Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

එක්වරම විශාල ලෙස වැඩිවූ ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්පත්‍ර ගාස්තුව පිලිබඳ විස්තරය මෙන්න

New Visa Fee.png

Source: Getty Images

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයදුම්පත්‍ර ගාස්තුව හදිසියේම ඉහලදමීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ. කිසිදු පෙර දැනුම්දීමකින් තොරව එක්වරම ඉතා විශාල අගයකින් අයදුම්පත්‍ර ගාස්තු ඉහලදමීමට රජය කටයුතු කර ඇත.


Published

Updated

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයදුම්පත්‍ර ගාස්තුව හදිසියේම ඉහලදමීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ. කිසිදු පෙර දැනුම්දීමකින් තොරව එක්වරම ඉතා විශාල අගයකින් අයදුම්පත්‍ර ගාස්තු ඉහලදමීමට රජය කටයුතු කර ඇත.


ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයදුම්පත්‍ර ගාස්තුව ඊයේ දිනයේදී ඉතා විශාල ප්‍රමාණයකින් ඉහල දැමීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර ඇත. මින් පෙර පැවති ශිෂ්‍ය වීසා අයදුම්පත්‍ර ගාස්තුව $710ක් විය. එක් රයකින් එම ගාස්තුව $1600 දක්වා ඉහල දැමීමට රජය කටයුතු කර ඇත. $890 කින් ශිෂ්‍ය වීසා ගාස්තු ඉහල දැමීමට ගත් රජයේ මෙම තීරණය ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නීල් මහත්මිය ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කලාය.

ඔස්ට්‍රේලියාව තුල පැවති ඉහල ගුණාත්මක අධ්‍යාපන ක්‍රමය නැවත ස්ථාපනය කිරීමටත්, ඔස්ට්‍රේලියාවට ගැලපෙන නව සංක්‍රමණ වැඩපිළිවෙලක් ඇතිකිරීමටත් මෙම නව වෙනස්කම් තුලින් රජය අපේක්ෂා කරනවා
Clare O'Neil - Home Affairs Minister

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින අධික නිවාස අර්බුධය විසදීමට රජයේ අලුත්ම ක්‍රියාමාර්ගය ලෙස මෙය හැඳින්වීම නිවැරදි වේ.

මෙම අයදුම්පත්‍ර ගාස්තු ඉහල දැමීමත් සමග ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයදුම්පත්‍ර ගාස්තුව ඇමරිකාව සහ කැනඩාවට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගෙන ඇත. ඇමරිකාවේ වීසා අයදුම් කිරීමට $185ක් සහ කැනඩාවේ වීසා අයදුම් කිරීමට $110ක් පමණ මුදලක් වැයවේ.

කෙසේ උවත් අධ්‍යාපනය යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රධානත,අ අදායම් මාර්ග වලින් එකක් වන අතර 2022 සහ 2023 වසරවල එහි වටිනාකම ඩොලර් බිලියන 36.4 ක් බව වාර්තාවේ.

මෙහිදී ඔස්ට්‍රේලියාව තුල පැවති ඉහල ගුණාත්මක අධ්‍යාපන ක්‍රමය නැවත ස්ථාපනය කිරීමටත්, ඔස්ට්‍රේලියාවට ගැලපෙන නව සංක්‍රමණ වැඩපිළිවෙලක් ඇතිකිරීමටත් මෙම නව වෙනස්කම් හේතු වනු ඇති බවට ස්වදේශ කටයුතු අමාත්‍යවරිය පවසා සිටියා.

2023 වසරේ නිකුත් වූ දත්ත වලට අනුව ඕස්ට්‍රේලියාවේ සන්කරමනිකයින්ගේ වැඩිවීම 60%ක් පමණ වී ඇත. මේ අනුව 2023 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරක කාලය තුල ඔස්ට්‍රේලියාව තුල ජනගහනය 548000කින් ඉහල ගොස් තිබේ.

මේ අනුව ශිෂ්‍ය වීසා වලට මාරු වෙමින් ඔස්ට්‍රේලියාව තුල දිගු කලක් රැඳී සිටීම වැලක්වීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now