ඔස්ට්‍රේලියාවේ ඉන්න අයගේ වයසට අනුව Superannuation ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය ගැන තොරතුරු මෙන්න

2024-08-23_13-23-04.png

Source: SBS News

ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන බොහෝ දෙනෙකුට තමන්ගේ Superannuation ගිණුම සම්බන්දයෙන් අවබෝදයක් තිබෙනවා. කෙසේඋවත් විශ්‍රාම කාලය ගැටලුවකින් තොරව ගත කිරීම සඳහා එක් එක් වයස් සීමා වලදී superannuation ගිණුමේ ඉතුරු කර තිබිය යුතු මුදල් ප්‍රමාණය ගැන බොහෝ දෙනා තුල පවතින්නේ අඩු අවබෝදයක්.


විශ්‍රාම ගැනීම සඳහා සැලසුම් කරන විට, නිවාස ණය ගෙවීම්, ගමන් වියදම් , වෛද්‍ය වියදම් සහ ඔබේ අපේක්ෂිත ජීවන රටාව වැනි සාධක සැලකිල්ලට ගනිමින් ඔබට කොපමණ මුදලක් අවශ්‍ය දැයි තක්සේරු කිරීම වැදගත් වේ. රජයේ Moneysmart වෙබ් අඩවිය ඔබේ විශ්‍රාම ශේෂය ඇස්තමේන්තු කිරීමට උපකාර කිරීම සඳහා ගණනය කිරීමේ අවස්තාව ලබා දී තිබේ.

The Association of Superannuation Funds of Australia (ASFA) සංගමය විශ්‍රාමිකයින්ගේ ජීවන තත්වය වෙනුවෙන් යම් ප්‍රමිති ගත තත්වයක් සඳහන් කර ඇත. ඒ අනුව සාමාන්‍ය ඕස්ට්‍රේලියානුවෙකුට වයස අවුරුදු 67 දී සුවපහසු විශ්‍රාම දිවියක් සඳහා අවශ්‍ය මුදල සඳහන් කර තිබේ. මෙම ගණනය කිරීමේදී විශ්‍රාමිකයාට අර්ධ විශ්‍රාම වැටුපක් ලැබෙනු ඇති බවත්, ඔවුන්ගේ නිවස සම්පූර්ණයෙන්ම අයිති කර ගෙන ඇති බවත්, සාපේක්ෂව සෞඛ්‍ය සම්පන්න බවත් ඔවුන් උපකල්පනාවය කරයි.

මෙහිදී වර්තමානයේ ඔබ තනි පුගලයකුනම් ඔබගේ විශාම ගිණුමේ $595000ස්ක් පැවතිය යුතු අතර විවාහක යුවලකට එම අගය 690000ක් ලෙස සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, මේවා යම් අදහසක් ඔබට ලබා ගැනීමට ඇති ක්‍රමවේද වන අතර, ඔබේ වියදම් පුරුදු සහ ජීවන රටාව පිළිබඳව සිතා බැලීම අත්‍යවශ්‍ය වේ.

Moneysmart Superannuation Calculator වෙත පිවිසීම හරහා කොපමණ මුදලක් superannuation ගිණුමේ අපේක්ෂා කල හැකිද යන්න පිළිබඳව අවබෝදයක් ලබාගැනීමට හැකියාව ලැබේ.
2024-08-23_13-24-33.png
Supperannuation අරමුදලක් තෝරා ගැනීමේදී ඔබේ Superannuation විශ්‍රාම අරමුදලේ ක්‍රියාකාරිත්වය, සේවා යෝජකයාගේ දායකත්වය සහ ආයෝජන විකල්ප සලකා බැලීම ඉතා වැදගත් වේ. සේවා යෝජකයා සඳහන් කරන අරමුදල වෙනුවට සේවකයින් විසින් තෝරාගන්නා Superannuation අරමුදල් වලදී සෑම පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුගේම Superannuation ගිණුම් නිසියාකාරව ආයෝජන ප්‍රතිලාබ ලබා දී නොමැති බව Australian Prudential Regulation Authority (APRA) විසින් සිදු කරන ලද මෑතකාලීන විශ්ලේෂණයකින් පෙන්වා දී තිබෙනවා.

