ක බදු කප්පාදුවකට යටත් වේ.
- ඩොලර් 190,001 සිට ඉහල වාර්ෂික අදායම් ලබන්නන් 45% ක බදු කප්පාදුවකට යටත් වේ.
විදුලි බිල්පත් සඳහා වට්ටම්
සෑම ඕස්ට්‍රේලියානු නිවසකටම ඔවුන්ගේ විදුලි බිල්පත් සඳහා ඩොලර් 300 ක වට්ටමක් ලැබෙනු ඇති අතර සුදුසුකම් සපුරාලන කුඩා ව්‍යාපාර සඳහා ඩොලර් 325 ක වට්ටමක් ලබා දීමට යෝජනා වී තිබේ.
ජූලි මාසයේ සිට, සියළුම නිවාසවල ඔවුන්ගේ විදුලි බිල්පත් සඳහා ඩොලර් 300 ක වට්ටමක් ස්වයංක්‍රීයව එකතු වීමක් සිදුවේ. මෙය එක කාර්තුවකට ඩොලර් 75 ක් වන ලෙස ලබා දීම සිදුවේ.
මිලියන 1 ක පමණ ව්‍යාපාරවලට ඔවුන්ගේ බිල්පත් වලින් ඩොලර් 325 ක අඩු කිරීමක් ලබන මූල්‍ය වර්ෂය තුළ කාර්තුමය ලෙස ගෙවන වාරික වශයෙන් ලැබෙනු ඇත.
කුලී නිවාස සහනාධාර
පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී නිවාස ආධාර දීමනාව මෙම මස සැප්තැම්බර් මාසයේ සිට 10%කින් ඉහල යනු ඇත. මේ අනුව උපරිම කුලී නිවාස දීමනා ව ලබන මිලියනයකට පමණ මේ හරහා සහන සැලසේ.
කුලී ආධාර ලබන තනි පුද්ගලයෙකු සඳහා දැනට උපරිම ගෙවීම දෙසතියකට ඩොලර් 188.20 ක් වන අතර නිවසක කාමර වශයෙන් කුලියට සිටින තනි තනි පුද්ගලයකු සඳහා ඩොලර් 125.47 කි. මේ අනුව තනි පුද්ගලයකු සඳහා ගෙවීම දෙසතියකට ඩොලර් 19 කින් පමණ වැඩි වේ.
සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය
රජයේ Pharmaceutical Benefit Scheme (PBS) හරහා රෝගීන්ට සහන ලබාදීමට අයවැයෙන් තීරණය කර තිබේ. මෙහිදී බෙහෙත් වර්ග සඳහා රෝගීන් විසින් ගෙවියයුතු වන උපරිම මුදල ඉදිරි වසර සඳහාද ඒ අකාරයෙන්ම පවත්වා ගනීමට තීරණය වී තිබේ.මේ හේතුවෙන් Pharmaceutical Benefit Scheme (PBS) හරහා බෙහෙත් වට්ටෝරුවක් සඳහා ගෙවන උපරිම මුදල ඉදිරි වසර සඳහාද $31.60 වන බව ජිම් චාර්මර්ස් පවසා සිටී.
මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඩොලර් මිලියන 361 වෙන්කිරීමට තීරණය කර තිබේ. මෙහිදී digital තාක්ෂණය හරහා නොමිලයේ මානසික සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙනුවෙන් ඩොලර් මිලියන 588.5ක් වෙන්කිරීමට තීරණය වී තිබේ. මේ හරහා 150000කට පමණ පිරිසකට නොමිලයේ සේවාව ලබා ගැනීමේ හැකියාව පවතී.
කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් ඩොලර් මිලියන 160ක් වෙන්කර තිබේ. ඩොලර් මිලියන 50 කට වඩා වැඩි මුදලක් මාතෘ රැකවරණය සඳහා සහ ඩොලර් මිලියන 49 ක් එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis) වැනි සංකීර්ණ රෝග තත්වයන් සඳහා වැය කිරීමට බලාපොරොත්තු වේ. ගබ්සාවන්ට ලක්වන කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහාද අරමුදල් වෙන්කර තිබේ. Menopause තත්වය ආර්තවහරණය කළමණාකරනය කිරීම පිළිබඳව වන වෘත්තීය සංවර්ධන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වන සෞඛ්‍ය සේවකයින්ට ආධාර කිරීම සඳහා වසර දෙකක් පුරා ඩොලර් මිලියන 1ක් වෙනකොට තිබේ.
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය
Leaving Violence වැඩසටහන දිගුකාලීනව ක්‍රියාත්මක කිරීම සඳහා රජය ඩොලර් බිලියන 1ක් වෙන් කර තිබේ. මීට අමතරව ගෘහස්ත හිංසනයේ වින්දිතයින් වෙනුවෙන් $5000ක දීමනාවක් ලබා දීමද සිදුවේ. මෙම යෝජනා ක්‍රමය පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වූ අතර මීළඟ වසර 5 සඳහා ඩොලර් මිලියන 925.2ක් වෙන්කිරීමට කටයුතු කර තිබේ. පසුගිය රජය යටතේ 2021 වසරේ ආරම්භ වූ මෙම වැඩසටහන හරහා 45000ක් දෙනා සහනාදාර ලබා ගෙන තිබේ
සමහර JOBSEEKER දීමනා
සතියකට පැය 14ක් හෝ ඊට අඩු පැය ගණනක් වැඩකරන අයට දෙසතියකට වරක් ලබාදෙන Jobseeker දීමනාව බලශක්ති දීමනා අතිරේකය සමගින් $55කින් ඉහල යාමක් සිදු වේ.
