ජූලි 1 සිට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අයදුම්කිරීමේ ගාස්තු ඉහල යන ආකාරය මෙන්න.

Citizenship.png

Source: Getty Images

ජුලි පළවෙනිදා සිට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම් පත් ගාස්තු ඉහලදමා තිබේඑක් එක් කාණ්ඩ සඳහා නව අයදුම්පත් ගාස්තු සහ පුරවැසි භාවය අයදුම් කිරීමේදී සහා ගාතු යටතේ අයදුම් කළහැකි අය පිළිබඳව තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.


ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත්‍ර ගාස්තුව මේ වසරේ ජූලි පළමු වනදා සිට ඉහල දමා ඇත. සෑම වසරකම අයදුම් පත්‍ර පරීක්ෂාව සඳහා වැයවන ගාස්තු සම්බන්දයෙන් සලකාබලීමක් සිදුකරන අතර එහිදී ගාස්තු වැඩිකිරීම පිළිබඳව තීරණයක් ගැනීම සිදුවේ.

2024 ජූලි පළමු වනදා සිට සිට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලැබෙන සෑම අයදුම් පතක් සඳහා මෙම නව ගාස්තු අයකිරීම බලපානු ඇත.

මෙහිදී ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගන්නා ආකාරය අනුව අයදුම්පත්‍ර ගාස්තුව පහත පරිදි වේ.

සාමාන්‍ය සුදුසුකම් යටතේ පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත්‍රය (අයදුම්පත්‍ර අංකය 1300t )

සාමාන්‍ය ගාස්තුව : $560

සහන ගාස්තුව (Concession fee) : $80

මෙහිදී වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ගාස්තු ය කිරීමක් සිදු නොවේ.

විශේෂ අවස්ථා යටතේ පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම් පත්‍රය (අයදුම්පත්‍ර අංකය 1290)

සාමාන්‍ය ගාස්තුව : $345

සහන ගාස්තුව (Concession fee) : $40

මෙහිදී වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොවේ.

 

දෙමාපිය උරුමයෙන් පුරවැසිභාවය ලැබීමේ අයදුම්පත්‍රය (අයදුම්පත්‍ර අංක 118)

සාමාන්‍ය ගාස්තුව (පළමු දරුවා සඳහා) : $360

අනෙකුත් දරුවන් සඳහා (Concession fee) : $150

මෙහිදී වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ගාස්තු ය කිරීමක් සිදු නොවේ.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමේ අයදුම් පත්‍ර ගාස්තුව $300

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය නැවත ලබාගැනීමේ අයදුම්පත්‍ර ගාස්තුව $240

සාමාන්‍ය තැපෑල හරහා යොමුකරන අයදුම්පත්‍ර සඳහා අයදුම්පත්‍රය ස්වදේශකටයුතු දෙපාර්තමේන්තුවට ලැබෙන දිනය අනුව නව ගාස්තු අයකිරීම සිදුවේ. මෙහිදී ඔබ ජුලි පළමු වෙනිදාට ප්‍රථමයෙන් අයදුම්පත යොමුකලද එය දෙපාර්තමේන්තුවට ලැබෙන දිනය ජුලි පළමු වෙනිදා හෝ ඉන් පසු දිනයක් උවහොත් ඔබට නව ගාස්තු ගෙවීමට සිදුවේ. එම නව ගාස්තු ගෙවීම සිදුවනතුරු අයදුම්පත සලකාබලීමක් සිදු නොකරයි. මෙහිදී තැපැල් මාර්ගයෙන් අයදුම්පත්‍රය දෙපාර්තමේන්තුවට ලැබීමට ගතවන කාලය සලකා බැලීම ඉතා වැදගත් වේ.

අන්තර්ජාලය හරහා යොමුකරන අයදුම්පත්‍ර සඳහා වන ගාස්තු ගෙවීම් සිදුකර අවසන්කළ වෙලාව අයදුම්පත්‍ර යොමුකළ වීලාව ලෙස සැලකේ. මේ අනුව ජුලි පාමු වනදා උදාවීමට පෙර ගෙවීම් සිදුකල අයසන්දහා නවගාස්තු අයවීමක් සිදු නොවේ. ලෙසේ උවත් ඔබ ජුලි පළමු වනදාට පෙර ගාස්තු ගෙවා තිබුනද අයදුම්පත යොමුකිරීම සිදු කර ඇත්තේ ජුලි 2වෙදිදායින් පසුවනම් ඔබට නව ගාස්තුව ගෙවීමට සිදුවන අතර එය ඔබගේ immi ගිණුම හරහා ගෙවීමේ අවස්තාව පවතී.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now