එක් එක් වයස් කාණ්ඩ වල සිටින ඔස්ට්‍රේලියානුවන්ගේ supperannuation ගිණුමේ පවතින ඉතුරුම් සාමාන්‍ය පහත පරිදි වේ.

කාන්තාවන් වයස අවුරුදු

  • 30 -34 - $56,943.
  • 35 -39 - $84,960
  • 40 -44 - $115,896
  • 45 -49 - $146,437
  • 50 -54 - $173,701
  • 55 -59 - $205,787
  • 60-64 - $246,885

පිරිමින් වයස අවුරුදු

  • 30 -34 - $78,546
  • 35 -39 - $125,234
  • 40 -44 - $173,159
  • 45 -49 - $224,161
  • 50 -54 - $274,700
  • 55 -59 - $330,720
  • 60-64 - $322,184
2024-08-23_13-23-50.png

එක Superannuation ගිණුමක් පමණක් පවත්වාගැනීමේ වාසි මොනවාද?

Superannuation ගිණුම් වල ස්ථාවර ගාස්තු ගාස්තු අය කිරීමක් සිදුවනවා. මේ හේතුවෙන් ඔබේ ගිණුමෙන් සේවා ගාස්තු කපා ගැනීමට මෙම ගිණුම් කළමනාකරණය කරන ආයතන කටයුතු කරනවා. මේ නිසා superannuation ගිණුම් කිහිපයක් පවතින විට සෑම ගිනුමකින්ම මුදල් ප්‍රමාණයක් කපා ගැනීමක් සිදුවේ. මෙනිසා ඔබේ ඉතුරුම් ප්‍රමාණය අඩු වී ඔබට ලැබෙන ආයෝජන ප්‍රතිලාබයද අඩුවිය හැක. එක ගිණුමක් පමණක් පවත්වා ගැනීම හරහා ඔබ ගෙවන මෙම අමතර මුදල් ප්‍රමාණය අඩුවන අතර මෙම ගිණුම් හරහා ලබාදෙන රක්ෂනාවරණයන් එක රක්ෂනාවරනයක් බවට පත් වේ. මෙය ඔබගේ MyGove ගිණුම හරහා ඉතා පහසුවෙන් කරගැනීමේ හැකියාව පවතී.මෙහිදී මෙම ගිණුම් මාරුකිරීමෙදී ඔබට පවතින රක්ෂනාවරනයන්ට සහ සේවා යෝජකයා පිරිනමන අරමුදල් පිළිබඳව අවධානය යොමුකිරීමට සැලකිලිමත් විය යුතුයි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විශාමිකයින් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද ?

ඔබ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයකු ලෙස පැමිණි අයෙක් නම් සුව පහසු විශ්‍රාම දිවියක් ගතකිරීමට ඔබේ superannuation අරමුදලට අමතර මුදලක් ගෙවීමට කටයුතු කිරීමට ඔබට සිදුවිය හැකයි. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ අය මෙන් තරුණ අවධියේ සිටම රැකියාවල නිරත නොවන බැවින් ඔවුන් විශ්‍රාම යනවිට ඔවුන්ගේ superannuation ගිණුමේ ශේෂය අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා අඩු විය හැකියි. කෙසේ උවත් ඔස්ට්‍රේලියාව අතහැර වෙනත් රටක පදිංචියට යාමට ඔබ කටයුතු කරන්නේනම් ඔබට කොන්දේසි සහිතව ඔබගේ superannuation මුදල් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු myGov වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.


මෙය superannuation ගිණුම් පිළිබඳව පොදු තොරතුරු විශ්ලේෂණයක් වන අතර superannuation ගිණුම් සම්බන්දව මූල්‍ය උපදේශනයක් මේ හරහා සිදු නොවේ. මේ පිළිබද ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මූල්‍ය උපදේශක වරයකු සම්බන්ද කර ගත යුතුවේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service