ආහාර නිසා ඔබට ඇතිවිය හැකි ආසාත්මිකතා වැළැක්වීමට ඔස්ට්‍රේලියාවේ අහාර ඇසුරුම් වල තොරතුරු සඳහන් කරන්නේ මෙහෙමයි

GettyImages-2202444629.jpg

It's important that you tell the restaurant staff that you have a food allergy

ඕස්ට්‍රේලියාවේ ඉන්න ජනතාව අතරේ ආහාර ආසාත්මිකතා ඉතාම ඉහල මට්ටමක තියෙනව කියල ඔබ දැනගෙන හිටියද? වර්තමාන ඕස්ට්‍රේලියානු සමාජය හැදිලා තියෙන්නේ විවිධ සංස්කෘතීන්ට අයත් ජනතාවගේ එකමුතුවකින්. ඉතින් මේ පිරිස් තමන්ගේ ආහාර භාවිතාව විවිධාකාරයෙන් සිදුකරනවා. ආගමික හේතූන් වගේම සංස්කෘතික බලපෑම් නිසා විවිධාකාර ආහාර රටාවන්ගෙන් ඕස්ට්‍රේලියානු සමාජය පිරිලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේදී නිසි අයුරින් ආහාර තෝරා බේරා ගන්නේ කොහොමද, අහාර ඇසුරුම් වල දක්වල තියෙන තොරතුරු නිසියාකාරව හඳුනාගන්නේ කොහොමද වගේ කාරනා අද Australia explained විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


ආහාර ගැනීමේදී විවිධ පිරිස් විවිධ හේතු මත ඒවායේ අඩංගු දෑ පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඇතැමුන් අගාමික හේතුන් මත ඇතැම් ආහාර වලින් වැළකෙනවා. ඇතැම් පිරිස් තමන්ට ඇති විවිධ ආසාත්මිකතා නිසා ආහාරවල අඩංගු දෑ ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. විශේෂයෙන්ම අහාර ආසාත්මිකතා ඇති අය ඒ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් කාරණයක් වනවා. ඕස්ට්‍රේලියාවේ සෑම ළමුන් 10 දෙනෙකුගෙන් එක් ළමයකුට ආහාර ආසාත්මිකතා තියෙනවා කියල වාර්තා වෙනවා. මින් බොහෝ පිරිසකට බිත්තර ආහාරයට ගැනීමට නොහැකි තත්වයක් ඇතිවෙලා කියලා දැනගන්නට ලැබෙනවා. වැඩිහිටි සෑම ඕස්ට්‍රේලියානුවන් 50දෙනෙකුගෙන් එක් අයෙකුට ආහාර ආසාත්මිකතාවක් තියෙන බවට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ නිසා ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන බොහෝදෙනෙක් ආහාර අසුරන වල ඇති ලේබල නිවැරදිව කියවන එක නුවණට හුරු කාරණයක් වෙනවා.

මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න මේ 'Australia Explained' විශේෂාංගයට සවන් දෙන්න

GettyImages-2161809042.jpg
Cereals that contain gluten—so wheat, rye, barley and oats—must also be listed on the label to advise those with Coeliac disease and gluten intolerance.

වෙළඳපොලේ මිලදී ගන්න තියෙන ආහාරවල අඩංගු දෑ පිළිබඳව පාරිභෝගිකයින්ට ඉතා පහසුවෙන් සහ නිවැරදිව කියවා දැනගන්න සරල ඉංග්‍රීසි බසින් අහාර වල අඩංගු දෑ ලේබලයේ සඳහන් කලයුතු වනවා. Food Standards Australia New Zealand ආයතනය මෙය අනිවාර්ය කරන්න කටයුතු කරලා තියෙන බව ආහාර ආසාත්මිකතා පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත ඕස්ට්‍රේලියාවේ පෝෂණ වේදිනියක වන Ingrid Roche පවසනවා.

මෙහිදී බොහෝ දෙනෙකුට ආහාර ආසාත්මිකතා ඇතිකළ හැකි බිත්තර, රටකජු, එළකිරි වැනි අමුද්‍රව්‍ය අඩංගුනම් එවැනි දෑ සරල ඉංග්‍රීසි බසින් පැහැදිලිව සඳහන් කලයුතු වනවා. මෙහිදී මෙම ද්‍රව්‍ය වල නම් තද අකුරුවලින් හොඳින් කැපී පෙනෙන ලෙස ලේබලයේ පහසුවෙන් බලාගත හැකි ස්ථානයක සඳහන් කලයුතු වෙනවා

මීට අමතරව ආමන්ඩ්, හේසල්නට් සහ මැකඩේමියා වගේ ඇට වර්ග බොහෝ විට වෙනම සඳහන් කරලා තියෙනවා අපිට දක්නට ලැබෙනවා. මෙවැනි ආහාර හේතුවෙන් ආසාත්මිකතා ඇතිවන අයට ඒ ගැන පහසුවෙන් දැනුවත් වෙන්න මේ ආකාරයට අමුද්‍රව්‍ය සඳහන් කිරීමක් කරනවා. මේ ආකාරයටම යම් ආහාරයක ඉස්සන්, කකුළුවන් සහ වෙනත් මස්වර්ග ඇතුලත් කරලා තියෙනවනම් ඒවගේ අවස්ථාවලත් වෙනම එම අමුද්‍රව්‍ය සඳහන් කිරීමක් කරනවා. තිරිඟුපිටි බාර්ලි වැනි අහාර නිෂ්පාදනයේදී භාවිතා කරන ග්ලුටන් ප්‍රෝටීනය භාවිතා කරලා තියෙනවනම් එවැනි දෑ පිළිබඳවත් සඳහන් කර තිබීම අවශ්‍ය වනවා.

