Sex ගැන ඕස්ට්‍රේලියාවේ තරුණ තරුණයින් දරණ ආකල්ප ගැන තොරතුරු මෙන්න.

2024-08-20_14-46-48.png

Source: Getty, SBS

ඔස්ට්‍රේලියාවේ ජීවත්වන කාන්තාවන් සහ පිරිමින් ලිංගිකත්වය පිලිබඳ දක්වන ආකල්ප පිළිබඳව නව වාර්තාවක් නිකුත් වී තිබෙනවා. වසර දෙකක් පුරාවට සිදුකෙරුණු මෙම අධ්‍යයනය හරහා අවුරුදු 18ත් 28ත් අතර පිරිමින් සහ කාන්තාවන් 3300ක් පමණ සමීක්ෂණය කර තිබෙනවා.


Young Women's Alliance සංවිධානය විසින් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කාන්තාවන් සහ පිරිමින් ලිංගිකත්වය සම්බන්දයෙන් දක්වන ආකල්ප වල විෂමතා පිලිබඳ ඉතා වැදගත් වාර්තාවක් එලි දක්වා තිබෙනවා.

වසර දෙකක් පුරාවට 3300ක් පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු මෙම සමීක්ෂණය හරහා ඕස්ට්‍රේලියාවේ තරුණ කාන්තා සහ පිරිමි පුද්ගලයින් ලිංගිකත්වය සහ ලිංගික ක්‍රියාකාරකම් සම්බන්දයෙන් තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. මෙහිදී මෙම ආකාල්ප හරහා කාන්තා හිංසනය මෙන්ම ආදර සබඳතා සඳහා ඇතිවන බලපෑම සම්බන්දයෙන් කරුණු හෙළිදරව් කරගැනීමක් සිදුවී තිබෙනවා.

ලිංගික ක්‍රියාකාරකම් සම්බන්දයෙන් පිරිමින් සහ කාන්තාවන් දරන ආකල්ප විමසා බැලීම මෙම සමීක්ෂණය හරහා සිදුවී තිබෙනවා.

සමීක්ෂණයට සහභාගී වූ තරුණ පිරිමි පුද්ගලයින් ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන ආකල්පය

ලිංගික ක්‍රියාකාරකම් යනු ශාරීරික ක්‍රියාකාරකම් පමණක් වනබවට බොහෝ තරුණ පිරිමින් මත පල කර තිබෙනවා. ලිංගික ක්‍රියාකාරකම් වලදී බොහෝ තරුණ පිරිමි පුද්ගලයින් සංවේදී හැඟීම් සහ ආදර සබඳතාවක ඇති වැදගත්කමට අඩු ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා. මීට අමතරව ලිගිකත්වය වැනි කාරනා වලදී එකිනෙකාගේ කැමැත්තට ඉඩදීම වැනි කාරනා සම්බන්දයෙන් අඩු ප්‍රමුඛතාවයක් ලබාදීමට ඕස්ට්‍රේලියානු පිරිමින් වැඩි වශයෙන් කටයුතු කරන බව වාර්තාවේ.

සමීක්ෂණයට සහභාගී වූ කාන්තාවන් ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන ආකල්පය

මෙහිදී බොහෝ කාන්තාවන් ලිංගිකත්වය සහ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව පිරිමින්ට වඩා වෙනස් ආකල්පයක් දරන බව හෙළිවී තිබෙනවා. කාන්තාවන් බොහෝ විට ලිංගික ක්‍රියාකාරකම් වලදී හැගීම් සහ එකිනෙකා කෙරෙහි ආදරණීය වීම කෙරෙහි වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙනවා. මේ අතර ලිංගික ක්‍රියාකාරකම් වලදී බොහෝ අවස්ථාවල තම හැඟීම් නොසලකා හැරීමක් සිදුවන බවත් අනාරක්ෂිත හැඟීම් බොහෝවිට ඇතිවන බවත් බොහෝ කාන්තාවන් මෙම සමීක්ෂණයේදී තොරතුරු හෙළිකර තිබෙනවා.

  • ස්ත්‍රී පුරුෂ සබඳතා වල ඇති ව්‍යාකූලත්වය: සෑම තරුණ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම සැලකිය යුතු කාන්තා හිංසනයක් සහ ආදර සබඳතා තුල විවිද පීඩාවන් අත්විඳින බව වාර්තා වේ.

  • ලිංගික අතවර පිළිබඳ සංජානනය: සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම කාන්තා හිංසනය තම ජීවිතයේ "නොවැළැක්විය හැකි" දෙයක් ලෙස දකිමින්, ඒ සම්බන්ද දැඩි බියක් දක්වන බව ප්‍රකාශ කර ඇත.

මෙම වාර්තාව ලිංගිකත්වය සහ මිනිස් සබඳතා පිළිබඳව තරුණ ජනතාව තුල දැනුම වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටිනවා. මේ අනුව,
  • ලිංගිකත්වය සහ ආදර සබඳතා වලදී එකිනෙකාට ගරුකිරීම සහ අන්‍ය අදහස් සහ හැඟීම් වලට ගරු කිරීමට තරුණ පිරිස් හුරුකිරීමට අවශ්‍ය බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.

  • ලිංගිකත්වය පිළිබඳව දරන වෙනස් මත අධ්‍යයනය හරහා තරුණ පිරිස් සඳහා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට අවස්තාව උදාවන බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.
********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************
  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service