මේ හරහා 5000ක් පමණ දෙනා නව දීමනා වැඩිවීම හරහා ප්‍රතිලාබ ලබනු ඇතිබවට බලාපොරොත්තු වේ.
මාතෘ නිවාඩු
මධ්‍යම රජය හරහා සිදුකරන මාතෘ නිවාඩු ගෙවීම් සඳහා Superannuation දීමනා ගෙවීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේ. මේ හේතුවෙන් කාන්තා හා පිරිමි පුද්ගලයින්ගේ supperannuation ඉතුරුම් ප්‍රමාණයේ ඇති වෙනස්කම් අවම කිරීමට බලාපොරොත්තු වේ. මෙය 2026 වනවිට මාතෘ නිවාඩු ප්‍රමාණය සති 26 දක්වා ඉහල දැමීමේ රජයේ වැඩපිළිවෙලේ එක කොටසක් වේ.
නව නිවාස ඉදිකිරීම්
නව සාමාජීය නිවාස ඉදිකිරීම සහ නිවාස නොමැති ය සඳහා සේවා සැපයීම සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි වෙනුවෙන් ඉදිරි වසර 5 තුල ඩොලර් මිලියන 423ක් වය කිරීමට මධ්‍යම රජය බලාපොරත්තු වේ. නිවාස සැපයුම ඉහළ නැංවීම සඳහා රජය තවත් ඩොලර් බිලියන 1ක් ප්‍රාන්ත සහ ටෙරිටරි වෙත ලබා දීමට කටයුතු කර තිබේ.
විශ්‍රාමික වැටුප් ලබන්නන්
විශ්‍රාමික වැටුප් ලබන්නන් සහ concession කාඩ්පත් හිමියන් PBS හරහා බෙහෙත් සඳහා ගෙවන මුදල් ප්‍රමාණය අවුරුදු පහක් සඳහා පවතින මට්ටමේම පවත්වා ගැනීමට තීරණය වී තිබේ. මේ නිසා කිසිදු විශ්‍රාමිකයෙකු හෝ concession කාඩ්පත් හිමියෙකු අවශ්‍ය ඖෂධ සඳහා ඩොලර් 7.70 කට වඩා ගෙවීමට සිදුවන්නේ නෑ
ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ ශ්‍රමිකයින් පුහුණුව
ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ කම්කරුවන් පුහුණු කිරීම සඳහා අමතර ගාස්තු රහිත TAFE සහ VET පාඨමාලා ස්ථාන 20,000ක් සඳහා ඩොලර් මිලියන 89ක් වෙන්කර තිබේ. මේ අතර ගාස්තු රහිත විශ්ව විද්යාල පාඨමාලා සඳහා තවත් ඩොලර් මිලියන 350ක් වෙන් කිරීමට තීරණය වී තිබේ.
ප්‍රවාහන හා යටිතල පහසුකම්
ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන ක්ෂේශ්ත්‍රයේ පුළුල් කිරීම් වෙනුවෙන් මුදල් වෙන්කිරීමට කටයුතු කර තිබේ. සන්ෂයින් කෝස්ට් සහ බ්‍රිස්බේන් අතර දුම්රිය සම්බන්ධතාවයක් සඳහා අරමුදල් වෙන්කිරීමට කටයුතු කර තිබේ. ගුවන් තොටුපළ ඇතුළු බටහිර සිඩ්නි හි ව්‍යාපෘති සහ අනෙකුත් මාර්ග සහ දුම්රිය ව්‍යාපෘති, කැන්බරා හි සැහැල්ලු දුම්රිය පුළුල් කිරීම, වික්ටෝරියාවේ මාර්ග ව්‍යාපෘති සහ බටහිර ඕස්ට්‍රේලියාවේ Metronet rail signalling වැඩසටහන ඇතුළුව රට පුරා ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 1.9 ක් වෙන්කර තිබේ.
අයවැයෙන් සහන නොලැබී ඇති ක්ෂේශ්ත්‍ර මොනවාද?
Job Seeker දීමනාව
පවතින ජීවන වියදම් අර්බුධය හමුවේ මෙම දීමනා වැඩිකිරීමට බොහෝ ඉල්ලීම් ලැබී තිබුනද මෙම අයවැය හරහා ඒ සඳහා මුදල් වෙන්කිරීමක් සිදු නොවේ.
අන්තර්ජාතික සිසුන් සඳහා සෘජුව බලපාන යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් වී තිබෙනවා
අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වලට සීමා පැනවීමක් සිදුවේ. මෙහිදී එම සීමාව ඉහල දමීමටනම් සිසුන් හට ශිෂ්‍ය නවාතැන් පහසුකම් ඉදිකරදීමට විශ්වවිද්‍යාල වලට සිදුවේ. මේ අතර උසස් අධ්‍යාපන සිසුන්ට තම අධ්‍යාපන ආයතනයේ පරිපාලන ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට කිරීමට ඉඩ සැලසීම සඳහා නව ජාතික ශිෂ්‍ය ඔම්බුඩ්ස්මන් සේවාවක් 2025 පෙබරවාරි 1 දින සිට ආරම්භ කිරීමට නියමිත වී තිබේ.
රාජ්‍ය සේවයට අදාළ කොන්තරාත් සේවකයින්ටත් කිසිදු සහනයක් මෙවර අයවැයෙන් හිමිවෙලා නෑ
කොන්ත්‍රාත් පදනම මත සේවයට ගෙන ඇති උපදේශක වරුන්, කොන්ත්‍රාත් සමාගම් සහ කොන්ට්‍රආත්පදානම මත සේවකයින් සපයන ආයතන ප්‍රමාණය අවම කිරීම රජය පියවර ගෙන තිබෙනවා ඒ හරහා රාජ්‍ය වියදම් අවම කිරීමට අයවැයෙන් යෝජනා වී තිබේ.