ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල තුල පසුගිය කාලයේ නිවාස ණය ලබාගැනීම් ඉහල ගිහිල්ල තියෙන්නේ මෙහෙමයි

2024-09-17_17-41-59.png

Credit: MTStock Studio / Getty Images

ඔස්ට්‍රේලියාව තුල විශාල නිවාස අර්බුදයක් වර්තමානයේ පවතිනවා. පොලී අනුපාත කප්පාදුවක් ළඟදී බලාපොරොත්තු විය නොහැකි තත්වයක්ද වර්තමානයේ පවතිනවා. නිවාස සැපයුමේ ඇති අඩුපාඩු හේතුවෙන් නිවාස මිල ගණන්ද ඉහල මට්ටමක පවතිනවා. මේ අතර නිවාස මිලදී ගැනීම සඳහා ලබාගන්නා නිවාස ණය වල වටිනාකම වාර්තාගත ලෙස ඉහලගොස් ඇති බව වාර්තා වනවා.


හිමිකරු පදිංචිවීම සඳහා නිවාස මිලදී ගැනීමේදී ලබාගන්නා නිවාස ණය මුදලක වටිනාකම වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශ දත්ත හරහා පෙනෙන්නට තිබෙනවා.

පදිංචිවීම සඳහා හිමිකරු විසින් මිලදී ගන්නා නිවාස සඳහා අයදුම් කරන නිවාස ණය වල වටිනාකමේ සාමාන්‍යය 2024 වසරේ ජූලි මාසය වන විට $641,000ක් වී ඇති බව වාර්තා වනවා. 2023 වසරේ ජූලි මාසයේ එම අගය $593,000ක් පමණ වී ඇති බව වාර්තා වනවා. මේ අනුව ලබා ගන්න නිවාස ණයක ප්‍රමාණය 8%කින් ඉහල ගොස් තිබෙනවා.

නිවාස මිලදීගැනීමට බොහෝ දෙනා යම් අසීරු තත්වයකට මුහුණදී සිටියත් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල වෙත ආයෝජකයින් තවමත් ආකර්ෂණය වේ.

හිමිකරු පදිංචිවීම සඳහා අයදුම් කරන නිවාස ණය ප්‍රමාණයේ වටිනාකම සාම ප්‍රාන්තයකම ඉහල ගොස් තිබෙනවා. විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2023 වසරේදී ලබා ගන්නා නිවාස ණය මුදලක සාමාන්‍යය $750000ක් ලෙස සටහන් වූ අතර 2024 ජූලි මාසයේදී එම අගය $780000ක් වී තිබෙනවා.

මෙහිදී නිවසක් සඳහා ලබාගන්නා ණය මුදලේ වටිනාකම ඉහල යාමේ වැඩිම ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයයි. එහිදී පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ නිවාස ණය මුදලේ වටිනාකම 17%කින් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව නිවාස ණය මුදලක ප්‍රමාණය $472,000 සිට $552,000 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මෙම දත්ත වලට අනුව නිවාස ණය මුදලේ වටිනාකම අවම වශයෙන් ඉහලගොස් තිබෙන්නේ ටස්මේනියා ප්‍රාන්තයෙන් වනවා. එම අගය 2.3%ක් වී තිබෙනවා. කෙසේ උවත් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් ACT සහ NT යන ටෙරිටරි සඳහා දත්ත නිකුත් කිරීමක් සිදුකර නොමැති වනවා.

2024-09-17_15-30-09.png

නිවාස මිලදීගැනීමට බොහෝ දෙනා යම් අසීරු තත්වයකට මුහුණදී සිටියත් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල වෙත ආයෝජකයින් තවමත් ආකර්ෂණය වනබව වාර්තා වනවා. මෙහිදී මාස 12කට පෙර තිබූ තත්වයට වඩා ආයෝජන සඳහා නිවාස නය අනුමත වීම 5.4%කින් ඉහල ගොස් තිබෙනවා. පදිංචිය සඳහා ලබා ගංනාඅ නිවාස සඳහා නය අනුමත වීම් 2.9%කින් පමණක් ඉහල ගොස් තිබෙනවා. මීට අමතරව පළමු නිවාස ගැනුම් කරුවන් සඳහා අනුමත වූ ණය ප්‍රමාණය 08%කින් පමණක් ඉහල ගොස් තිබෙනවා.

2024-09-17_15-30-48.png

ආයෝජන සඳහා ලබාගත් නිවාස ණය වල මුළු වටිනාකම 2024 වසරේ ඩොලර් බිලියන $11.7 දක්වා ඉහලගොස් තිබෙනවා. 2023 වසරේදී එම අගය වාර්තා වී තිබුනේ ඩොලර් බිලියන $8.6 ක් ලෙසයි.

2024-09-17_15-31-39.png

මෙහිදී නිවාස වල මිලගණන් ඉහල මට්ටමක පැවතීම මෙන්ම ආයෝජන සඳහා ඉහල නිවාස ණය ප්‍රමාණයක් අනුමත වීම ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉහල ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තුල ඉහල යාමට බලපෑ බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මූල්‍ය අංශ ප්‍රධානී Mish Tan පෙන්වා දෙනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now