ඒවගේම බහුල වශයෙන් ආසාත්මිකතා මතුකරන අමුද්‍රව්‍ය අදාළ ආහාරය නිෂ්පාදනය තුල ඇතිබව වෙනම සඳහන් කිරීමත් අවශ්‍ය වෙනවා.

Young People Eating Together
Halal dining can be more challenging than shopping for halal products, and businesses are sometimes reluctant to display the Halal logo on their premises. Credit: FreshSplash/Getty Images

ආසාත්මිකතාවලට අමතරව ආහාරවල අඩංගු අමුද්‍රව්‍ය ගැන තවත් හේතු නිසා බොහෝ දෙනා සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම ආගමික සහ සංස්කෘතික හේතූන් මෙහිදී බලපානවා. යුදෙව් ජාතිකයින්ගේ කෝෂර් (Kosher) අහාර රටාව වගේම මුස්ලිම් ජාතිකයින්ගේ හලාල් සහතිකය පිළිබඳව ඔබ දැනුවත් වෙලා ඇති. යුදෙව් ජාතිකයින් ආහාර මිලදී ගැනීමේදී මේ කෝෂර් සහතිකය ඇත්දැයි සොයා බලනවා. මේ නිසා ආගමික ඉගැන්වීම් වලට අනුව අහාරගනීමට සුදුසු අමුද්‍රව්‍ය වලින් එම ආහාර නිපදවා තිබෙන බවට ඔවුනට සහතික කරගන්න ලැබෙන බව Kosher Australia ආයතනයේ අලෙවිකරණ සහ සැපයුම් අංශ ප්‍රධානී ශොෂ් ලන්ඩෝව් පවසනවා.

ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 3%ක් පමණ දෙනා හලාල් (Halal)ආහාර භාවිතාව සිදුකරනවා. හලාල් සහතිකය නිසි බලධාරියකු විසින් ලබාදී ඇත්දැයි අහාර මිලදී ගනීම්දී හොඳින් පරීක්ෂා කරන්න කියල හලාල් ඕස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ආචාර්ය මුහම්මද් ඛාන් පවසනවා. කෙසේ උවත් හලාල් සහතික කිරීමට විරෝධී ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ඇතැම් වැඩසටහන් නිසා ඇතැම් ව්‍යාපාර මෙම ලේබලය ඇලවීම ප්‍රතික්ෂේප කරන බව ඔහු පවසනවා.

Allergenic foods in bowls
Allergenic foods in bowls, still life. Credit: SCIENCE PHOTO LIBRARY/Getty Images/Science Photo Libra

අහාර මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් වෙනවා වගේම අවන්හල් වලින් ආහාර ලබාගන්නා විටත් ඔබ එම ආහාර වල අඩංගු අමුද්‍රව්‍ය ගැන සැලකිලිමත් වීම වැදගත් වනවා. විශේෂයෙන්ම ඔබට යම් ආසාත්මිකතාවක් තිබෙනවානම් ඒ ගැන අදාළ අවන්හල් සේවකයින්ට කලින් දන්වා සිටීම ඉතාම වැදගත් කියල Ingrid Roche පවසනවා.

ආසාත්මිකතා ඇති අයට එම ආහාර සඳහන් කෙරෙන කාඩ්පතක් Allergy & Anaphylaxis Australia ආයතනය හඳුන්වල දීල තියෙනවා. මේ කාර්ඩ් පතේ ඔබට ඇති ආසාත්මිකතා සඳහන් කරලා තියෙනවා. 'Chef card' ලෙස හඳුන්වන මේ කාඩ් පත අවන්හල්වලින් ආහාර ලබාගන්න අවස්ථාවේ එහි සේවකයින්ට ඉදිරිපත් කරන්න ඔබට මේ අනුව හැකියාව ලැබෙනවා

ඔබට යම් ආහාර ආසාත්මිකතාවක් තියෙනවනම් අවන්හලකට යනවිට කාර්ය බහුල නොවන වෙලාවක යාමෙන් ඔබට පහසුවෙන් ඔබේ අවශ්‍යතාවයන් අදාළ කාර්ය මණ්ඩලය සමග බෙදා හදා ගන්න පුළුවන් කියල Ingrid Roche පවසනවා. ඒ වගේම තමන් යන අවන්හල ඉතා හොඳින් තෝරා බේරා ගන්නත්, අවන්හල් වලින් ආහාර ඇනවුම් කරන විට අමුද්‍රව්‍ය ප්‍රමාණය අඩු සරල ආහාර ගන්නත් වගබලාගන්න කියල ඇය උපදෙස් දෙනවා. ඒ වගේම ඔබ මෙවැනි අවන්හල් වලට යන සෑම අවස්ථාවකදීම ආහාර විෂවීමකදී ඔබ ලබාගන්නා ඖෂධ ළඟ තබා ගන්න කියලත් ඇය උපදෙස් දෙනවා.

ඉතින් අසාත්මික තාවයක් හෝ ආගමික හේතූන් මත හෝ, කුමන හේතුවක් මත අහාර වල අඩංගු අමුද්‍රව්‍ය ගැන ඔබ සැලකිලිමත් වෙනවානම් ඒ පිළිබඳව ඔබ විසින්ම ඉතා හොඳින් විමර්ශනය කර නිසි අහාර තෝරා බේරා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.

————————————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now