Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලොව වේගවත්ම අන්තර්ජාල සබඳතා ඇති රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමි ස්ථානය මෙන්න

H5N1 (9).png

Credit: Trevor Williams/Getty Images

ලොව වේගවත්ම අන්තර්ජාල සම්බන්දතාව පිලිබඳව වාර්තාවක් පිහිටුවීමට ජපාන පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. මෙය ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල වේගයට වඩා මිලියන 6 ගුණයක් පමණ වේගවත් බව වාර්තා වේ.


Published

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ලොව වේගවත්ම අන්තර්ජාල සම්බන්දතාව පිලිබඳව වාර්තාවක් පිහිටුවීමට ජපාන පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. මෙය ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල වේගයට වඩා මිලියන 6 ගුණයක් පමණ වේගවත් බව වාර්තා වේ.


ජපානයේ තොරතුරු තාක්ෂනය සහ සන්නිවේදනය පිලිබඳ ජාතික අධ්‍යයන ආයතනයේ පර්යේෂකයින් පිරිසක් මෙම නව වාර්තාව පිහිටුවීමට සමත් වී ඇත. ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව තත්පරයට ටෙරා බයිට් 402ක වේගයක් ලබා ගැනීමට මෙම පර්යේෂකයින් සමත්වී තිබේ. මේ අනුව 2023 දී ඔවුන් විසින් තැබූ ටෙරාබයිට් 321ක ඔවුන්ගේම වාර්තාව බිඳහෙලීමට ඔවුන් සමත් වී ඇත. මෙවැනි වේගයක් හරහා එක තත්පරයකදී චිත්‍රපට 12500ක් පමණ බාගත කරගැනීමේ හැකියාව පවතින බව පර්යේෂකයින් පවසයි.

ඕස්ට්‍රේලියාවේ නිවාස සඳහා ලබාදෙන සාමාන්‍ය අන්තර්ජාල වේගය තත්පරයට මෙගාබයිට් 66.58 ක් වනවා. (66.58 Mb/s). ලොව අනෙකුත් රටවල අන්තර්ජාල සබඳතාවල වේගයේ සාමාන්‍ය තත්පරයට මෙගාබයිට් 93.93ක් (93.93 Mb/s) ලෙස සටහන්වේ.

වර්තමානයේ භාවිතාවන optical fibre තාක්ෂනය යොදාගෙන මෙවැනි ඉතා විශාල වේගයක් ලබාගැනීම සිදු උවද මෙය විද්‍යාගාර තත්වයන් තුල වාර්තා වූ වේගයක් වේ. මේ හේතුවෙන් මෙවැනි වේගයක් සාමාන්‍ය ජනතාවගේ භාවිතාව සඳහා පැමිණීමට තවත් බොහෝ කලක් ගතවනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ඕස්ට්‍රේලියාවේ නිවාස සඳහා ලබාදෙන සාමාන්‍ය අන්තර්ජාල වේගය තත්පරයට මෙගාබයිට් 66.58 ක් වනවා. (66.58 Mb/s). ලොව අනෙකුත් රටවල අන්තර්ජාල සබඳතාවල වේගයේ සාමාන්‍ය තත්පරයට මෙගාබයිට් 93.93ක් (93.93 Mb/s) ලෙස සටහන්වේ. මේ අනුව ලොව අනෙකුත් රටවල් හා සසඳන විට ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල වේගය ඉතා අඩු මට්ටමක පවතින බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ නිවෙස් වෙත ලබාදෙන අන්තර්ජාල වේග ලොව අනෙකිත් රටවල් සමග සංසන්දනය කිරීමේදී ඔස්ට්‍රේලියාවට 82වෙනි ස්ථානය හිමිවී ඇත.

වේගවත්ම අන්තර්ජාල සබඳතා ඇති රට ලෙස සිංගප්පූරුව සැලකෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව දෙවැනි තැනට පත්වී ඇත.

2024-08-02_16-20-05.png

ජංගම දුරකථන අන්තර්ජාල සබඳතා වල වේගය අනුව ඔස්ට්‍රේලියාව ලොව අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී ඉදිරියෙන් සිටී. මෙහිදී ලොව පුරා රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට 22වැනි ස්ථානය හිමිවී තිබේ. ඕස්ට්‍රේලියාවේ ජංගම දුරකථන අන්තර්ජාල සම්බන්දතා වල සාමාන්‍ය වේගය තත්පරයට මෙගාබයිට් 94.28ක් ලෙස වාර්තා වේ. මෙහිදී ලොව අංක 1 ස්ථානය ලබා ගැනීමට කටාර් රාජ්‍යය සමත් වී ඇත. මෙහිදීද ලොව දෙවැනි ස්ථානය ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්වී ඇත.

2024-08-02_16-19-26.png

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now